සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

සමාජවාදය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපාරයක කොටසක් වශයෙන් ශ්‍රී ලංකාවේ කම්කරු පන්තිය සංවිධානය කිරීමට සමාජවාදී සමානතා පක්ෂය සටන් වදී. සසප අවධාරනයෙන් යුතු ව කියා සිටින්නේ මානව වර්ගයා මුහුන දී සිටින අසමානතාව, සූරා කෑම, යුද්ධය, ආඥාදායකත්වය, සහ පරිසරය විනාශය ආදි සෑම දැවැන්ත ප්‍රශ්නයක් ම විසඳීමට කම්කරු පන්තික රාජ්‍යයක් ස්ථාපිත කිරීම, ආර්ථිකය ප්‍රජාතන්ත්‍රීය පාලනයකට නතු කිරීම, ජාතික රාජ්‍යය පද්ධතිය අහෝසි කිරීම සහ සමාජ සමානතාවයේ මූලධර්මය මත පදනම් වූ ගෝලීය සමාජවාදී සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය කෙරෙන බවයි.

සසප ලෝක සමාජවාදී ව්‍යාපාරය වන හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අංශයකි. ලෝකය පුරා තම සහෝදර ශාඛා සමග සසප කම්කරු පන්තිය තුල සමාජවාදී නායකත්වය ගොඩනැගීමට සටන් වදී. එය කම්කරු පන්තියේ සියලු ම අරගල ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උදෙසා, පංති පීඩනය සහ අසමානතාව නිමා කරන පොදු දේශපාලන අරගලයක් තුල ඒකාබද්ධ කිරීමට සටන් වදී.

හිටපු ජනාධිපති වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම

වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සිදු වූයේ, නැගී එන කම්කරු පන්ති අරගල මගින් අවුලුවන ලදුව, ජවිපෙ/ජාජබ ආන්ඩුවට මුහුන දීමට සිදුව ඇති, තීව්‍ර වන දේශපාලන අර්බුදයක් මධ්‍යයේ ය.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

ශ්‍රී ලංකාවේ චිරකාලීන ට්‍රොට්ස්කිවාදී නායකයෙකු වූ ආනන්ද දවුලගල (1948–2025)

දුඃසාධ්‍ය අසනීපයක් හේතුවෙන් ඔහුගේ වැඩ කටයුතු සීමා කරන තෙක් ම, දවුලගල සිය ජීවිතයේ දශක හතරකට වැඩි කාලයක්, ජාත්‍යන්තර සමාජවාදයේ ට්‍රොට්ස්කිවාදී මූලධර්ම සඳහා අරගලය වෙනුවෙන් කැප කලේය.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

ශ්‍රී ලංකාවේ සසප චිර කාලීන ට්‍රොට්ස්කිවාදියෙකු වූ ආනන්ද දවුලගලට අවසන් බුහුමන් දක්වයි

පක්ෂ සහෝදරවරුන් සහ මිතුරන් අතර “දවුලෙ” යන ආදරනීය නාමයෙන් හැඳින්වුනු දවුලගල, දීර්ඝ කාලීන අසනීපයකින් පසු, අගෝස්තු 13දා නිවසේ දී අභාවප්‍රාප්ත විය; එවිට ඔහුගේ වයස අවුරුදු 77 කි.

අපගේ වාර්තාකරුවන්

සසප අන්තර්ජාල රැස්වීම

වැඩවර්ජිත තැපැල් සේවකයන් ගත යුතු ඉදිරි මග කුමක් ද?

