“ඇමරිකාව ලෝක බලවතා හැටියට තමන්ගේ ස්ථානය තහවූරු කරගන්නයි මේ ආකාරයට යුද්ධ කරන්නේ. ඇමරිකාව ම බෝම්බ දාලා ඇමරිකාව ම කිව්වා සටන් විරාමයක් කියලා. රැස්වීමේ දී පැහැදිලි කරා වගේ මේ සටන් විරාමය තවත් පලල් යුද්ධයකට සූදානම් වීමක්. ඊශ්‍රාලය ඉන්නෙ තවත් ආයුධ එකතු කර ගනිමින්.'
ඉහත දැක්වෙනුයේ, 'ගාසා තීරය සහ ඉරානය තුල ඇමරිකානු-ඊශ්‍රායල් යුද්ධයට එරෙහි වනු!' මැයෙන්, සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) පසුගිය 6 වන ඉරිදා පැවැත්වූ ඔන්ලයින් ප්‍රසිද්ධ රැස්වීමට සහභාගි වූ අකලංක සෙනෙවිරත්න නමැති නීති ශිෂ්‍යයෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට කල ප්‍රකාශයකි.
උක්ත රැස්වීම පැවැත්වුනේ, වැඩෙන ගෝලීය යුද අන්තරායට එරෙහි ව කම්කරුවන්ගේ හා තරුනයින්ගේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) ගෙන යන උද්ඝෝෂනයේ කොටසක් ලෙසිනි. හජජාක යනු සසපට නායකත්වය දෙන ලෝක කම්කරු පංතික පක්ෂයයි.
ඉරානයට එරෙහි යුද්ධය ඇරඹුනේ, ජූනි 12 වනදා, ඊශ්‍රායලය, එක්සත් ජනපදයේ බැකිම යටතේ ඉරානය තුලට මිසයිල සහ ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කිරීමත් සමගයි. එක්සත් ජනපදය ජූනි 22 දා ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනක් ඉලක්ක කොට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් මෙය උච්ඡ ත ම ස්ථානයට එලැඹිනි.
ඇමරිකා එක්සත් ජනපදය ඉක්බිති ව ඊනියා සටන් විරාමයක් යෝජනා කලේ ය. පසුගිය සතියේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමු වී කල සාකච්ඡාවලින් එලිමහනට ආ කාරනාව වූයේ මෙම ඊනියා විරාමය ඉරානයට එරෙහි යුද්ධය පලල් පරිමානයකින් වර්ධනය කොට නව අදියරකට ගැනීම සඳහා සූදානම් කිරීමේ පියවරක් පමනක්ම බවයි.
අකලංක තවදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසී ය: 'රැස්වීමේ දී තල පැහැදිලි කිරීම් වලින් මම යුද්ධයේ මූලයන් වටහා ගත්තා. ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික කඩා වැටීම මෙහිදී අති මූලිකයි. ඇමරිකාවෙ නය බර වාර්ෂික ව ට්‍රිලියන ගනනින් ඉහල යනව.'
මෙම යුද්ධ මගින්, ඇමරිකා එක්සත් ජනපදය හෝ ලෝක ධනවාදය මුහුනදෙන අර්බුදය කිසි සේත්ම සමහන් නොකෙරෙන බව රැස්වීම තුලින් වටහා ගත් බව පැවසූ අකලංක මෙසේ කීවේ ය: 'යුද්ධ කරා කියලා ඇමරිකාවේ පරිහානිය නතර වෙලා නෑ. අඩු ගානේ ධනවාදයේ කඩා වැටීමේ වේගයවත් අඩු වෙලා නෑ. ... මේ සියලු ම යුද්ධ මීට පෙර ඒවා මෙන්ම බොරු මත පාදක වන ඒවා.'
යුද්ධය, ධනවාදයේ ප්‍රතිඵලයක් බැවින්, එය අවසන් කිරීම ධනවාදය පෙරලා දැමීමේ සටන සමග බැඳී පවතින බව රැස්වීමෙන් උකහා ගත් වැදගත් පාඩමක් බව ඔහු අවසානයේ දී පැවසී ය.
රැස්වීමට සහභාගි වූ විරැකියාවෙන් පෙලෙන තරුනයෙකු වූ ලසන්ත කුමාර මෙසේ කීවේ ය: 'ජාත්‍යන්තරවාදය කියන්නේ මොකක්ද? කම්කරු පන්තියේ පක්ෂයක් මෙවන් අවස්ථාවක දී ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියල මේ රැස්වීමේ දී ම පැහැදිලි වුනා.'
