ක්‍රියාකාරී කමිටු ගොඩ නගමු!

සෑම කම්හලකම, සේවා ස්ථානයකම හා නිවහන් ප්‍රදේශයකම කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම කම්කරු පන්තියේ ඉල්ලීම් හා ​​ඓතිහාසික ඉලක්ක දිනා ගැනීම සඳහා තීරනාත්මක අවශ්‍යතාව බවට පත්ව ඇත!

ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානතා පක්ෂය, ප්‍රධාන කර්මාන්තශාලාවල මෙන්ම සේවා ස්ථානවලද නිවහන් ප්‍රදේශ වලද අන්තර් සම්බන්ධිත ක්‍රියාකාරී කමිටු ජාලයක් ගොඩනගමින් සිටී.

එහි ඉලක්කය වන්නේ ධනපති ආන්ඩුව විසින් කම්කරු පන්තියේ ජීවන බර ඉහල දමමින්ද, අයිතිවාසිකම් කප්පාදු කරමින්ද, කොවිඩ්-19 පැතිරීම වලක්වනවා වෙනුවට මහා ව්‍යාපාරික ලාබ ගැරීමට ඉඩ සලසමින්ද, පරිසරය වනසමින්ද, මිලිටරිය මත පදනම් වූ ආඥාදායකත්වයක් ගොඩ නගමින්ද අධිරාජ්‍යවාදී යුද්ධයට කරබදු වෙමින්ද, ගෙන යන රුදුරු වැඩ පිලිවෙලට එරෙහිව සමාජවාදය ගොඩ නැගීම කරා ඉදිරියට යන ජාත්‍යන්තර වැඩ පිලිවෙල මත දේශපාලනික මහා වැඩ වර්ජනයක් සූදානම් කිරීමය.

මෙම ක්‍රියාකාරී කමිටු ජාලය ගොඩ නැගීම සඳහා දැන් දැන්ම සම්බන්ධ වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

අප හා සම්බන්ධ වී ක්‍රියාකාරී කමිටු පිලිබඳව වැඩි දුර සාකච්ඡා කල හැකිය. ඒ් අනුව නව ක්‍රියාකාරී කමිටුවක් ගොඩ නැගීමට මූලිකත්වය ගත හැකිය.

ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට එකතු වන්න!
අපගේ ඉල්ලීම්

අපගේ ඉල්ලීම් පදනම් විය යුත්තේ ධනපති සංගතවලට සහ දේශපාලනඥයින්ට සපයාදිය හැකියයි කියන දේ මත නොව, සමස්ත කම්කරු පන්තියේ ජීවිත හා යහපැවැත්ම ආරක්ෂා කිරීමට අවශ්‍ය දේ මත ය.

මෙම පිටුවෙන් ඔබට:
ක්‍රියාකාරී කමිටුවකට බැඳෙන්න

ක්‍රියාකාරී කමිටුවකට බැඳීම සඳහා / කමිටු පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා හෝ කමිටුවක් ගොඩ නැගීම සඳහා දැන්ම අපව අමතන්න. ඔබේ සේවා ස්ථානය, කර්මාන්තශාලාව හෝ කලාපය තුල කමිටුවක් නොමැති නම්, ආරම්භ කිරීම සඳහා අපි ඔබට උදව් කරන්නෙමු.

බලශක්ති ඇමතිගේ තර්ජනයට විරුද්ධ වෙනු! ආන්ඩුවේ ප්‍රතිව්‍යුහකරන වැඩපිලිවෙලට එරෙහි ව සටන් වැදීමට ලංවිම ක්‍රියාකාරී කමිටු පිහිටුවනු!

ලංවිම ප්‍රතිව්‍යුහකරනයට එරෙහි අරගලය ජවිපෙ/ජාජබ ආන්ඩුව ක්‍රියාවට දමන, අයිඑම්එෆ් කප්පාදු වැඩපිලිවෙලට එරෙහි පුලුල් අරගලයක කොටසකි. ඒ සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් සමස්ත කම්කරු පන්තියේ පොදු අරගලයක් සංවිධානය කල යුතු ය.

ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමුහිකය

මිචෙලින්-සියැට් බහුජාතික සමාගම් සහ අසසේස අතර ප්‍රජාතන්ත්‍ර විරෝධී ගිවිසුම ප්‍රතික්ෂේප කරනු

කම්කරු පන්තියට තම අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කල හැක්කේ, වෘත්තීය සමිති නිලධරයන්ට ඉඩ නොදී, සියලු ධනේශ්වර පක්ෂවලින් සහ ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් බිඳී, තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින්, තම ස්වාධීන ශක්තිය බලමුලුගන්වා ගතහොත් පමනි.

කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය සහ සමාජවාදී සමානතා පක්ෂය

ගුරුවරුනි, විදුහල්පතිවරුනි,

පාසල් සංවර්ධන නිලධාරීන්ගේ අරගලයට ක්‍රියාශීලිව සහයෝගය දෙමු! වැටුප්, රැකියා හා නිදහස් අධ්‍යාපනය දිනා ගැනීමට ඒකාබද්ධව සටන් වදිමු!

මහා ව්‍යාපාරික ගැති ජවිපෙ/ජාජබ ආන්ඩුව රකිමින්, පාසනි සටනට එරෙහිවීමේ වෘත්තීය සමිති ක්‍රියාකලාපයේ ප්‍රතිගාමී එල්ලය වන්නේ කම්කරු පන්තියේ ඒකාබද්ධ හා ස්වාධීන අරගලයකට මග අහුරා දැමීමයි.

