රජයේ රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා පුරප්පාඩු සඳහා සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන් බඳවා ගැනීමට පැවති තරඟ විභාගය වර්ජනය කල රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට රැකියා ලබා දීම ජනතා විමුක්ති පෙරමුනු (ජවිපෙ)/ ජාතික ජන බලවේග (ජාජබ) ආන්ඩුව ප්‍රතික්ෂේප කර ඇත.
රාජ්‍ය සහ පුද්ගලික යන දෙවර්ගයේ ම විශ්වවිද්‍යාල වලින් සමසෞඛ්‍ය උපාධිය ලද අයට මෙම තරඟ විභාගය විවෘත වූ අතර, අදාල සියලු සුදුසුකම් සපුරා ඇති තතු යටතේ තරඟ විභාගයක් පැවැත්වීම අසාධාරන බව පවසමින්, රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් සමසෞඛ්‍ය උපාධිය ලද 3000 ක් පමන දෙනා, 2025 අප්‍රේල් මස 27දා පැවති තරඟ විභාගය වර්ජනය කලහ.
අනුප්‍රාප්තික ආන්ඩු විසින් නිදහස් සෞඛ්‍ය සේවය තුල අඛන්ඩ ව සිදු කරන ලද කප්පාදුවල ප්‍රතිඵලයක් ලෙස, පරිපූරක වෛද්‍ය සේවා සඳහා බඳවා ගැනීම් වඩවඩාත් සීමා වූ තතු යටතේ, සමසෞඛ්‍ය උපාධිධාරීන් 3000 කට අධික සංඛ්‍යාවක් විරුකියාවෙන් පෙලෙති.
වෛද්‍ය රසායන විද්‍යා, විකිරන ශිල්පී, භෞත චිකිත්සක, ඖෂධවේදී සහ හෙද යන ක්ෂේත්‍රයන් හි උපාධිධාරීන් බිහි කිරීම සඳහා අවම පහසුකම් යටතේ සම සෞඛ්‍ය උපාධි පාඨමාලා ලංකාවේ ආරම්භ කරන ලද්දේ, 2005 වසරේ දී ය. ඉන් උපාධිය ලැබූවන් සඳහා 2010 හා 2019 යන වසරවල රජයේ රැකියා ලබා දුන් අතර එම අවස්ථාවලදී කිසිදු තරග විභාගයක් පැවතියේ නැත.
2021 වසරේ දී, ගෝටාභය රාජපක්ෂ ආන්ඩුව යටතේ නව චක්‍රලේඛයක් මගින් තරග විභාගයක් පැවැත්වීමට යෝජනා කෙරුනේ නව බඳවා ගැනීම් සීමා කිරීමේ එල්ලයෙනි. එල්ල වූ බරපතල විරෝධය මධ්‍යයේ තාවකාලික ව හකුලා ගැනුනු තරග විභාගය ජවිපෙ/ජාජබ ආන්ඩුව යටතේ යලි ක්‍රියාත්මක කරවීම උපාධිධාරීන්ගේ විරුද්ධත්වයට හේතු විය.
පවතින පුරප්පාඩුවලට වඩා වැඩි සංඛ්‍යාවක් රැකියා සඳහා ඉල්ලුම් කර ඇති නිසා තරග විභාග පැවැත්විම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශයක් යයි පවසමින් සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස තරග විභාග පැවැත්වීම දිගින් දිගට ම සාධාරනීකරනය කරයි.
500 කට රැකියා ලබාදීම, සමසෞඛ්‍ය උපාධිධාරීන්ගේ බලගතු විරුද්ධත්වය සමහන් කිරීම සඳහා ගනු ලැබූ පියවරක් පමනි. සෞඛ්‍ය පද්ධතිය තුල, විශේෂයෙන් ම ප්‍රාදේශීය රෝහල්වල පවතින සෞඛ්‍ය කාර්යමන්ඩල හිගය ජය ගැනීමට නම් දහස් ගනනක සෞඛ්‍ය සේවකයන් බඳවා ගත යුතු ය.
