සාමාන්‍ය කම්කරුවන්ගේ කැරලිකාරීත්වය සහ කම්කරු පන්තියේ එකමුතුව

ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සංධානයේ සාමාජිකයෙකු ද, යුනයිටඩ් ඔටෝ වර්කර්ස් වෘත්තීය සමිතියේ සභාපති ධූර අපේක්ෂකයෙකු ද වන විල් ලේමන් 2026 ඔන්ලයින් මැයි දින රැලියට Rank-and-file rebellion and the unity of the working class යන මැයෙන් සිදු කල කතාව.

ලොව පුරා සිටින අපගේ සහෝදර, සහෝදරියනි! ඇමරිකානු කම්කරු පන්තිය වෙනුවෙන් මම ඔබට විප්ලවීය සුබ පැතුම් ගෙන එන්නෙමි. මගේ නම විල් ලේමන්. මම පෙන්සිල්වේනියාවේ මැකුන්ජි හි මැක් ට්‍රක්ස් හි සේවයකරමි. දූෂිත වෘත්තීය සමිති යාන්ත්‍රනයෙන්  බලය ආපසු ලබාගෙන එය සාමාන්‍ය කම්කරුවන් අත තැබීමට මම එක්සත් මෝටර් රථ කම්කරු සමිතියේ (UAW) සභාපති ධුරයට තරඟ කරමි. මා මෙම නිලවරනයට ඉදිරිපත් වෙන්නේ ඊටත් වඩා වැදගත් හේතුවක් නිසයි. එනම් පොදු අරගලයකට කම්කරුවන් එක්සත් කිරීම. ලෝකයේ කම්කරුවන් වන අපි දැනටමත් ගෝලීය නිෂ්පාදන බලවේග විසින් එක්සත් කර ඇත්තෙමු.

අද සිට අප දැන්ම කල යුත්තේ සවිඥානික සටන් බලවේගයක් ලෙස එක්සත් වීමයි. එය ජාතිය, ආගම හෝ ජාතිකත්වය අනුව වේවා ධනපතියන් අප මත පටවා ඇති කිසිදු බෙදීමක් අපට පිලිගත නොහැකිය. ඇමරිකානු කම්කරුවෝ දස දහස් ගනනින් අරගලයක යෙදෙමින් සිටිති -ඉක්මනින්ම එය ලක්ෂ ගනනින් සහ පසුව මිලියන ගනනින් වැඩි වනු ඇත. මේ වසරේ දැනටමත් නිව් යෝර්ක් නගරයේ හෙදියෝ 15,000 ක් මාසයකට ආසන්න කාලයක් වැඩ වර්ජනය කලහ. කැලිෆෝනියාවේ සහ හවායි හි කයිසර් හෙදියන් 31000 ක් වැඩ වර්ජනයක යෙදුනි. 1979 න් පසු සැන් ෆ්‍රැන්සිස්කෝ ගුරුවරු තම පලමු වැඩ වර්ජනය දියත් කලහ. හාවඩ් උපාධිධාරී සේවකයෝ අඛන්ඩ වැඩ වර්ජනයක නිරත වූ හ. මිචිගන් හි, නෙක්ස්ටීයර් මෝටර් රථ අමතර කොටස් සේවකයින් 1300 ක් යූඒඩබ්ලිව් හි සේවා කොන්ත්‍රාත්තුව සියයට 96 කින් ප්‍රතික්ෂේප කරද්දී සමිති නිලධාරීහු වර්ජනයක් නො කැඳවාම එය හොර රහසේ දිගු කිරීමට කටයුතු කලහ.

2026 පෙබරවාරි 3 වැනි අඟහරුවාදා, නිව්යෝර්ක් නගරයේ වර්ජනයේ නිරත හෙදියෝ [Photo: WSWS]

ලොස් ඇන්ජලීස් හි කම්කරුවන් 80,000 ක් වැඩ වර්ජනය කිරීමට සූදානම්ව සිටි අතර, ඔවුන්ගේ වෘත්තීය සමිති අවසාන මොහොතේ ඔවුන් පාවා දුන්හ. සෑම අවස්ථාවක දී ම, සමිති නිලධරය අපගේ ප්‍රතිරෝධයේ ගෙල සිර කරති. වැඩවර්ජන අවලංගු කිරීම, කොන්ත්‍රාත් ගිවිසුම්  බලහත්කාරයෙන් පාවා දීම සහ සෑම විටම එකම පනිවිඩය වන්නේ: මෙම නරක ගනුදෙනුව පිලිගන්න, ඔබට බලාපොරොත්තු විය හැකි උපරිමය මෙයයි.

