ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලිය - 2025

ෆැසිස්ට්වාදයට සහ යුද්ධයට එරෙහි ව සමාජවාදය

මැයි 4 වැනි දා ඉරිදා
අලුයම 12.30
12 වැනි වරටත් පැවැත් වෙන ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියට සහභාගී වන්න.
දැන් ම ලියාපදිංචි වන්න!

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය, අපගේ වාර්ෂික ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලිය මැයි 3 වන සෙනසුරාදා පවත්වනු ලබන අතර, එමඟින් ලොව පුරා සිටින කම්කරුවන් ෆැසිස්ට්වාදයට, ආඥාදායකත්වයට සහ යුද්ධයට එරෙහි සටන සඳහා එක්සත් කරනු ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත බලයට පත්වීම ගෝලීය ධනවාදයේ අර්බුදයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරයි. ෆැසිස්ට්වාදී න්‍යාය පත්‍රයක් වේගයෙන් ඉදිරියට ගෙන ගොස් ඇති ඔහුගේ පරිපාලනය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් බිඳ දමමින්, සංක්‍රමනිකයින්ට එරෙහි ප්‍රහාර උත්සන්න කරමින්, වෙලඳ යුද්ධයක් දියත් කරමින් සහ ලොව පුරා මිලිටරි ගැටුම් සඳහා සූදානම් වෙමින් සිටී. ගාසා තීරයේ ජන සංහාරයට විරුද්ධ වීම හේතුවෙන් ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට එරෙහි ව මුදා හැර ඇති බිහිසුනු මර්දනය, මහමුද් කලීල්, මොමොඩෝ තාල් සහ රුමේසා ඔස්ට්‍රුක් ඇතුලු සිය ගනනක් ඉලක්ක කර ගෙන ඇත. සිය නිර්භීත විරෝධතා නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීම්, පිටුවහල් කිරීමේ තර්ජන සහ වීසා අවලංගු කිරීම්වලට මුහුන දී ඇත.

එලොන් මස්ක් වැනි බිලියනපතියන්ගේ පිටුබලය සහිත ව, ට්‍රම්ප්, දැවැන්ත අසමානතාවයට සහ අධිරාජ්‍යවාදී ආක්‍රමනයට ගාමකය දෙන කතිපයාධිකාරී පාලනය මූර්තිමත් කරයි. ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති මගින් පිලිබිඹු වන්නේ—ජර්මනියේ ඒඑෆ්ඩී සිට ඉතාලියේ මෙලෝනි සහ ආර්ජන්ටිනාවේ මිලෙයි දක්වා—කතිපයාධිකාරීත්වයට සේවය කිරීම සඳහා ධනවාදී ආන්ඩුවල ඒකාධිපතිවාදය දෙසට වන ගෝලීය හැරී ගැනීම යි. ලොව පුරා පාලක පන්තිය ආර්ථික අර්බුදයට සහ සමාජ විරෝධයට ප්‍රතිචාර දක්වන්නේ මිලිටරිවාදයෙන් සහ මර්දනයෙනි.

කම්කරු පන්තියේ ඒකාබද්ධ ජාත්‍යන්තර ව්‍යාපාරයක හදිසි අවශ්‍යතාවය මෙම වර්ධනයන් මගින් අවධාරනය කෙරේ. යුද්ධය, අසමානතාවය සහ මර්දනයට එරෙහි ව එම ව්‍යාපාරය වඩ වඩාත් බලමුලු ගැන්වෙමින් පවතී. මේ වසරේ මැයි දින රැලිය ධනවාදයට එරෙහි අරගලයේ දී ජාත්‍යන්තර ව කම්කරුවන් එක්සත් කිරීම සඳහා සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කරනු ඇත. එය, අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වය අවසන් කර සමානාත්මතාවය සහ මානව අවශ්‍යතා මත පදනම් වූ සමාජයක් ගොඩනැගීම සඳහා විප්ලවවාදී ඉදිරිදර්ශනයක් ගෙනහැර දක්වනු ඇත.

රැලිය wsws.org/mayday හි සජීවී ව විකාශනය කෙරේ. ඔබට මේ පිටුවේ ඇති පෝරමයෙන් ලියාපදිංචි විය හැකි ය. රැලිය ගොඩනැගීමට උපකාරයක් ලෙස, කරුනාකර අපට පරිත්‍යාගයක් කරන්න; එමෙන් ම, ෆැසිස්ට්වාදයට සහ යුද්ධයට එරෙහි ව බලවත් ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා මෙම වැදගත් සිදුවීම හැකිතාක් පුලුල් ලෙස ප්‍රවර්ධනය කරන්න!

මැයි 4 වැනි දා ඉරිදා
අලුයම 12.30
ශ්‍රී ලංකා වේලාව

São Paulo: Saturday, May 3, 4:00 PM

London: Saturday, May 3, 8:00 PM

Berlin: Saturday, May 3, 9:00 PM

Istanbul: Saturday, May 3, 10:00 PM

US Eastern Time: Saturday, May 3, 3:00 PM

Beijing: Sunday, May 4, 3:00 AM

Sydney: Sunday, May 4, 5:00 AM

Auckland: Sunday, May 4, 7:00 AM

සියලු වේලා කලාප සඳහා
Essential reading and viewing