සෞඛ්‍ය වියදම් අඛන්ඩ ව කප්පාදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස දිස්ත්‍රික් මහ රෝහල්වල සිට ග්‍රාමීය රෝහල් දක්වා රුධිර පරීක්ෂන, එක්ස් රේ, ස්කෑන් වැනි පරිපූරක වෛද්‍ය සේවා කටයුතු අඩපන වී ඇත. එවැනි සේවා ඉහල මිල ගනන් ගෙවා පෞද්ගලික අංශයෙන් සිදු කර ගැනීමට රෝගීන්ට බල කෙරේ. රජයේ රෝහල්වල එවැනි පහසුකම් හිමිවන්නේ නේවාසික ව ප්‍රතිකාර ගනිමින් සිටින බරපතල තත්වයේ පසුවන රෝගීන්ට පමනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමට සපථ කර ඇති ජවිපෙ/ජාජබ ආන්ඩුව යටතේ මෙම කප්පාදුව තවත් ගැඹුරු කෙරෙමින් පවතී.
මෙම තතු යටතේ, විරැකියා ප්‍රශ්නය සම සෞඛ්‍ය උපාධිධාරීන්ට පමනක් සීමා වී නැත. විවිධ අංශවලින් උපාධි ලබා සිටින රැකියා විරහිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 40,000ක් ඉක්මවා තිබේ. රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධ ව ආන්ඩුවේ ප්‍රතිචාරය ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට අනුකූල එකකි. “මින්පසු රැකියා විරහිත උපාධිධාරීන් බල්ක් (එකවර සුවිසල් සංඛ්‍යාවක්) හැටියට බඳව ගන්නේ නැ. බඳවා ගැනීම් සිදුවන්නේ පවතින පුරප්පාඩු හා රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාවය මත” යයි මාර්තු මාසයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පැවසී ය. රාජ්‍ය අංශය කාර්යක්ෂම කිරීම යනු ජාමූඅ නියෝග මත රැකියා කප්පාදුව හා සූරාකෑම තවදුරටත් වේගවත් කිරීමයි.
සම සෞඛ්‍ය උපාධිධාරීන්ගේ විරෝධතාවන්හි මුදුනට පැන සිටින්නේ, ව්‍යාජ-වාම පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) විසින් මෙහෙය වන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබමය) යි. පුද්ගලික විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට, ඉහත තරඟ විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදීම පුද්ගලික විශ්වවිද්‍යාල ප්‍රවර්ධනය කිරීමේ ව්‍යායාමයක් බව පවසන අවිශිබම, ඔවුනට රජයේ රැකියා ලබාදීමට එරෙහි වෙයි. මෙය, රැකියා විරහිතයන් භේද කිරීමේ මර උගුලකි.
නිදහස් අධ්‍යාපන කප්පාදුව හේතුවෙන් රජයේ විශ්වවිද්‍යාලයන්හි අධ්‍යාපන අවස්ථා අහිමි වී ඇති තතු යටතේ, පුද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධිය හැදෑරීමට ඔවුන්ට බල කෙරී ඇත. ඔවුන් සහ රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන් මුහුන දී සිටින්නේ, එකම ප්‍රහාරයට යි.
නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය කප්පාදුව හා රැකියා කප්පාදුව ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලින්, එනම් එකම මූලයකින් ගලා එන බව දැනුවත්ව වසං කරන අවිශිබමය ශිෂ්‍යයන්, රැකියා විරහිතයන් කොටු කර තිබෙන්නේ ධනපති ක්‍රමය තුල ධනපති ආන්ඩුවලට බලපෑම් දාම අයිතීන් දිනා ගත හැකිය යන බංකොලොත් වැඩපිලිවෙලකටය.
අප්‍රේල් 28 දා කොලඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාවයකින් පසු උපාධිධාරීන් ඇමතූ අවිශිබමයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් මෙසේ කියා සිටියේ ය: “අපි උගුර ලේ රහ වෙනකන් අපේ සටන් පාඨ කිව්වා. මේ පාලකයන්ගේ ඇස් ඇරෙයිද කියලා බලන්න තමයි එහෙම කලේ. ආන්ඩුව කැමති නම් හැමදාම අපිව කොලඹ ගෙන්න ගන්න අපි එනවා. ආන්ඩුව ගැන අපි දන්නවා. ආන්ඩුවත් අපේ හැටි දැන ගන්න ඕනා”.