දිනය සහ වේලාව: අගෝස්තු 25 වැනි දා, සඳුදා සවස 7ට
රැස්වීමට ලියාපදිංචි වීමේ සබැඳිය සඳහා මෙම දැන්වීමට පිවිසෙන්න.
සමස්ත කම්කරු පන්තියට ම වැදගත් වන ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට, තැපැල් කම්කරුවන් ඇතුලු සෙසු සියලු ම අංශවල කම්කරුවන්ට, ශිෂ්‍යයන්ට, තරුනයන්ට, බුද්ධිමතුන්ට සහ ග්‍රාමීය ජනතාවට සසප කැඳවුම් කර සිටියි.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)
ක්‍රියා මාර්ගික වැඩසටහන, ඉතිහාසය සහ මූලධර්ම

කම්කරු පන්තියේ දැවෙන අවශ්‍යතාවලින් සමාජවාදී සමානතා පක්ෂයේ ක්‍රියාමාර්ගය ආරම්භ වෙයි. සසප ඉල්ලීම් සහ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්නේ ධනවාදයට “දැරිය හැක්කේ-වියදම් කල හැක්කේ” කොයි පමනකට ද යන්නෙන් නොව, කම්කරු පන්තියටත් අපගේ සංකීර්න ගෝලීය සමාජයටත් ඕන කර ඇත්තේ කොපමනින් ද යන්න මත පදනම් වී ගෙන ය.

සසප ඉදිරිපත් කරන ඉල්ලීම් සමාජවාදී විප්ලවයේ අරමුනුවලින් වෙන් වූ ඒවා නොවේ; සෑම ඉල්ලීමක් ම ඒවායේ ස්වභාවයෙන් ම සංස්ථාපිත ප්‍රභූ පැලැන්තියේ ද්‍රව්‍යමය වුවමනාකම්වලට අභියෝගයක් එල්ල කරයි. තමන්ගේ යුක්ති යුක්ත ඉල්ලීම්වලට සංගතවලත් ධනපති රාජ්‍යයේත් ප්‍රතිරෝධයට ප්‍රතිමුඛ වන කම්කරු ජනතාව සමාජය විප්ලවීය පරිවර්තනයකට ලක් කිරීමේ අවශ්‍යතාව වඩ වඩාත් විශද ව හඳුනා ගනු ඇත.

සසපයේ ක්‍රියාමාර්ගය ප්‍රතිපත්තිමය වන අතර එය සංසන්ධිමය හෝ තත්කාර්යවාදී ස්වභාවයක් දරන්නේ නැත. එය ලෝක ධනවාදී අර්බුදය ගැන විශ්ලේෂනයක් මතත්, කම්කරු පන්තියේ මූලෝපායික විප්ලවවාදී අත්දැකීම් මතත්, ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරය මතත් පදනම් වෙයි.

2011 දී, කොලඹ දී, පවත් වනු ලැබූ සසප ආරම්භක සම්මේලනයේ දී, ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික සහ ජාත්‍යන්තර පදනම් ලියවිල්ල ඒකමතික ව සම්මත කර ගනු ලැබුනි. මෙම ලියවිල්ල කම්කරු පන්තියේ සමස්ත ඓතිහාසික අත්දැකීම් මත පදනම් ව, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ කේන්ද්‍රීය වැදගත්කම අවධාරනය කරමින්, දකුනු ආසියානු කම්කරු පන්තියේ මූලෝපායික අත්දැකීම්වල පාඩම් ගොනු කර දක්වයි.

සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකත්වය එහි පදනම් ලියවිල්ලේ අන්තර්ගත මූලධර්මවලට එකඟ වීම මත පදනම් වෙයි. සසප මූලධර්ම විසි වැනි සියවසේ විප්ලවවාදී නැගිටීම් තුල දී, ලෝක සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය වෙනුවෙන් මාක්ස්වාදීන් දියත් කල අරගලයෙන් ලත් තීරනාත්මක අත්දැකීම් අන්තර්ගත කර ගනී.

ශ්‍රී ලංකාවේ සසපයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම් ලියවිල්ල කියවන්න
නායකත්වය
අපගේ ශිෂ්‍ය සහ තරුන ව්‍යාපාරය: සසජාතශි

සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සමාජවාදී සමානතා පක්ෂයේ ශිෂ්‍ය සහ තරුන ව්‍යාපාරයයි. එය ශිෂ්‍යයන් සහ තරුනයන් සාමය, සමානත්වය, කම්කරු පන්තියේ අයිතීන් සහ සමාජවාදය සඳහා ඒකාබද්ධ කිරීමට සටන් කරයි.

සසජාතශි ගැන වැඩිදුර