ශ්‍රී ලංකාවේ උතුරු පලාතේ මුලතිව් දිස්ත්‍රික්කයේ නිදහස් මාධ්‍යවේදියෙකු වන ගනපතිපිල්ලෙයි කුමනන්, ප්‍රශ්න කිරීම සඳහා සඳුදා (අගෝස්තු 17) ත්‍රස්ත මර්දන අංශයට කැඳවා තිබේ.
මෙම මාධ්‍යවේදියා, උතුරු නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් පවත්වනු ලබන විරෝධතා සහ චෙම්මනි සමූහ මිනීවල පිලිබඳව වාර්තා කිරීමේ නිරත වී ඇත. ඔහු ව්‍යාපාරිකයන් විසින් ඉඩම් අත්පත් කර ගැනීම සහ පරිසරයට බලපාන වැලි ගොඩ දැමීම් පිලිබඳ ගැටලු සිය ප්‍රවෘත්ති සහ ඡායාරූපකරනය තුලින් අනාවරනය කරයි.
ශ්‍රී ලංකාවේ ආන්ඩුව දෙමල ජනතාවට කරන වෙනස්කම් හෙලිදරව් කිරීම නිසා ඔහු ආන්ඩුවේ හමුදා විසින් නිරීක්ෂනය කරනු ලබන අතර නිරන්තර තර්ජනවලට ලක් වෙමින් සිටී.
මාධ්‍යවේදියා කැඳවූ පොලිස් නිවේදනය තුල විමර්ශනයට හේතුව දන්වා නොතිබුනි. කෙසේ වෙතත්, කුමනන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට (wsws.org) පැවසුවේ, ඔහුගේ සමාජ මාධ්‍ය සටහන්, විශේෂයෙන් චෙම්මනි පිලිබඳ ඔහුගේ සටහන් පිලිබඳව ප්‍රශ්න කිරීමට පොලිසියට කැඳවූ බව තමා විශ්වාස කරන බවයි. චෙම්මනි සමූහ මිනීවල කැනීම පිලිබඳව මාධ්‍යවේදියා පුලුල් ලෙස වාර්තා කර ඇත.
කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ කුමනන් විමර්ශනයට ලක්කල කල හැකි බවට තර්ජනයක් පවතී.
මාධ්‍යවේදී කුමනන්ට එරෙහිව පොලීසිය විසින් දිගින් දිගටම සිදුකරන බිය ගැන්වීම් සහ මර්දනය ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ සමාජවාදී සමානතා පක්ෂය (සසප) දැඩි ලෙස හෙලා දකී. ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව පොලිසියට නිදහසේ කටයුතු කිරීමට ඉඩ නොදී, මෙවැනි මර්දනයක් මුදා හැරිය නොහැක.
2019, 2020, 2021 සහ 2022 වසරවලදී, අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආන්ඩුවල සහ හමුදාවේ වර්ගවාදී ක්‍රියාවන් ආවරනය කරන අතරතුර ඔහුගේ වාර්තාකරනයේ දී, ඔහු නැවත නැවතත් තර්ජන, පහරදීම්, හිරිහැර සහ ඇඟිලි ගැසීම් වලට ලක් වී ඇත.
2009 මැයි මාසයේදී අවසන් වූ 26 වසරක දෙමල විරෝධී යුද්ධයේදී මුලතිව් දිස්ත්‍රික්කය කුරිරු විනාශයකට මුහුන දුන්නේය. යුද්ධයේ අවසන් සතිවල දී දස දහස් ගනනක් දෙමල සිවිල් වැසියන් මෙම ප්‍රදේශයේ මිය ගිය බවත්, තවත් දහස් ගනනක් අතුරුදහන් වූ බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කර ඇත. දිස්ත්‍රික්කය තුල හමුදා වාඩිලා ගැනීම සහ මර්දනය දිගටම පවතී.
ඔහුට එරෙහි තර්ජනවලින් පෙනී යන්නේ, ශ්‍රී ලංකාවේ වත්මන් පාලක ජනතා විමුක්ති පෙරමුනු (ජවිපෙ)/ජාතික ජනතා බලවේග (ජාජබ) ආන්ඩුව, පෙර ආන්ඩු මෙන් ම, ප්‍රකාශනයේ නිදහස මර්දනය කිරීමේ දී පෙරමුන ගෙන සිටින බවයි.
පසුගිය ඔක්තෝබර් මාසයේ දී, මාවනැල්ලෙන් පැමිනි 21 හැවිරිදි සුහයිල් නම් සිසුවා, පලස්තීනය තුල ඊශ්‍රායලය ගෙනයන ජන සංහාරයට එරෙහිව ස්ටිකරයක් ඇලවීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා ලදී.
මාර්තු 22 වන දින, එම චෝදනාව මත ම, මොහොමඩ් රුස්ඩි අත්අඩංගුවට ගන්නා ලදී. පසුව මෙම තරුනයින්ට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති බව පිලිගෙන නිදහස් කිරීමට පොලිසියට සිදුවිය.