චන්ද්‍රජිත් මෙම පූච්චානම් ප්‍රකාශ කරන්නේ මාර්තු 28 දා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට ආරම්භ කල සත්‍යාග්‍රහයක් පොලීසිය විසින් මහ රෑ කඩාදමා උපාධිධාරීන් විසිහත් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ තත්වයක දී ය. එපමනක් නොව අප්‍රේල් 16 පැවති තවත් විරෝධතාවයක දී උපාධිධාරීන් නවදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබී ය. ඒ දෙවතාවේදී ම චන්ද්‍රජිත් හා සම සෞඛ්‍ය උපාධිධාරී එකමුතුවේ ලේකම් නජිත් දර්ෂිතව ද අත්අඩංගුවට ගනු ලැබ පසුව ඇප මත නිදහස් කෙරුනි.
අවිශිබමය තම විරෝධතා සඳහා, ලංකා ගුරු සංගමය (ලංගුස), විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ (විආසස), රවී කුමුදේශ් විසින් මෙහෙය වන වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමන්ඩලය හා ව්‍යාජ-වාම පෙරටුගාමි සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ-වාම සංවිධාන කැඳවාගෙන තිබේ. කම්කරු සටන් පාවාදීම සම්බන්ධයෙන් මෙම සංවිධාන කුප්‍රකට ය.
“ජනතා ආන්ඩුවක් නම් ඒ ජනතාව දෙන පනිවිඩය තේරුම් ගන්න. සෑම ප්‍රශ්නයක දී ම මේ විදිහේ අත්තනෝමතික විදිහට නම් කටයුතු කරන්නේ, ගෝටාභයවත් මතක් කර ගන්න” යයි මැයි 15 දා අවිශිබමය පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකට එක් වූ ලංගුස ලේකම් ජෝසප් ස්ටැලින් පැවසුවේය. ජාමූඅ හි කප්පාදු වැඩපිලිවෙල අකුරට ම ක්‍රියාත්මක කරන, ජවිපෙ/ජාජබ ආන්ඩුව, “ජනතා ආන්ඩුවක්” නොව, ජාතික සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ අවශ්‍යතා ඍජු ව නියෝජනය කරන ධනපති ආන්ඩුවකි. ස්ටැලින් ඇතුලු සමිති නිලධරය එය වසන් කරමින් ජවිපෙ/ජාජබ ආන්ඩුව, “ජනතා ආන්ඩුවක්” ලෙස පින්තාරු කරති.
විආසසමේ චාරුදත්ත ඉලංගසිංහ, ස්ටැලින් අනුයමින් මෙසේ පැවසී ය: “පසුගිය කාලේ බලයේ සිටි ආන්ඩු කරපු වැරදි නතර කරන්න තමයි අලුත් ආන්ඩුවක් බලයට ගෙනත් තියෙන්නේ. මේ ජනතාව ඉල්ලන විනිවිදභාවයෙන් යුත් තීන්දු ගන්න ආන්ඩුවට වගකීමක් තියෙනවා.”
සමිති නිලධරයේ සහ අවිශිබම යේ නිස්සාර විරෝධතාවන්ට විපරිත ව, සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ රැකියා අයිතිය දිනා ගැනීම මෙන්ම මහජනතාවට අවශ්‍ය ගුනාත්මක නිදහස් සෞඛ්‍ය හා අධ්‍යාපන සේවාවන් තහවුරු කිරීම බැඳි ඇත්තේ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල පරාජය කිරීමේ සටන සමගයි.
එය සිදු කල හැක්කේ, සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ රැකියා දිනා ගැනීමේ අරගලය වටා අවශේෂ රැකියා විරහිතයන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හා ජාමූඅ කප්පාදු වැඩපිලිවෙල මගින් තම රැකියා, වැටුප්, දීමනා හා සේවා කොන්දේසි මත එල්ල කෙරෙන ප්‍රහාරයන්ට එරෙහිව සටන් වැද සිටින කම්කරු පන්තිය සමග ඒකාබද්ධ ව ජවිපෙ/ජාජබ ආන්ඩුවටත් ධනපති ක්‍රමයටත් එරෙහි ව දේශපාලන අරගලයක් දියත් කිරීමෙනි.
ඒ සඳහා, ශිෂ්‍යයන්, රැකියා විරහිතයන් සහ අවශේෂ කම්කරුවන්, ජාමූඅ අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල ඒ හෝ මේ ආකාරයෙන් අනුමත කරමින්, ජවිපෙ/ජාජබ ආන්ඩුව “ජනතා ආන්ඩුවක්” යන මිත්‍යාව වගාදිගා කරන වෘත්තීය සමිතිවලින් හා ව්‍යාජ-වාම පක්ෂවලින් දේශපාලනික ව හා සංවිධානාත්මකව වෙන් විය යුතු ය.