ගැටලුව ඒ හෝ මේ වෘත්තීය සමිති නායකයා නොවේ. සමස්ත සංස්ථාපිත  වෘත්තීය සමිති නිලධරයම යි. “වෘත්තීය සමිති ප්‍රතිසංස්කරනවාදින්” ලෙස හඳුන්වන අය ඕනෑ තරම් සිටිති. වාම-කථිකයන් පවසන්නේ කම්කරුවන් වශයෙන් අපට කල හැක්කේ වෘත්තීය සමිතිවලට බලපෑම් කිරීම සහ වඩා  හොඳ නිලධාරින් බලාපොරොත්තු වීම පමනක් බවයි. ඔවුන් එසේ කියන්නේ තමන් ගැනම යි! නමුත් ඔවුහූ බලයට පත් වූ වහාම තමන් විසින් විස්ථාපනය කල දූෂිත නිලධාරීන් මෙන් ම,  ක්‍රියා කරති. යූඒඩබ්ලිව් සභාපති ෂෝන් ෆේන් වෙනසක් පොරොන්දු වෙමින් බලයට පත් වී සංගත සමග හොර ගනුදෙනු සහ ව්‍යාජ වැඩ වර්ජන කලේ ය. ඩිමොක්‍රටික් සෝෂලිස්ට් ඔෆ් ඇමරිකා සාමාජිකයෙකු වන යූඒඩබ්ලිව් නිලධාරි බ්‍රැන්ඩන් මැන්සිලා, කොලොම්බියා යූඒඩබ්ලිව් උපාධිධාරී සේවකයින්ට සංක්‍රමනික කම්කරුවන් ආරක්ෂා කිරීමේ ඉල්ලීම් ඉවත් කරන ලෙස නියෝග කලේය.

ටීම්ස්ටර්ස් හි “ප්‍රජාතන්ත්‍රවාදී සමිතියක් සඳහා වූ ටීම්ස්ටර්ස්” සහ යූඒඩබ්ලිව් හි “නිව් ඩිරෙක්ෂන්ස්” කන්ඩායම, කම්කරුවන් කොල්ලකමින් ට්‍රම්ප්  සමඟ සහයෝගයෙන් කටයුතු කරන වෘත්තීය සමිති යාන්ත්‍රනය ට   සම්පූර්නයෙන්ම ඒකාබද්ධ වී ඇත. පිලිතුර නිලධාරිවාදයේ නව නම් සහ මුහුනු නොවේ.  පිලිතුර සාමාන්‍ය   කම්කරුවන්ගේ කැරැල්ලයි -කලමනාකාරිත්වයට සහ ආන්ඩුවට සේවය කරන වෘත්තීය සමිති නිලධාරීන්ගෙන් ස්වාධීනව, අපගේම සංවිධාන නැවත ගොඩනැගීම යි. මෙහි තේරුම, සමිති දඬු අඬුව අහෝසි කර සාමාන්‍ය කම්කරුවන්  අතට   බලය මාරු කිරීම  සඳහා කම්කරුවන් විසින් , කම්කරුවන් සඳහා කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු පිහිටුවීමයි. වෘත්තීය සමිති නිලධරයන් විසින් වලලනු ලැබූ කම්කරු පන්තියේ පැරනි සහයෝගීතා සම්ප්‍රදායන්  අප නැවත පන ගැන්විය යුතු ය. එක් අයෙකුට අනර්ථයක්  යනු සියල්ලන්ටම අනර්ථයකි! අප කතා කරන මේ මොහොතේ, අපගේ පන්තිය වෙනුවෙන් සටන් කිරීම නිසා ලොව පුරා කම්කරුවන් සහ සමාජවාදීන් සිරගත කර ඇත.

යුක්‍රේනයේ, 26 හැවිරිදි ට්‍රොට්ස්කිවාදියෙකු වන බොග්ඩාන් සයිරොටියුක් රාජ්‍යද්‍රෝහී  චෝදනා මත වසර 15 ක සිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පැමිනවීමේ තර්ජනයට මුහුන දී සිටියි. ඔහු කල  එකම “අපරාධය” රුසියාවට එරෙහි නේටෝවේ  යුද්ධයට විරුද්ධ වීම සහ රුසියානු සහ යුක්‍රේන කම්කරුවන්ගේ එකමුතුව සඳහා කැඳවුම් කිරීමයි. එම කම්කරුවෝ  දැන් යුද අගල්වල එකිනෙකා මරා ගැනීමට තල්ලු කරනු ලැබ සිටිති. තුර්කියේ, ස්වාධීන වෘත්තීය සමිති නායකයින් වන බසරන් අක්සු සහ මෙහ්මෙට් ටර්ක්මන්, එර්ඩෝගන් ආන්ඩුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, නො ගෙවූ වැටුප් ඉල්ලා කිලෝමීටර් 180 ක පා ගමනක යෙදුන තුර්කි ගල් අඟුරු පතල් කම්කරුවන් 110 කට වැඩි පිරිසක් පොලිසිය විසින් රඳවා ගනු ලැබූහ.

