ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලයේ සේවයේ නියුතු, මිනිස්බල සමාගම් වලින් සම්පාදනය කෙරෙන ශ්‍රම කොන්ත්‍රාත් කම්කරුවන් පිරිසක් තම රැකියාව ස්ථිර කර මන්ඩලයට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් මැයි 23 දා සිට මැයි 27 වන දා දක්වා වැඩවර්ජනයක නියැලුනහ. එහි කොටසක් ලෙස, මැයි 23 වන දා, වර්ජිත කම්කරුවන්ගෙන් 300 කට ආසන්න පිරිසක්, රත්මලානේ පිහිටි ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පිකටින් උද්ඝෝෂනයක නිරත විය.
'රු.1200 හිඟන වැටුප් අපිට එපා!', 'කල් මැරීම නතර කරනු!' සහ 'මෑන්පවර් සේවකයින් මන්ඩලයට අනුයුක්ත කරනු!' ඇතුලු ඉල්ලීම් රැගත් සටන්පාඨ පුවරු ඔවුහු අත දරා සිටියහ. වර්ජනය සහ උද්ඝෝෂනය කැඳවා තිබුනේ, 'ශ්‍රම සේවක එකමුතුව' නම් වූ සංවිධානයක් විසිනි.
උද්ඝෝෂකයන් සමග සාකච්ඡා කිරීමට මන්ඩලයේ කිසිදු නිලධාරියෙකු නොපැමිනී අතර, අවසානයේ පොලීසියේ මැදිහත් වීමෙන් මන්ඩලයේ සභාපති සමග සාකච්ඡා කිරීමට, 'ශ්‍රම සේවක එකමුතුවේ' නායකයන්ට අවස්ථාවක් ලැබුනි. එහිදි සභාපතිවරයා පවසා ඇත්තේ මාසික වැටුප රුපියල් සියයකින් වැඩිකල හැකි නමුත් සේවකයන් ස්ථිර කල නොහැකි බවයි.
මීට එකඟ නොවු සේවකයෝ දිගට ම වර්ජනය සිදු කිරීමට තීන්දු කලහ. ඒ අනුව එම සති අන්ත දින දෙකෙහි ද වර්ජනයේ යෙදුනු ඔවුහු මැයි 26 වන සඳුදා, ජල සම්පාදන මන්ඩලය අයත් වන නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය පිහිටි, බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට පිකටින් උද්ඝෝෂනයක යෙදී ගත්හ.
එදින, විෂය භාර ඇමති අනුර කරුනාතිලක සමග 'ශ්‍රම සේවක එකමුතුවේ' නායකයින් කල සාකච්ඡාවෙන් පසුව, කම්කරුවන් ඇමතූ එම නායකයකු පැවසුවේ, 'සාධනීය පිලිතුරක්' නොලැබුනු බවයි. මිනිස්බල සමාගම් හරහා සේවයේ යොදවා ඇති කොන්ත්‍රාත් සේවකයන් ගැන සලකා බැලිය හැක්කේ, මන්ඩලය විසින් ඝෘජු ව ම සේවයේ යොදවා ඇති කොන්ත්‍රාත් සේවකයන් ස්ථිර කිරීමෙන් පසු ව බව ඇමතිවරයා පැවසූ බව ද ඔහු කීවේ ය.
අනතුරු ව, මැයි 27 වන දා ජනාධිපති ලේකම් කාර්යාලය අසල බාලදක්ෂ මාවතේ 75 කට ආසන්න සේවක පිරිසක් නිහඬ පිකටින් උද්ඝෝෂනයක යෙදුනහ. එදින ජනාධිපති ලේකම් කාර්යාලයේ සිදු වූ සාකච්ඡාව පිලිබදව ශ්‍රම සේවක එකමුතුවේ නායකයකු වන සුජීව එදිරිසිංහ මෙසේ පැවසුවේ ය.