හජාජක ට සහයෝගී පකිස්තානු ට්‍රොට්ස්කිවාදීන් සසප රැස්වීමට එවන ලද සුබපැතුම් පනිවිඩය ද, ඉන්දියාවේ සහයෝගී කන්ඩායම රැස්වීමට සහභාගි වීම ද ජාත්‍යන්තර යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගිය හැකි බව තහවුරු කල බව ලසන්ත පැවසී ය.
'කෙසේ වෙතත් මෙතරම් යුද්ධයේ අනතුර මතු වී ඇති තත්වයක පවා රැස්වීමට සහභාගී වූවන් ප්‍රමානය ගැන සෑහෙන්න බෑ' යැයි ඔහු කීවේය. සසප වාර්තාකරුවන් ඔහුට පෙන්වා දුන්නේ, ධනපති මාධ්‍ය, ධනපති පක්ෂ සහ ව්‍යාජ වාම පක්ෂ මෙම යුද්ධයේ අන්තරාය සම්පූර්නයෙන් වසන් කර තිබීම මෙයට හේතුව බවයි.
රැස්වීමට සහභාගී වූ වෛද්‍යවරයෙක් රැස්වීමේ දී මතුකල තුන්වන ලෝක යුද්ධයේ අනතුර පිලිබඳව ලෝසවෙඅ වාර්තාකරුවන් සමග සාකච්ඡා කලේය. 'දැන් ලෝකය ම ඉතාම අස්ථාවර තත්වයක තියෙන්නෙ. තුන්වන ලෝක යුද්ධය, මීට පෙර සිදු වූ යුද්ධ වලට වෙනස්. ඒක න්‍යෂ්ටික ලෝක යුද්ධයක්. එය සමස්ත පෘථිවි ගෝලයේ ම පැවැත්ම අනතුරට ලක් කරනවා.'
ජාතික තලයේ මෙම බරපතල ප්‍රශ්න විසඳා ගත නොහැකි බව රැස්වීමේ කතා වලින් පැහැදිලි වූ බව ඔහු සඳහන් කලේ ය. ඉරානයට එරෙහි යුද්ධයත් සමග, ජාත්‍යන්තර නැවී ගමනාගමනයේ ප්‍රධාන සන්ධිස්ථානයක් වන සහ ඉරානය විසින් පාලනය කරනු ලබන හෝමෝස් සමුද්‍ර සන්ධිය අවහිර වීම සම්බන්ධයෙන් අවධානය යොමු කල වෛද්‍යවරයා මෙසේ කීවේ ය: “හෝමෝස් සමුද්‍ර සන්ධියේ සිදුවන දෙයක් මුලු ලෝකෙට ම බලපානවා. මේ යුද්ධෙදි ඒක දැනුනා. දැන් ආන්ඩුවට පෙට්‍රල් මිල පාලනය කරන්න පුලුවන්ද ඒක කරන්න බෑ තෙල් මිල වැඩි වෙන්නේ ලෝක වෙලඳපොලේ තෙල් මිල වැඩිවෙන නිසා. ඒක ලංකාවෙ ආන්ඩුවට පාලනය කරන්න බෑ.'
'ඉරානයේ පවතින්නෙ ප්‍රතිගාමී පාලනයක්. නමුත්, ඉරානය පැත්තෙන් ගෙනයන යුද්ධය ප්‍රගතිශීලී යැයි රැස්වීමේ දී කිවුවා. එය එසේ වන්නේ කෙසේ ද?' යැයි ඔහු විමසී ය.
'ඉරානයට එරෙහි යුද්ධය නතර කරනු!' මැයෙන් ලෝසවෙඅ හි ජාත්‍යන්තර කර්තෘ මන්ඩලය 2025 ජූනි 21 දා නිකුත් කල ප්‍රකාශයේ පහත ඡේදය උපුටා දක්වමින් වාර්තාකරුවෝ එය පැහැදිලි කලහ:
'හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ඉරානයේ ධනේශ්වර ආන්ඩුවට විරුද්ධ වේ. නමුත් ආසන්න යුද්ධය කෙරෙහි එහි ආකල්පය නිර්නය වන්නේ, ඓතිහාසික ව පීඩිත රටක් වන ඉරානය, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සන්ධානයක් විසින් යටත් කර ගැනීමේ සහ සමූලඝාතනය කිරීමේ තර්ජනයට ලක්ව ඇතැයි යන්නෙනි. අධිරාජ්‍යවාදී ප්‍රහාරයට එරෙහි ඉරාන ප්‍රතිරෝධය සම්පූර්නයෙන්ම නීත්‍යානුකූල සහ දේශපාලනික වශයෙන් ප්‍රගතිශීලී වේ.'