නිදහස් අධ්‍යාපනය සුරැකීමේ ගුරු-සිසු-දෙමාපිය ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය

ප්‍රසිද්ධ ඔන්ලයින් රැස්වීම

පාසල් සංවර්ධන නිලධාරීන් (ගුරුවරුන්) සිවුදෙනාට එරෙහි චෝදනා ඉවත්කරගනු! පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සටනට පූර්න සහාය!

දෙසැම්බර් 15 වන ඉරිදා සවස 7.00 ට සූම් තාක්ෂනය ඔස්සේ පැවැත්වෙන රැස්වීමට සහභාගිවන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය
ශ්‍රී ලංකාවේ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකයේ ප්‍රකාශය
කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය
කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය (ශ්‍රී ලංකාව)

වැඩෙන නොසන්සුන්තාව මධ්‍යයේ, ජනාධිපති දිසානායක, වතු කම්කරුවන්ට සොච්චම් වැටුප් වැඩි කිරීමක් පොරොන්දු වේ

දෙමල කතා කරන වතු කම්කරුවන්ට හොඳ වැටුප්, ජීවත් වීමට සුදුසු නිවාස, නිසි අධ්‍යාපනය සහ සෞඛ්‍යය සඳහා ප්‍රවේශය ඇතුලු සමාජ අයිතීන් දිනා ගත හැක්කේ, ජාමූඅ හි නියෝග මත දිසානායක ආන්ඩුව එල්ල කරන සමාජ ප්‍රහාරවලට එරෙහි ව සටන් කිරීමෙන් පමනි.

පානි විජේසිරිවර්ධන

බංග්ලාදේශ ඇඟලුම් කම්හලේ ගින්නට ගොදුරු වූවන් අතර යාබද පැල්පත් නිවාසවල නව යොවුන් කම්කරුවෝ වෙති

කම්කරුවන් 16 දෙනෙකුට මරු කැඳවමින් බංග්ලාදේශ ඇඟලුම් කම්හලේ ඇති වූ ගින්න “හදිසි අනතුරක්” නොව, අඛන්ඩ ව සිදුවන කාර්මික ඝාතනයක කොටසකි.

විමල් පෙරේරා

ඇමති හමු වීමෙන් පසු විදුලිබල මන්ඩල වෘත්තීය සමිති නායකයින් විරෝධතා ක්‍රියාමාර්ග අත්හිටුවයි

ලංවිම වෘත්තීය සමිති නිලධාරීන්ගේ පාවා දීම සියලු ම කම්කරුවන්ට ගෙන එන පාඩම නම්, දිසානායකගේ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට  එරෙහි ව සටන් කිරීම සඳහා තමන්ගේ ම ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමේ සහ සමාජවාදී වැඩපිලිවෙලට සටන් කිරීමේ අවශ්‍යතාවයයි.

විමල් පෙරේරා

විදුලිබල සේවක අරගලය දෙවන මසට අවතීර්න වෙයි: ඉදිරි මාවත කුමක් ද?

ලංවිම සේවකයන්ට, දෙවන මාසයට එලඹ ඇති තම වත්මන් අරගලයේ ද, වෙසෙසින් ම, පසුගිය අවුරුද්දේ පටන් ප්‍රතිව්‍යූහකරනයේ තර්ජනයට එරෙහිව ගෙනගිය උද්ඝෝෂන වල ද ශේෂ පත්‍රය පිරික්සා බලා තම අයිතීන් රැකගැනීමේ අරගලය වර්ධනය කිරීමට හැරීම තවත් කල්දැමිය නොහැකි ය.

විමල් පෙරේරා
අත්‍යවශ්‍ය කියවීම්
නිති විමසන පැන
කම්කරු ක්‍රියාකාරී කමිටුවක් වෘත්තීය සමිතියකින් වෙන්වන්නේ කෙසේද?

ක්‍රියාකාරී කමිටු වලට සියලුම ශ්‍රේනිවල නියෝජිතයන්ට සහභාගි විය හැකි අතර ශ්‍රේනි හෝ වෘත්තීය සීමා ඉක්මවා කම්කරු පන්තිය ඒකාබද්ධ කරයි. ඊට කම්කරු පන්තියට හිතැති වෙනත් සමාජ ​කොටස් නියෝජනය කරන නියෝජිතයින්ද කමිටුවේ අභිමතය පරිදි සහභාගි කර ගත හැකිය. (නිදසුන් ලෙස සේවා ස්ථානය සමග සම්බන්ද වන ‘පිටස්තර’ කම්කරුවන්, පලාතේ රැකියා විරහිත තරුන නියෝජිතයින්, සුලුතර ජන කන්ඩායම් හා සිසුන්) කමිටුවේ සාමාජික සංඛ්‍යාව ඇතුලු ඒහි රැස්වීම් පැවැත්වීමේ කාල පරාසය හා සන්නිවේදන විධික්‍රම ආදිය කමිටු සාමාජිකයන්ගේ අනුමැතිය සහිතව තීන්දු කල හැකිය.

ඒහි තීන්දු ගනු ලබන්නේ නිලධාරීවාදී ලෙස නොව සියලු සාමාජිකයින් සමග කෙරෙන සාකඡ්චාවකින් පසු ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බහුතර ඡන්දයෙනි. ඒම සාකඡ්චාවන් තුලදී මත ප්‍රකාශ කිරීමට අවශ්‍ය සියලු නියෝජිතයන්ට ඉඩ අවකාශ ලැබේ.

කම්කරු ක්‍රියාකාරී කමිටු නීත්‍යානුකූලද?

ව්‍යවස්තාපිත මූලික අයිතිවාසිකම් යටතේ සංවිධානය වීමේද, තීරන ගැනීමේ හා ඒ් මත ක්‍රියාත්මක වීමේ නිදහස මත ක්‍රියාකාරී කමිටු පිහිටා සිටියි.