'අපි ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් හමුවුනා. මෑන් පවර් ක්‍රමය ඉවත් කරලා අපිව බෝඩ් එකේ කොන්ත්‍රාත් සේවකයන් විදියට ගන්න ජනාධිපති එක්ක කතා කරලා පිලිතුරක් ලබා දෙනවා කිව්වා. මේ ප්‍රශ්නය විසඳන්න මාස තුනක් දෙන්න කිව්වා. සති දෙකක් තුල ජනාධිපති එක්ක කතා කරලා පිලිතුරක් ලබා දෙනවා කිව්වා.'
ඒ අනුව, 'ශ්‍රම සේවක එකමුතුව', මැයි 28 බදාදා, වැඩවර්ජනය නතර කලේ ය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩපිලිවෙල අකුරටම ක්‍රියාත්මත කරන ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව, ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ රැකියා අහිමි කරමින් රාජ්‍ය ව්‍යවසායන් 400 කට අධික සංඛ්‍යාවක් පුද්ගලීකරනය/ප්‍රතිව්‍යූහකරනය කිරීමට වේගයෙන් පියවර ගනිමින් සිටින තතු තුල, මෙම කොන්ත්‍රාත් කම්කරුවන් ස්ථිර කරනු ඇතැයි යන්න මිත්‍යාවකි.
ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දී ඇති පොරොන්දුව, ජවිපෙ/ජාජබ බලයට පත්වීමට පෙර දුන්, බොරු පොරොන්දු මාලාව ඉදිරියට ගෙන යාමක් මිස අනෙකක් නොවේ. වර්ජනය නැවැත්වීමට නිමිත්තක් සොයමින් සිටි 'ශ්‍රම සේවක එකමුතුව' වහා එම පොරොන්දුව ඩැහැ ගෙන ඇත.
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් සමග කතා කල වර්ජිත කම්කරුවෙකු පැවසුවේ, ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු සහ පාලක ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) වෘත්තීය සමිති නායකයෙකු වන උපාලි රත්නායක, කොන්ත්‍රාත් කම්කරුවන්ගේ රැකියා ස්ථිර කිරීමේ ඉල්ලීම මත විවිධ විරෝධතා සංවිධානය කිරීමට පැමිනි නමුත්, ජවිපෙ බලයට පත් වීමෙන් පසු, එවන් කම්කරු පිරිසක් සිටින බව පවා අමතක කර දමා ඇති බවයි.
රත්නායක, ඉහත විරෝධතා සංවිධානය කර ඇත්තේ, තමා ඇතුලු සහෝදර කම්කරුවන්ගේ 'කර මතින් ජවිපෙ බලයට ගෙන ඒමට' බව ඉතා පැහැදිලි බව ද ඔහු කියා සිටියේ ය. රත්නායක ගේ කර්තව්‍යය වෙනුවෙන් ජවිපෙ/ජාජබ ආන්ඩුව, ඔහුට ජල සම්පාදන සහ ජලාපවහන මන්ඩලයේ අධ්‍යක්ෂ තනතුරක් පිරිනමා ඇත. දැන් ඔහු, කොන්ත්‍රාත් කම්කරුවන්ගේ රැකියා ස්ථිර කිරීමට එරෙහි ආන්ඩුවේ පිලිවෙත රුදුරු ලෙස ක්‍රියාවට නංවන්නෙකි.
කෙසේ නමුත්, රත්නායක ඇතුලු සමිති නිලධරයේ පාවාදීම් හමුවේ, සුජීව එදිරිසිංහ ඇතුලු කොන්ත්‍රාත් කම්කරු කන්ඩායමක නායකත්වයෙන් ගොඩනගා ඇති, 'ශ්‍රම සේවක එකමුතුව' ක්‍රියාත්මක වනුයේ ද ධනපති ආන්ඩුවට පීඩනය යොදා ඉල්ලීම් දිනාගත හැකිය යන මිත්‍යාව මත යි.