'දේශපාලනඥයින් ගන්න අමනොඥ තීන්දු නිසා ධනපති පංතිය සහ කම්කරු පන්තිය දෙක ම පීඩනයට ලක්වෙනව නේද? යැයි ඔහු විමසා සිටියේය.
උමතුවක් බදු මෙම යුද ධාවනයේ ගාමකය, ගෝලීය ධනවාදයේ ඓතිහාසික පරස්පර විරෝධයන්, එනම් ගෝලීය ආර්ථිකය සහ එකිනෙකට පිලිමල් ජාතික රාජ්‍ය පද්ධතියත්, නිෂ්පාදනයේ සමාජයීය ස්වභාවය සහ නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතිය මත ලාභය අරමුනු කරගත් නිෂ්පාදනයත් අතර පවත්නා පරස්පර විරෝධයන් බව එහිදී සාකච්ඡා කෙරිනි.
රැස්වීම තුල දී මතු කෙරුනු ගාසා තීරයේ ජන සංහාරය දෙසට සාකච්ඡාව යොමු විය. 'පලස්තීනයේ ලක්ෂ දෙකකට වඩා මරලා තියෙනවා කියලා මම දැනගෙන හිටියේ නෑ. ඒක ඉතාම අමානුෂික ප්‍රහාරයක්' යැයි ඔහු කීවේ ය. 'නමුත් ඔබේ ව්‍යාපාරය කුඩා එකක්. එයට මේ යුද්ධ නතර කල හැකිදැ'යි වෛද්‍යවරයා විමසා සිටියේ ය.
රැස්වීම තුල දි ප්‍රශ්න සහ පිලිතුරු වටයේ දී පැහැදිලි කෙරුනු රුසියානු විප්ලවයේ අත්දැකීම ලෝසවෙඅ වාර්තාකරුවෝ වෛද්‍යවරයාට පෙන්වා දුන්හ. කුඩා පක්ෂයක් ලෙස පැවති බොල්ශෙවික් පක්ෂය, නිරතුරු ව ම කම්කරු පන්තිය ගත යුතු මග පෙන්වා දෙමින් කම්කරු පංතිය තුල මැදිහත් වූ බවත්, 1914 පලමු ලෝක යුද්ධයෙන් අනතුරුව පැන නැගුනු කම්කරු පන්ති අරගල රැල්ල මධ්‍යයේ එය කම්කරු පංතිය තුල වඩවඩාත් තහවුරු වූ බවත් ලෝසවෙඅ වාර්තාකරුවෝ ඔහුට පැහැදිලි කලහ.
විශේෂයෙන්ම, රුසියාවේ සාර් අධිරාජ්‍යවාදී පාලනය පෙරලා දැමූ 1917 පෙබරවාරි විප්ලවයෙන් පසු, ලෙනින්ගේ සහ ට්‍රොට්ස්කි ගේ නායකත්වයෙන් මෙහෙය වුනු බොල්ෂේවික් පක්ෂය මහජන විප්ලවවාදී පක්ෂය බවට කම්කරු පංතිය තුල මුල්බැස ගනිමින්, 1917 ඔක්තෝබරයේදී ලොව ප්‍රථම සමාජවාදී විප්ලවයට නායකත්වය දීමට සමත් වූ බව මෙහිදී පැහැදිලි කෙරුනි.
කෙසේ වෙතත් දැන් යුද්ධය ආරම්භ වීමටත් පෙර ම මහජනතාව අරගල වලට ඇදෙමින් සිටින බවත් අප යෝජනා කරන ලෝක සමාජවාදී විප්ලවයේ වෛෂයික පදනම සම්පාදනය කරන්නේ කම්කරු පන්තියේ වැඩෙමින් පවතින මෙම අරගල රැල්ල බවත් තවදුරටත් පෙන්වා දුනි.
යුද්ධයට ගාමකය සම්පාදනය කරන ධනපති ක්‍රමය මුහුන දී සිටින පරස්පර විරෝධයන්ම සමාජ විප්ලවය සඳහා ගාමකය සම්පාදනය කරන බව එහි දී සාකච්ඡා කෙරුනි. කෙසේ වෙතත් සමාජවාදී විප්ලවය කල හැක්කේ කම්කරු පන්තිය සවිඥානික කිරීමෙන් පමනක් බවත් ඒ සඳහා සමාජවාදී සමානතා පක්ෂය පමනක් ම සටන් වදින බවත්, පෙන්වා දුන් ලෝසවෙඅ වාර්තාකරුවෝ, එම සටනට උර දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියහ.