එක්සත් රාජධානියේ සමාජවාදී සමානතා පක්ෂයේ සහකාර ජාතික ලේකම් තෝමස් ස්ක්‍රිප්ස් 2025 ජාත්‍යන්තර මැයි දින රැලිය අවසානයේ Join the Trotskyist movement to fight for socialism යන මැයෙන් කල ස්තූති කතාව.
අද මැයි දින රැලිය ලෝක ධනේශ්වර අර්බුදයේ කේන්ද්‍රීය තේමාවන් කෙරෙහි අවධානය යොමු කලා:
- නූතන ධනවාදය යටතේ පන්ති සබඳතාවල සැබෑ ස්වභාවයට අනුරූප වන පරිදි රාජ්‍යයේ ප්‍රචන්ඩ ප්‍රතිනිර්මානයක් සඳහා ජාත්‍යන්තරව ආන්ඩු ආඥාදායක පාලන රූප කරා හැරීම.
- වෙලඳ යුද්ධයේ වර්ධනය සහ ලෝකය යලි බෙදා ගැනීමකට අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ධාවනය තුල මුල් බැසගත් ලේවැකි මිලිටරි ගැටුම් සඳහා සූදානම් වීම ජන සංහාරයේ සාමාන්‍යකරනය.
- ජනසංහාරය සාමාන්‍යකරනය.
- දරිද්‍රතාවය තුරන් කිරීමට වැය කල හැකි ඩොලර් ට්‍රිලියන ගනන්, දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු නොදුටු පරිමානයේ නැවත සන්නද්ධ කිරීමේ වැඩසටහන් සඳහා නාස්ති කිරීම
- ජාත්‍යන්තර කම්කරු පන්තියේ නැගී එන ව්‍යාපාරයක් බෙදීමට හා කඩා බිඳ දැමීමට ෆැසිස්ට් ව්‍යාපාර, ජාතිකවාදය, විජාතික භීතිකාව සහ සියලු ආකාරයේ පසුගාමීත්වයන් වගාදිගා කිරීම.
අපි මෙම අන්තරායන් විශ්ලේෂනය කලේ උදාසීන නිරීක්ෂකයින් ලෙස නොව, සමාජවාදී විකල්පය සඳහා සටන් කරන්නන් ලෙසයි. කම්කරු පන්තියට වෙන කවුරුන් හෝ ලබා නොදෙන දේශපාලන ඉදිරිදර්ශනයක් අපි ඉදිරිපත් කර ඇත්තෙමු.
දැන්, කුමක් කල යුතු දැයි තීරනය කිරීමේ ඔබේ වාරයයි.
ඉදිරි අරගල සඳහා සූදානම්වීමේ ලා කම්කරු පන්තිය තුල විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීමේ කේන්ද්‍රීය වැදගත්කම අපගේ කථිකයන් අවධාරනය කලා. අවසානයේ මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය තීරනය කරන්නේ එයයි.
අපි මේ මැයි දිනයේදී ඔබෙන් ඉල්ලා සිටිනවා මේ අභියෝගය භාර ගන්න කියලා.
රැකියා සහ ජීවන තත්වයන් ආරක්ෂා කිරීමට සහ වෙලඳ යුද්ධයට සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව ගෝලීය අරගලයක් කිරීමට කම්කරු පන්තියට අවශ්‍ය නව ආකාරයේ සංවිධානයක් වන කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයේ කොටසක් ලෙස ඔබගේ සේවා ස්ථානයේ කම්කරු ක්‍රියාකාරී කමිටුවක් ගොඩනගන්න.
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, සමාජවාදී සමානතා පක්ෂ සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ අමතා ධනවාදයට තිත තැබීමට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය ගොඩනැගීමේ සටනට සම්බන්ධ වන්න .
21 වැනි සියවසේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ අධ්‍යාපනය සහ සංවිධානය සඳහා අත්‍යවශ්‍ය මෙවලම වන ලෝක සමාජවාදී වෙබ් අඩවියට අඛන්ඩ මාසික පරිත්‍යාගයක් පොරොන්දු වන්න.
මේරිං බුක්ස් වෙතින් ට්‍රොට්ස්කිවාදී පොතපත මිලදී ගැනීමෙන් ඔබේ මාක්ස්වාදී පුස්තකාලය පුලුල් කරන්න. සමාජවාදී ව්‍යාපාරයේ ඉතිහාසය පිලිබඳව හදාරන්න.
මතක තියා ගන්න: අපිට තියෙන්නේ සීමිත කාලයක්.
පාලක පන්තිය තම අර්බුදයෙන් ගොඩ ඒමට දැන් යොදා ගෙන තියෙන ෆැසිස්ට්වාදයේ සහ මිලිටරි ප්‍රචන්ඩත්වයේ විධික්‍රම අපගේ කථිකයන් පැහැදිලි කලා.
ලෝකයේ ධනේශ්වර ආන්ඩු පෙරලා දමා කතිපයාධිකාරීන්ගේ දේපල අස්වාමික කොට, නිදහස හා සමාජ සමානාත්මතාවය මත පදනම් වූ ලෝක සමාජවාදී සමාජයක් ගොඩනැගීමෙන් අප මේ ව්‍යසනය නැවැත්විය යුතුයි.
2025 මැයි දිනය සමාජවාදය සඳහා වන සටනට සම්බන්ධ වීමට ඔබ කැප වන දිනය බවට පත් කර ගන්න.