ජාමූඅ ප්‍රහාරයන්ට එරෙහි ව, කම්කරු පංතිය දේශපාලන ක්‍රියාමාර්ගයකින් සන්නද්ධ කිරීමට මෙම එකමුතුව මුලුමනින් ම එරෙහි ය. මැයි 26 දා, සෙත්සිරිපායේ දී ඇමති කරුනාතිලක සමග කල සාකච්ඡාවෙන් පසු කම්කරුවන් ඇමතු ශ්‍රම සේවක එකමුතුවේ නායකයෙක් මෙසේ පැවසී ය:
“දේශපාලන පක්ෂයකට යට වෙන්නත්, දේශපාලනය මේකට ගාව ගන්නත් හොඳ නෑ. මේක වෘත්තීය සටනක් පමනයි. දේශපාලන ලේබල් එක වදිනවා කියන්නේ අපේ ගමනට ලොකු බාධාවක් වෙනවා. දේශපාලන ලේබල් එක වැදුන ගමන් අපිව වෙන් පැත්තකට තල්ලු වෙනවා. කිසිසේත් රජයට විරුද්ධව නෙවෙයි (ඇමති) හමුවෙන්න ගියේ.'
ජල සම්පාදන මන්ඩලයට ඔවුන් බඳවා ගන්නා ලෙස ඉල්ලමින් ශ්‍රම කොන්ත්‍රාත් කම්කරුවන් ගෙනයන සටන ඝෘජුව ගැටෙන්නේ ජාමූඅ හි වැඩපිලිවෙල සහ එය ක්‍රියාවට දමන ජවිපෙ/ජාජබ ආන්ඩුව සමගයි. එබැවින් එයට, ජවිපෙ/ජාජබ ආන්ඩුවට සහ ධනපති ක්‍රමයට එරෙහි දේශපාලන ක්‍රියා මාර්ගයකින් තොරව ඉදිරියට යා නොහැක. මෙම තතු තුල, 'දේශපාලනය එපා' යනුවෙන් 'ශ්‍රම සේවක එකමුතුවේ' නායකයන් ගෙනයන උද්ඝෝෂනය කම්කරුවන් දේශපාලනිකව නිරායුද කරමින්, ප්‍රහාරය ඉදිරියට ගෙනයාම සඳහා ආන්ඩුවේ අත ශක්තිමත් කරයි.
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මන්ඩලයේ කාර්යාල සහ වැඩ බිම් වල 2000 කට ආසන්න ශ්‍රම කොන්ත්‍රාත් කම්කරුවෝ ශ්‍රම කොන්ත්‍රාත් කම්කරුවෝ, කලමනාකාර සහකරුවන්, වැද්දුම්කරුවන්, පොම්ප ක්‍රියාකරවන්නන්, කාර්මික ශිල්පීන්, මනු කියවන්නන් ලෙස සේවය කරති.
ඔවුන් ට තම රැකියාවේ නිරත වීමට සිදු ව ඇත්තේ වහල් කොන්දේසි යටතේ ය.
ශ්‍රම කොන්ත්‍රාත් සේවිකාවක් මේ පිලිබඳව යු ටියුබ් නාලිකවකට දැක්වු අදහස් මෙසේ ය:
'මම රද්දොලුගම ජල සම්පාදනයට අනුයුක්ත ව සේවය කරන්නේ මෙතන ඉන්නවා අවුරුද්දේ ඉදලා අවුරුදු පහලොව දක්වා සේවය කල අය. නමුත් අපිව සලකන්නේ නුපුහුනු සේවකයෝ විදියට. අපේ දවසක වැටුප රුපියල් 1200 යයි.1300 අතර ප්‍රමානයක්.මේ අවුරුදු 15 ටම මගේ පඩිය වැඩි වුනේ රුපියල් 100යයි. ඉතින් මේ පඩියෙන් අපට ජීවත් වෙන්න පුලුවන්ද?'
