තැපැල් සහ විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය (තැවිනිස) සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුන (ඒතැවෘසපෙ) නියෝජනය කරන වෘත්තීය සමිති අගෝස්තු 17 මධ්‍යම රාත්‍රියේ සිට අඛන්ඩ වර්ජනයක් කැඳවා ඇත. මෙම වර්ජනයට තැපැල්, උප තැපැල් සහ මෙහෙයුම් කාර්යාලවල 19,000කට ආසන්න තැපැල් සේවකයන් සහභාගීවීමට නියමිත ය.
'සාකච්ඡා මේසයේ දී එකඟ වූ ඉල්ලීම් ඉටු නොකිරීමට සහ වෘත්තීය සමිති මර්දනය ට එරෙහිව' වර්ජනය කැඳවන බව සමිති නායකත්වය ප්‍රකාශ කර ඇත. තැපැල් සේවාවේ සියලු නිලධාරින් ආවරනය වන පරිදි තැපැල් සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම, අතිකාල ගෙවීම් පිලිබඳ ගැටලු විසඳීම, සියලු ශ්‍රේනිවල වැඩබලන, ආදේශක හා කම්කරු තනතුරු දරන සියලු දෙනා ස්ථිර කිරීම, පවතින පුරප්පාඩු සහ උසස්වීම් කඩිනමින් පිරවීම, තැපැල් ප්‍රවාහන අංශයේ ගැටලු විසඳීම සහ පලමු පෙල නිලධාරින් සඳහා යෝජිත වැටුප් වර්ධක තුන ලබාදීම ඇතුලු ඉල්ලීම් 19කට වහා විසඳුම් ලබා දෙන ලෙස ඔව්හු ඉල්ලා සිටිති.
තැපැල්පති ඇතුලු අමාත්‍යංශ බලධාරීන් සහ සමිති නායකයන් අතර අගෝස්තු 7 පැවති සාකච්ඡාවක දී, ඉල්ලීම් පිලිබඳව රාජ්‍ය සේවා කොමිසන් සභාව සමග ද අගෝස්තු 14 ට පෙර ඇමති නලින් ද ජයතිස්ස සමග ද සාකච්ඡා ලබාදීමට එකඟ වූ බවත් එම එකඟතාවයන් බිඳ දමා ඇති බවත් සමිති නිලධරය ප්‍රකාශ කොට තිබේ. මේ අතර මැයි 29-30 සංකේත වර්ජනය ට සම්බන්ධ වූ තැපැල් සේවකයන්ට දඬුවමක් ලෙස ඔවුන්ගේ වාර්ෂික නිවාඩුවලින් දින දෙකක් කපා තිබේ.
ප්‍රකාශයට පත්කර ඇති වර්ජනය බිඳීමට, තැපැල්පති ඊයේ (අගෝස්තු 16) සිට ක්‍රියාත්මක වන පරිදි, සියලු තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කලේය. මෙය වර්ජනය නීති විරෝධී බව ප්‍රකාශ කිරීමකට සමානය. තැපැල්පති ඒ සමගම ප්‍රකාශ කර ඇත්තේ, තැපැල් සමිතිවල ඉල්ලීම් ආන්ඩුවේ ප්‍රතිපත්ති සමග ගැටෙන බැවින් ඒවා ඉටු කිරීමට නොහැකි බවයි. මෙහි තේරුම, තැපැල් සේවක අයිතීන් දිනාගත හැක්කේ, ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවේ ප්‍රතිපත්ති පරාජය කිරීමේ දේශපාලන අරගලයක් මගින් පමනක් බවයි.
මෙය පුදුමයට කරුනක් වත් අහම්බයක් වත් නොවේ. බලයේ සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිලිවෙලට කැපවී දිවුරා පොරොන්දු වී, එය ක්‍රියාවට දමමින් සිටින දක්ෂිනාෂික ආන්ඩුවකි. සිය වැටුප්, රැකියා, ජීවන කොන්දේසි හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකගැනීමේ අරගලයට පිවිසෙන කම්කරු පන්තියේ කිසිම කොටසකට ආන්ඩුවේ ප්‍රතිපත්ති පරාජය නොකර තම අයිතීන් රැක ගැනීමට හෝ දිනාගැනීමට නොහැක.