2025 මැයි 29 වැනි දා, ෆ්ලොරිඩාවේ තලහසී හි දී පොලිසීය කම්කරුවන් සමූහ ලෙස අත්තඩංගුවට ගනියි

ඉන්දියාවේ, දරුනු සූරා කෑමේ තත්වයන්ට එරෙහිව සංවිධානය වීම නිසා බොරු මිනීමැරුම් චෝදනා මත මරුති සුසුකි මෝටර් රථ කම්කරුවෝ  13 දෙනෙක් තවමත් දශකයකට වැඩි කාලයක් සිරගත කර සිටිති. බොග්ඩාන්  සයිරොටියුක්, මරුති සුසුකි කම්කරුවන්, බසරන් අක්සු, මෙහ්මෙට් ටර්ක්මන් සහ පන්ති යුද්දයේ සියලුම සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස මම ඉල්ලා සිටිමි. ඔවුන් සිරගත කිරීම සෑම තැනකම කම්කරුවන්ට එල්ල කරන ප්‍රහාරයකි. සංක්‍රමනික කම්කරුවන්ට හිංසා පීඩා කිරීම නතර කරන ලෙස ද මම ඉල්ලා සිටිමි.

ඩිමොක්‍රටික් පක්ෂයේ සහාය ඇතිව ට්‍රම්ප් පරිපාලනය, අපගේ සංක්‍රමනික සහෝදර, සහෝදරියන් - අපගේ සගයන්, අසල්වැසියන් සහ මිතුරන්-සමස්ත කම්කරු පන්තියටම ප්‍රහාරයක් එල්ල කරමින් සිටී. එය බෙදා වෙන් කර යටත් කර  ගැනීමයි. ට්‍රම්ප් ඇමරිකානු කම්කරුවන්ට බොරු කීවේය: ඔහු සංක්‍රමනිකයන් බිල්ලට දී තම ප්‍රකෝටිපති හිතවතුන්ට ලාභ ලබා දුන්නේය. ඔහු නිෂ්පාදන උත්පාතයක් පොරොන්දු වූ අතර අපට කර්මාන්තශාලා වසා දැමීමට සිදුවිය. උද්ධමනය පරාජය කරන බවට ඔහු පොරොන්දු වූ අතර ඒ වෙනුවට අපගේ වැටුප් චෙක්පත් මගින් සෑම දිනකම ආහාර, ඉන්ධන, ඇඳුම් පැලඳුම් සහ ඖෂධ මිල දී ගත හැක්කේ අඩුවෙනි.

අප හැමදාම ජීවත් වෙන්නේ මේ විදිහට නිසා අපට මෙහෙම යන්න බැරි බව කම්කරුවන් වන අපි දනිමු. යුද්ධය, උද්ධමනය සහ මිල ඉහල යාම නිසා අප කවදාවත් නැති තරම් වෙහෙස මහන්සි වී වැඩ කලත්, අපගේ සැබෑ වැටුප් පහත වැටෙමින් පවතී. ධනපතියන් අත ඇති AI සහ රොබෝ තාක්ෂනය, මෙම  වැටුපෙන් අපගේ පවුල් සමඟ ජීවත්වීමට වැඩි කාලයක් ඉඩ නොදෙනු ඇත. සමූහ දොට්ට දැමීම් වලට  සහ ඉහලම සියයට 1 සඳහා වැඩි ධනයක් උත්පාදනය කිරීම සඳහා ඒවා යොදා ගනු ඇත. මේ අතර, ධනපතියෝ සහ ඔවුන්ගේ ආන්ඩු මුලු ලෝකයම ඒකාධිපතිත්වයට සහ යුද්ධයට ඇද දමමින් සිටිති. 

හාම්පුතුන් යුද්ධයට ගොස් සටන් කරලා මැරෙන්නේ නැහැ. යුද්ධයට යවන්නේ අපව යි. ඉතින් අපට මොනවද කරන්න පුලුවන්? වසර 250 කට පෙර, ඇමරිකානු විප්ලවය ආරම්භයේ දී, මගේ පෙන්සිල්වේනියා  ප්‍රාන්තයේ සංක්‍රමනික ශිල්පීයෙකු වූ ටොම් පේන් මෙසේ ලිවීය: “ලෝකය නැවත ආරම්භ කිරීමට අපට බලය තිබේ.”

ටොම් පේන් 

සහෝදර, සහෝදරියනි, ලෝකයේ කම්කරුවන් වන අපට ඇත්තටම ඒ බලය තිබෙනවා. අප තමයි හැම දෙයක්ම ගොඩ නගන්නේ, හැම දෙයක්ම චලනය කරන්නේ, හැමෝවම පෝෂනය කරන්නේ, රැකබලා ගන්නේ, හැමෝටම උගන්වන්නේ. විවිධ අංශ සහ රටවල් හරහා කම්කරු පන්තියේ එක්සත් ව්‍යාපාරයක පෙරමුන ලෙස, ජාත්‍යන්තර ක්‍රියාකාරී කමිටුවල කම්කරු සංධානය ගොඩනැගීමට පෙරෙට එන ලෙස මම සියලුම කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමි. අප ජය ගත යුතු පලමු දෙය නම් අපගේම බිය සහ පැකිලීම යි. අප ම මිස වෙන කිසිවෙකු මෙය නො කරනු ඇත. ලෝකයේ කම්කරුවනි, එක්වන්න. අපට තවත් අහිමි වීම ට කිසිවක් නැත, අපට දිනා ගැනීමට ලෝකයක් තිබේ.

Loading