මෙම වැටුපෙන් පවුලක් නඩත්තු කල නොහැකි නිසා බොහෝ සේවකයන් රාත්‍රී කාලයේ වෙනත් රැකියාවල යෙදේ. ශ්‍රම කොන්ත්‍රාත් සේවකයින්ට එකදු නිවාඩුවක් හෝ හිමි නැත. මාසික පැමිනීමේ දීමනාව රුපියල් 5000ක් වන අතර, එය ලබා ගැනිමට මසකට දින 24 ක් සේවයට වාර්තා කල යුතු ය. සමහර වැඩ බිම්වල දින 24 වාර්තා කලවිට දින 26ක් පැමිනිය යුතු බව කියයි. එක් දිනයක් නොපැමිනිය හොත් රුපියල් 1000 ක්ද දින දෙකක් නොපැමිනියහොත් රුපියල් 2000 ක්ද අඩුකර පැමිනිමේ දීමනාව ලබාදේ. සමහර වැඩබිම්වල එක්දිනක් නොපැමිනීය හොත් මුලු දීමනාව ම නොලැබේ.
පෙරවරු 8.00 වන විට සේවාස්ථාන වලට වාර්තා කලයුතුවේ. පැමිනිම 8.01 ලෙස ඇඟිලි සලකුනු යන්ත්‍රයේ සටහන් වුවහොත් එදින වැටුපෙන් රුපියල් 300ක් අඩු කරයි. 8.09 වුවහොත් රුපියල් 480ක් අඩුකරත බවට වාර්තා විය.
අතිකාල පැයකට ගෙවන මුදල රුපියල් 160, 256 සහ 280 වේ. මසකට ලබාදෙන අතිකාල පැය ගනන පැය 50 හෝ 60 වේ. මෙම අගයන් සමාගම්වල ගිවිසුම අනුව එකිනෙකට වෙනස්වේ.
පසුගිය මාස දෙකක සිට කොන්ත්‍රාත් සමාගම් සේවකයන්ට ලැබෙන රුපියල් 45000 කට ආසන්න මාසික වැටුපෙන් රුපියල් 4000 ක මුදලක් උපක්‍රමශීලීව අඩුකර තිබේ. මේ පිලිබඳව ශ්‍රම කොන්ත්‍රාත් සේවකයකු දැක්වූයේ මෙවැනි අදහසකි :
'අපිට මේ වෙනකන් ම ඉරිදා දවස් වලට සහ පෝයට වැඩ කලා ම දවසක පඩියක් දුන්නා. නමුත් දැන් මාස දෙකක ඉඳලා දවසේ පඩිය නොදී ඒ වෙනුවට අතිකාල දෙනවා. නමුත් අතිකාල සීමා කරල තියන නිසා එතකොට අපට පඩිය අඩු වෙනවා.'
වැඩපොලේ දී සිදුවන අනතුරු වලට වන්දි මුදලක් ලැබීමට දින තුනක් රෝහල්ගත ව සිටිය යුතුය. එවිට රුපියල් 1500ක වන්දි මුදලක් ලැබේ. ඊට වඩා වැඩි මුදලක් රැකියාවට යෑමෙන් ලැබෙන නිසා සේවකයෝ අසනීපයෙන් වුවද රැකියාව කරති. ශ්‍රම කොන්ත්‍රාත් සේවකයෝ අත පය කැපීයෑම්, අස්ථි බිදීම් වැනි විවිධ අනතුරු හා අසනීප වලට නිරතුරු ව භාජනය වෙති.
කොන්ත්‍රාත් සමාගම් විසින් සේවකයන් සපයන විට අදාල සමාගම විසින් එම සේවකයන් රක්ෂනය කල යුතු වේ. ඉතා අඩු වන්දි මුදලක් ලබාදෙන රක්ෂන සමාගම් සමග කොන්ත්‍රාත් සමාගම් ගිවිසුම් ගත ව සිටියි. මේ නිසා අනතුරක් හෝ අසනීපයක දී ලැබෙන්නේ සොච්චම් වන්දියකි.