පාලක පන්තියට එරෙහිව කතා කරන සහ තම රැකියා සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා සටන් කරන අයට එරෙහිව දිසානායක ආන්ඩුව කුරිරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිතා කරමින් සිටී.
අගෝස්තු 7 වන දින, මුලතිව්හි හමුදා කඳවුරට ගෙන්වාගත් තරුනයින්ට හමුදාව විසින් කුරිරු ප්‍රහාරයක් එල්ල කරන ලදී. මේ අතරතුර, එක් තරුනයෙකු අතුරුදහන් විය. දින දෙකකට පසු ඔහුගේ මල සිරුර මුතයියන්කට්ටු වැවෙන් සොයා ගන්නා ලදී.
මහජන විරෝධතාවය මධ්‍යයේ, මුතයාන්කට්ටු හමුදා කඳවුරේ සොල්දාදුවන් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගෙන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම තත්ත්වය තුල, තමාට එරෙහිව එල්ල වෙමින් පවතින තර්ජන පිලිබඳව කුමනන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට දැනුම් දුන්නේය.
“මම ගෙදර නැති වෙලාවට පොලිසිය ගෙදරට ඇවිත් මට පොලිසියට එන්න කියනවා. පොලිසිය සහ විමර්ශකයින් බොහෝ විට මාව පරීක්ෂා කිරීමට මගේ නිවස වටේ යනවා, ඒක මට සහ මගේ පවුලේ අයට තර්ජනයක්.”
“මා වැනි බොහෝ මාධ්‍යවේදීන්ට එවැනි තර්ජන එල්ල වෙනවා. ඔවුන් බිය නිසා කතා කරන්නේ නැහැ” යැයි ඔහු පැවසීය.
පවතින ආන්ඩුව ගැන කතා කරමින් ඔහු මෙසේ පැවසීය, “නව ආන්ඩුව බලයට පත් වුනත්, මාධ්‍යවේදීන්, ලේඛකයින් සහ දෙමල ජනතාව මර්දනය කිරීම දිගටම පවතිනවා. ආන්ඩුව බලයට පත් වූ විට, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන බවට පොරොන්දු වුනා. මමත් එය විශ්වාස කලා. නමුත් මෙම ආන්ඩුව එය භාවිතා කරමින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මර්දනය කරමින් ඉන්නවා.”
“මා ප්‍රශ්න කිරීම සඳහා කැඳවූයේ ත්‍රස්ත-විරෝධී අංශයයි. එම අංශය විසින් කරන විමර්ශනය ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. ඔවුන් මගේ පුද්ගලික තොරතුරු සහ බැංකු ගිනුම් විස්තර පවා ඉල්ලා සිටින බව මම දන්නවා” යැයි ඔහු පැවසීය.
කුමනන්ට එරෙහි ආන්ඩුවේ තර්ජන හෙලා දකින සංවිධාන කිහිපයක් තිබේ.
දෙමල ජාතික ජනතා පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඔහුගේ X (ට්විටර්) ගිනුමේ මෙසේ සඳහන් කලේය:
“පෙර පැවති සියලුම ආන්ඩු දෙමල ජනතාවට එරෙහිව වර්ගවාදී වූ බව මෙම ආන්ඩුව පවසන අතර ඔවුන් එය අවසන් කර ඇති බව ද පවසයි. එය එසේ නම්, මෙම ආන්ඩුව යටතේ තවමත් දෙමල මාධ්‍යවේදීන්ට හිරිහැර සිදුවන්නේ ඇයි?” දැයි ඔහු විමසීය.
කුමනන්ගේ ක්‍රියාකලාපය පැසසුමට ලක් කරන ඉලංකෙයි තමිල් අරසු කච්චි මඩකලපුව පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. රාසමානික්කම් පවසන්නේ, මෙම තර්ජනය තමන් දැඩි ලෙස හෙලා දකින බවයි.
කෙසේ වෙතත්, මෙම සියලු පක්ෂ, උතුරේ සහ නැගෙනහිර තුල ආන්ඩුවේ හමුදා ආක්‍රමනය දිගටම කරගෙන යාමට සහාය දක්වයි. ඔවුන් මුතයියන්කට්ටුහි තරුනයාගේ මරනයට විරෝධය පල කිරීම සහ උතුරු නැගෙනහිර යොදවා ඇති “අධික හමුදා භට පිරිස්” අඩු කරන ලෙස ආන්ඩුවෙන් ඉල්ලා සිටීම සඳහා හර්තාලයක් කැඳවා ඇති අතර එය සඳුදා දක්වා කල් දමා තිබේ.
ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගැන සැලකිලිමත් නොවන මෙම සංවිධාන උත්සාහ කරන්නේ, මහජන අතෘප්තිය ගසාකෑමට සහ එය අඩපන කිරීමටයි.