ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ (සසජාතශි), 'ඉරානයට එරෙහි ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයට විරුද්ධ වනු' මැයෙන් ප්‍රසිද්ධ රැස්වීම් දෙකක් පවත්වති.
පලමුවැන්න, ජූලි 6 ඉරිදා සවස 7 ට සූම් හරහා මාර්ගගත ප්‍රසිද්ධ රැස්වීමකි.
දෙවැන්න, ජූලි 8දා සවස 3 ට යාපනයේ වීරසිංහම් ශාලාවේදී පැවැත්වෙන ප්‍රසිද්ධ මහජන රැස්වීමකි.
රැස්වීම්වලට සහභාගී වී, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලයට එක්වන ලෙස, සියලුම කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන්, සිසුන්ගෙන් සහ මේ සම්බන්ධයෙන් උද්‍යෝගිමත් සියලු දෙනාගෙන් අපි ඉල්ලා සිටිමු.
ඉරානයේ ඉලක්ක වෙත ඊශ්‍රායලය විසින් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, එක්සත් ජනපදය, ඉරාන න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථාන මත අධිබල න්‍යෂ්ටික-නොවන බංකර්-බස්ටර් බෝම්බ හෙලමින් එල්ල කල දැවැන්ත හා අප්‍රකෝපිත ප්‍රහාරයෙන් පසු ව පවත්වනු ලබන මෙම රැස්වීම්, සමස්ත කම්කරු පන්තියට ම අතිශයින් වැදගත් වේ.
මෙම ආක්‍රමනකාරී ක්‍රියාව, ගාසා තීරයේ එක්සත් ජනපද පිටුබලය ලත් ඊශ්‍රායල් ජන සංහාරය තීව්‍රකිරීමක් සනිටුහන් කරන අතර, එය මුලු මැද පෙරදිගම ගිනි තබමින්, එමඟින් ලෝකයටම තර්ජනය එල්ල කර තිබේ.
ඊශ්‍රායලය සහ ඉරානය අතර සටන් විරාමයක් පිලිබඳ ට්‍රම්ප්ගේ සඳුදා රාත්‍රියේ නිවේදනය, ප්‍රතිමල්ලවතාවල සැබෑ අවසානයක් පිලිබඳ කිසිදු සහතිකයක් ලබා නොදේ. වොෂින්ටනය සහ ටෙල් අවිව් යන දෙකම ධවල මන්දිරයේ සාකච්ඡා පොරොන්දු නැවත නැවතත් ආක්‍රමනය උත්සන්න කිරීම සඳහා තුනී ආවරනයක් ලෙස භාවිතා කර ඇත.
වඩාත් මූලික වශයෙන්, ඉරානයට එරෙහි ට්‍රම්ප්ගේ සෘජු ප්‍රහාරය සහ ටෙහෙරානයේ පාලන තන්ත්‍ර මාරුවක් සඳහා වූ නොනවතින තල්ලුව බැඳී ඇත්තේ, රුසියාව සහ චීනය සමඟ වඩා පුලුල් ගැටුමකට සූදානම් වීම සඳහා, භූ දේශපාලනිකව වැදගත් කලාපයක් මත එක්සත් ජනපද අධිරාජ්‍යවාදී ආධිපත්‍යය තහවුරු කිරීමේ පුලුල් අරමුන සමඟ ය.
ඒ සමඟම, ගාසා තීරයේ පලස්තීන ජනතාවට එරෙහි ව වොෂින්ටනයේ පිටුබලය ලබන ජන සංහාරක වාර්ගික විශුද්ධිකරන ප්‍රහාර දිගට ම ගෙනයමින් තිබේ.
සැලකිය යුතු කරුනක් නම්, පසුගිය දින කිහිපය තුල පෙන්නුම් කර ඇති පරිදි, එක්සත් ජනපදය ඇතුලුව, ලොව පුරා කම්කරුවන්, තරුනයින් සහ පීඩිතයන් අතර ඉරානයට එරෙහි අධිරාජ්‍යවාදී යුද්ධයට විරුද්ධත්වය වර්ධනය වෙමින් පැවැතීම යි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුත් ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේග (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, ට්‍රම්ප් පරිපාලනය ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට පෙර නොවූ විරූ බෝම්බ හෙලීම ඇතුලු ව, ඉරානයට එරෙහි එක්සත් ජනපද පිටුබලය ලත් ඊශ්‍රායල යුද්ධය සම්බන්ධයෙන් තම කුහකකම ප්‍රදර්ශනය කර තිබේ.
වොෂින්ටනයේ බෝම්බ ප්‍රහාරයෙන් පසු, විදේශ අමාත්‍යාංශය 'මැදපෙරදිග කලාපයේ තත්වය සමනය කිරීම සඳහා සියලු පාර්ශවයන් ස්ථිර ක්‍රියාමාර්ග ගත යුතු' ලෙස ඉල්ලා සිටින බියගුලු ප්‍රකාශයක් නිකුත් කලේය. මෙම ඇමරිකන් ගැති ආන්ඩුව වොෂින්ටනය තරහ ගැස්සීමට කැමති නැති නමුත්, ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහි මහජන විරෝධය පිලිබඳ යහමින් දැනුවත් ය.
පාලක ප්‍රභූවේ ප්‍රධාන කනස්සල්ල වන්නේ, මැදපෙරදිග යුද්ධයක්, 2022 ආර්ථික බිඳවැටීම මධ්‍යයේ දසලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් සම්බන්ධ කර ගත් මහජන නැගිටීමක් ඇවිලවිය හැකි ආර්ථික අස්ථාවරත්වයක් ඇතිකිරීමේ හැකියාව ගැනයි.
කෙසේ වෙතත්, අනෙකුත් රටවල මෙන්, ශ්‍රී ලංකාවේ ද, කම්කරුවන්, තරුනයින් සහ පීඩිතයින් අතර, ගාසා සංහාරයට සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදී යුද ධාවනයට ගැඹුරු විරෝධයක් පවතී.
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප), හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (ජාජාක) එහි සහෝදර පක්ෂ සමඟ, අධිරාජ්‍යවාදී යුද ධාවනයට එරෙහිව දැවැන්ත මහජන විරෝධතාවක් සඳහා කැඳවුම් කරයි.
තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, අධිරාජ්‍යවාදී යුද්ධය සහ එයට හේතුපාදක වන ධනේශ්වර ක්‍රමය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තිය විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලකින් දේශපාලනිකව සන්නද්ධ කිරීම යි. එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන් ලෝකය විනාශකාරී ගින්නකට ඇද දමමින් සිටින්නේ කෙසේද සහ එය වලක්වා ගන්නේ කෙසේද යන්න අපගේ රැස්වීම් සාකච්ඡා කරනු ඇත.
මෙම වැදගත් දේශපාලන කරුනු සාකච්ඡා කිරීමට ජූලි 6 සහ 8 යන දිනවල අප හා එක්වන්න.
*ජූලි 6 (ඉරිදා) සවස 7 ට - මාර්ගගත සූම් රැස්වීම
මෙම රැස්වීම සඳහා කරුනාකර මෙතැනින් ලියාපදිංචි වන්න.
*ජූලි 8දා සවස 3ට- ප්‍රසිද්ධ රැස්වීම, යාපනය වීරසිංහම් ශාලාව (දෙවන මහල)