තැපැල් සේවක වර්ජනය රැකීම සඳහා කම්කරු පන්තියේ කාර්මික හා දේශපාලන ශක්තිය මෙහෙයවන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉල්ලා සිටින්නේ එබැවිනි. වර්ජනයට එලඹෙන තැපැල් සේවකයන් අවශේෂ කම්කරුවන් වෙතට හැරී ඔවුන්ගේ ක්‍රියාකාරී සහාය දෙන ලෙස ඉල්ලා සිටිය යුතුය. එක් කම්කරු කොටසකගේ අරගලය බිඳී ම, සෑම කොටසකට ම එරෙහිව අත එසවීමකි. දැනටමත් වර්ජනයක යෙදීම නිසා තැපැල් සේවකයන්ගේ දින දෙකක පඩි කපා ඇත.
වර්ජනය කැඳවා ඇති තම සමිතිවල නායකත්වය ගැන තැපැල් සේවකයන් අවදියෙන් හා සෝදිසියෙන් සිටිය යුතුය. මන්ද? ඔවුහු අඛන්ඩ වැඩවර්ජනය කැඳවන ගමන් ම එය නතර කිරීමට ද මානබලමින් ද සිටිති. අප මෙසේ කියන්නේ හේතු ඇතිවය.
අගෝස්තු 17 මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනය ගැන දැනුම් දෙමින් අගෝස්තු 12 වෙනිදා වෘත්තීය සමිති නායකයන් තැපැල්පති වෙත යවන ලද ලිපියේ දී 'වර්ජනය හේතුවෙන් සේවාලාභින් ට සහ ආයතනයට සිදුවන අගතිය වලක්වා අඛන්ඩව සේවය පවත්වාගෙන යාමට හැකිවන පරිදි' ඇමති ජයතිස්ස සමග සාකච්ඡාවක් ලබාදීමට 'කාරුනිකවන' ලෙස ඉල්ලා ඇත. එහෙත්, දින පහක් ගතවීත්, ඔවුන් බලාපොරොත්තු වූ සාකච්ඡාව නොදීමෙන් හා සේවක නිවාඩු සියල්ල අවලංගු කිරීම තුලින් ආන්ඩුව පැත්තෙන් පෙන්වා ඇත්තේ වර්ජනය අකුලාගන්නා ලෙස ද නො එසේ නම් මර්දනය දිගේලි කරන බවට ද ඇඟවුම් කර ඇති බවයි.
මේ ඉල්ලීම් හෝ ඊට සමාන ඉල්ලීම් ඉදිරිපත් කරමින් වෘත්තීය සමිති නිලධරයන් දශක දෙකකට ආසන්න කාලයක් තැපැල් කම්කරුවන් වර්ජන ඇතුලු නොයෙකුත් උද්ඝෝෂනවලට කැඳවා ඇත. ඒ සෑම අවස්ථාවක දීම සමිති නායකයන් කියා සිටියේ බලගතු බලපෑමක් දමා තැපැල්පතිගෙන් සහ බලයේ සිටි ආන්ඩුවලින් ඔවුන්ගේ ඉල්ලීම් දිනාගත හැකි බවයි. ඉල්ලීම් ලැයිස්තුව තව තවත් දිග්ගැස්සෙන නමුත් විසඳුම් නොලැබෙයි.
කැඳවා ඇති අඛන්ඩ වර්ජනය වනාහි මෙම වසරේ 4 වන වර්ජනයයි. සමිති නායකයෝ මිට පෙරාතුව මාර්තු සහ මැයි මාසවල දී දෙදින සංකේත වර්ජන දෙකක් සහ ජූලි 15-16 අතිකාල වර්ජනයක් කැඳවුම් කලහ. ආන්ඩුවේ සහ තැපැල් දෙපාර්තමේන්තුවේ බලධාරීන්ගේ ව්‍යාජ පොරොන්දු වලට යටත් කොට සමිති නිලධරය විසින් එම අරගල පාවාදෙනු ලැබීය.