බියගම කලාපයේ වැඩබිමක සේවයේ යෙදී සිටිය දී සිදුවු අනතුරකින් ජල සම්පාදන මන්ඩලයේ ශ්‍රම කොන්ත්‍රාත් සේවකයකුගේ ඇසක් අන්ධ විය. ඔහුට මෙතෙක් රක්ෂන සමාගමෙන් හෝ මන්ඩලයෙන් කිසිදු වන්දියක් ලැබී නැත. ජීවිත හානියක් සඳහා ලැබෙනුයේ රුපියල් ලක්ෂ අට හමාරක සොච්චම් වන්දියකි. මන්ඩලයේ සේවයේ යෙදී සිටිය දී මී උන වැලඳුන කම්කරුවන් කන්ඩායමක් අතුරෙන් හතලිස් දෙහැවිරිදි දිනේෂ් ලක්මාල් නැමැති සේවකයා මියගිය නමුත් ඔහුට අදාල වන්දි මුදල මෙතෙක් නොලැබුන බව වාර්තාවේ.
2022 ජනවාරි 10 වන දින, ට්‍රක් රථකට භාන්ඩ පැටවීමේ දී රෝහිත ප්‍රියංකර ගේ ඇඟිල්ලක් අස්ථිය දක්වා කැපුනි. එම අනතුරේ දී, තමන්ට සිදුවූ අසාධාරනය පිලිබඳ ඔහු මෙසේ විස්තර කලේ ය .
“මගේ ඇඟිල්ල කැපිලත් මම හවස 7.00 වෙනකන් වැඩ කරලා ඉස්පිරිතාලේට ගියා. මට දවස් හතරක් රෝහලේ ඉන්න වුනා. මම ඕෆ් එක ගැහුවේ නෑ කියලා එදා දවසේ මගේ පඩි කැපුවා. ඉස්පිරිතාලේ හිටි දවස් හතරෙත් පඩියත් කැපුවා. ඕකයි අපේ රැකියාවේ තත්වේ. අපි කරන්නේ වහල් සේවයක්. අපිට කිසිම සුරක්ෂිතභාවයක් නැහැ.'
මන්ඩලයේ වසර 25 කට වැඩි කාලයක් සේවය කල ශ්‍රම කොන්ත්‍රාත් සේවකයෙකු පැවසූවේ, ඔහු රැකියාවට පැමිනි පසු, බලයට පැමිනි සැම ආන්ඩුවක් ම, මන්ඩලයට බඳවා ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කල බවයි. ඔහු, 2010 සිට, ජවිපෙ නායකත්වය දෙන ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ මූලිකත්වය යටතේ, උද්ඝෝෂන සහ පෙලපාලි ආදී ක්‍රියාකාරකම් වලට සක්‍රීය ව දායක වී ඇත.
වත්මන් ජවිපෙ/ජාජබ ආන්ඩුව බලයට පැමිනීමට පෙර, මෑන් පවර් සේවය 'වහල්' සේවයක් ලෙස නම් කරමින්, බලයට පැමිනි වහා ම එය අවසන් කරන බවට පොරොන්දු වූ නමුත්, දැන් එය මුලුමනින් ම අමතක කර ඇති බව ඔහු කෝපයෙන් කීවේ ය.
අනෙකුත් කම්කරුවන්ගේ අරගල මෙන්ම, රැකියා ස්ථිර කර ගැනීම සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මන්ඩලයේ ශ්‍රම කොන්ත්‍රාත් සේවකයින් ගෙනයන අරගලය ඉදිරියට ගෙන යා හැකි හැකිවන්නේ, ජවිපෙ/ජාජබ ඇතුලු සියලු ම ධනපති පක්ෂ වලින්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු ව්‍යාජ වාම පක්ෂ වලින් සහ වෘත්තීය සමිති නිලධරයෙන් වෙන් වී, අරගලය තම අතට ගැනීමෙනි. ඒ සඳහා සෑම වැඩපොලකම කම්කරුවන්ගේ ස්වාධීන ක්‍රියාකාරී කම්ටු ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය වේ.