ආන්ඩුවේ තර්ජනය ප්‍රකාශයට කලින් ම පත්කරමින්, ජුලි 15-16 අතිකාල වර්ජනය හෙලාදුටු ඇමති ජයතිස්ස මාධ්‍යට මෙසේ පැවසිය: “සමහර ඉල්ලීම් මේ මොහොතේ ඉටුකල නොහැකියි...පවතින තරඟකාරිත්වය නිසා, ඔබ පැය 24 සහ පැය 48 වැඩවර්ජනවල නිරත වීමෙන් තැපැල් සේවය විනාශ කරමින් සිටී. විශේෂයෙන් නිසි සාකච්ඡා නොමැතිව මෙම ක්‍රියාමාර්ග සාධාරන නොවේ. මෙම වැඩවර්ජන අනුමත කල නොහැක. අතීතයේ දී, නිතර සිදුවන වැඩවර්ජන නිසා [ආන්ඩුවේ] අපේක්ෂිත මූල්‍ය ඉලක්ක කරා ලඟා වීමට නොහැකි වී තිබේ”.
ජයතිස්ස ප්‍රකාශ කරන්නේ ව්‍යාජ සාකච්චා වටවංගු වල සාමාජිකයන් කරකවමින් සාමාජිකයන්ගේ කෝපය යටපත් කිරීම සමිති නායකයන්ගේ කාර්්‍යය වියයුතු බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිලිවෙල පිලිගන්නා, ධනපති ක්‍රමය තුලම විසඳුම් සොයන සමිති නායකත්වය, ආන්ඩුවේ මර්දනයට එරෙහිව සියලු කම්කරුවන්ගේ ශක්තිය මෙහෙයවා ගැනීමට හැරෙමින් ආන්ඩුවේ ප්‍රහාරයට අභියෝග කිරීමට කොහෙත්ම සුදානම් නැත. ඔවුන්ගේ සහචර අනෙකුත් සමිතිවල නිලධරයන් ද තැපැල් කම්කරුවන්ගේ තබා තම සාමාජිකයන්ගේ ඉල්ලීම් දිනාගැනීම සඳහා හෝ ආන්ඩුව සමග ගැටෙන අරගලයකට යාමට සුදානම් නැති බව නැවත නැවතත් පෙන්නුම් කර තිබේ.
තැපැල් සේවකයන් කලයුත්තේ කුමක් ද?
ආන්ඩුවේ හා තැපැල් බලධාරීන්ගේ ව්‍යාජ පොරොන්දු ඉදිරියට දමා වර්ජනය නතර කිරීමට ඉඩ නොදෙනු! කම්කරුවන් ගතයුතු පියවර තීන්දුකල යුත්තේ සමිතිවල සාමාජිකයන් මිස නායකයන් නොවේ. තීන්දු ගැනීමට වහා සියලු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවක් කැඳවනු!
සමිති නායකයෝ එලෙස සාමාජිකයන්ගේ අදහස් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විමසා ක්‍රියාකිරීමට සතුරුව සිටිති. ඔවුන්ගේ අත්තනෝමතික තීන්දුවලට යට නොවී, සියලු සාමාජිකයන්ගේ අයිතීන් තහවුරු කෙරෙන පරිදි ක්‍රියාකිරීමට නම්, තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් පත්කරගත් ක්‍රියාකාරී කමිටු සෑම ප්‍රධාන තැපැල්හලකම ගොඩනගා ගැනීම අවශ්‍ය බව සසප කියාසිටී. කුඩා තැපල්හල්වල සේවකයන් ද මේ කමිටු තුලින් ඒකාබද්ධ කරගතයුතු වේ.
මෙලෙස සංවිධානය වීමෙන්, අවශේෂ කම්කරුවන් වෙතට හැරී, තම අරගලය රැකීමට ක්‍රියාශිලිව පන්ති ක්‍රියා මගින් සහයෝගය දෙන ලෙස තැපැල් කම්කරුවන් ඉල්ලා සිටිය යුතුය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අන්ඩුව යටතේ ක්‍රියාවට දැමීම ඇරඹු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මුර්ග කප්පාදු වැඩපිලිවෙල ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පාලනය යටතේ අඛන්ඩ ව වේගවත් කර තිබේ. සංස්ථා, මන්ඩල හා තැපෑල, දුම්රිය ඇතුලු සියලු රාජ්‍ය ව්‍යවසායයන්, වානිජකරනය හා පුද්ගලිකරනය ඇතුලු ප්‍රතිව්‍යුහගතකරනය මගින් ලාභ ලබන සමාගම් බවට පත්කිරීම ජාමුඅ විසින් නියෝග කර ආන්ඩුව විසින් ක්‍රියාවට දැමෙන වැඩපිලිවෙලයි.
මේ ප්‍රහාරාය පරාජය කලහැක්කේ කම්කරු පන්තියේ ස්වාධින පොදු අරගලයක් සංවිධානය කිරීමෙනි. කම්කරු පන්තියේ මහා වර්ජනයක් දක්වා යන කාර්මික හා දේශපාලන අරගලයක් සුදානම් කල යුතු වේ.
සසප යෝජනා කර ඇති පරිදි. මේ සෑම ආයතනයක ම හා වැඩපොලකම කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට පෙරමුන ගන්නා ලෙස සෑම දැනුවත් කම්කරුවෙකුගෙන් ම අපි ඉල්ලමු. ඒවා තුලට ධනපති පක්ෂවල නියෝජිතයන් සහ වෘත්තීය සමිති නිලධරය වැද්ද නොගත යුතු ය.
- මූර්ත වැටුප ඛාදනය වීමට සරිලන ඉහල වැටුප් වැඩිවීමක් සහ ඉහලයන ජීවන වියදම අනුව වැටුප් ඉහල දැමීමක්! විශ්‍රාම වැටුප් ද එලෙස ඉහල දැමිය යුතුය.
- රාජ්‍ය ව්‍යාවසායන් පුද්ගලිකරනය හා රැකියා කප්පාදුව නතර කරනු!
- තැපෑල ඇතුලු රාජ්‍ය ආයතනවල සියලු පුරප්පාඩු වහා පුරවනු! යහපත් සේවා කොන්දේසි තහවුරු කරනු!
සසප අවධාරනය කරන්නේ ධනපති ක්‍රමය තුල ජාතිකව කම්කරුවන්ට හෝ දුගීන්ට තමන්ගේ අයිතීන් රැකගත නොහැකි බවයි. ලෝක ධනවාදය ගැඹුරුම අර්බුදයකට ඇද වැටී ඇත. සෑම රටකම ධනපති ආන්ඩු හා පාලක පන්ති තම ලාභ ගරාගන්නා ක්‍රමය රැක ගැනීමට අර්බුදයේ බර කම්කරුවන් හා අවශේෂ පීඩිත ජනයා මත පටවමින් ඒකාධිපති පාලනයන් තහවුරු කිරීමට හැරී සිටිති. ලංකාව තුල ජාමුඅ වැඩපිලිවෙල ලෙස ක්‍රියාවට දැමෙන්නේ, ජාත්‍යන්තරව දිගහැර ඇති මෙම ප්‍රහාරයයි.
ඊට එරෙහි සටන ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතුවෙන් කල යුතු සටනකි. ලංකාව තුල ක්‍රියාකාරී කමිටු, දැනටමත් ගොඩනගමින් පවතින, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය සමග ඒකාබද්ධ වීම අවශ්‍ය ය.
ඒ සමගම, සෑම වැඩපොලක ම හා ආයතනයක ම ගොඩනගන කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන්ගේ ද ගම්බද දුගින්ගේ ක්‍රියාකාරී කමිටුවල නියෝජිතයන්ගේ ද සහභාගිත්වයෙන් කම්කරුවන්ගේ සහ ගම්බද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් ගොඩනගා ගැනීමට අපි යෝජනා කරමු. එය තම අයිතීන් සඳහා අරගලයට අවශ්‍ය තීන්දු ගැනීමේ බල මන්ඩලයක් වනු ඇත.
මෙමගින්, සියලු බැංකු, මහා සමාගම් හා වතු සහ අවශේෂ ආර්ථික මර්මස්ථාන කම්කරුවන්ගේ ප්‍රජාතාන්ත්‍රවාදී පාලනය යටතේ ජනසතු කරන සමාජවාදී වැඩපිලිවෙලට කැපවූ කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් ගොඩනැගීමේ අරගලයට කම්කරුවන් හා තරුනයන් පෙරමුන ගතයුතු යයි සසප ඉල්ලා සිටි.
මෙම වැඩපිලිවෙල ඔබ සමග සාකච්ඡා කිරීමට අපි සුදානම්ව සිටිමු. අප අමතන්න (077 356 2327). නැතහොත් පහත දක්වා ඇති පෝරමය පුරවා එවන්න.