පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමයේ ආරාධනයක් මත සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානය, 'ඉන්දු-පකිස්ථාන ගැටුම සහ න්‍යෂ්ටික යුද තර්ජනය' යන මැයෙන්, ජුනි මස 05 දා එම විශ්වවිද්‍යාලයේ දී සාර්ථක රැස්වීමක් පැවැත්වී ය. එයට, ශිෂ්‍යයන්, ආචාර්යවරුන් සහ අනධ්‍යන කාර්ය මන්ඩල සේවකයන් සැලකිය යුතු සංඛ්‍යාවක් සහභාගි වී සිටියහ.
රැස්වීම ගොඩනගනුවස්, ශිෂ්‍යයන් සහ අධ්‍යන/අනධ්‍යන සේවකයන් අතර, සසජාතශි හා සමාජවාදී සමානතා පක්ෂය (සසප) ගෙනගිය උද්ඝෝෂනයේ දී, යුද්ධයේ මූලයන් සහ එය නතර කිරීමේ වැඩපිලිවෙල පැහැදිලි කෙරෙන ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ලිපි ඔවුන් අතර බෙදා හරිමින්, ඒ මත වැදගත් සාකච්ඡාවක් වර්ධනය කර ගැනීමට හැකි විය.
රැස්වීම ආරම්භ කරමින්, දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමයේ උප සභාපති විදුර තම සංගමයේ අරමුනු පැහැදිලි කලේය. තම සංගමය ශිෂ්‍ය සුභසාධන කටයුතු ඉක්මවා “ලෝක දේශපාලනය තුල නව ප්‍රවනතා හා ගැටලු පිලිබඳව සොයා බැලීමට කැපවී ක්‍රියා කරන සංගමයක්” බව ඔහු පැවසීය. “ඉන්දු-පකිස්ථාන යුද්ධය සම්බන්ධව බොහෝ දෙනෙක් කතා කරන නමුත් ඒ පිලිබඳ නිසි අවබෝධයක් ලබා ගැනීමට, යුද්ධයට බලපෑ හේතු කාරනා දැන ගැනීමට අවශ්‍ය වූ නිසා මෙම රැස්වීම සංවිධානය කලා” යයි විදුර වැඩිදුරටත් කියා සිටියේ ය.
රැස්වීමේ මූලාසනය දැරූවේ ශ්‍රී ලංකාවේ සසජාතශි කැඳවුම්කරු කපිල ප්‍රනාන්දු විසිනි. කපිල ප්‍රනාන්දු රැස්වීමට ආරාධනා කිරීම සම්බන්ධව දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමයට, දේශපාලන විද්‍යා අංශයේ ප්‍රධාන මහාචාර්ය උපුල් අබේරත්න ට සහ සංගමයේ ජේෂ්ඨ භාන්ඩාගාරික ආචාර්ය සුමුදු වලාකුලුගේ හට සිය ස්තූතිය පල කලේ ය.
ඉන්දු-පකිස්ථාන යුද්ධයක කලාපීය හා ජාත්‍යන්තර බලපෑම, විශේෂයෙන් ම ඇමරිකානු අධිරාජ්‍යවාදීන් ප්‍රමුඛ නේටෝ බලයන්ගේ චීනයට එරෙහි යුද සූදානම හමුවේ ඉන්දු-පකිස්ථාන යුද්ධයකට ඇමරිකාව හා චීනයේ මැදිහත්වීමක් ඇති විය හැකි ආකාරයත්, මැදපෙරදිග, දකුනු චීන මුහුදු කලාපයත් ඇතුලු ලොව පුරා පෙරමුනු කිහිපයකින් ලෝක යුද අන්තරාය වැඩෙන ආකාරයත් ප්‍රනාන්දු පෙන්වා දුන්නේ ය.
විශ්වවිද්‍යාල තුල මෙවැනි ජාත්‍යන්තර වර්ධනයන් සම්බන්ධව සාකච්ඡා, වාද විවාද පැවැත්වීමට ඉඩකඩ පැවතිය යුතු බව පෙන්වා දුන් ප්‍රනාන්දු, “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිලිවෙල පරාජය කරන්නේ කෙසේ ද ?” යන මාතෘකාව යටතේ, ජනවාරී මස 03 දා , සසජාතශි විසින් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ දේශනය ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ)/ ජාතික ජන බලවේග (ජාජබ) ආන්ඩුව විසින් තහනම් කිරීමට එරෙහිව සසජාතශි යෙදීගත් උද්ඝෝෂනය පිලිබඳව ද අවධානය යොමු කලේ ය.
ප්‍රධාන කතාව පවත්වනු ලැබුවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සහකාර ලේකම් සමන් ගුනදාස විසිනි. අප්‍රේල් මස 22 දා පුද්ගලයන් 26 ක් ඝාතනය කරමින් කාෂ්මීරයේ ඉන්දියානු පාලන ප්‍රදේශයකට එල්ල කෙරුනු ප්‍රහාරයට පකිස්ථානය සම්බන්ධ යයි චෝදනා කරමින් ඉන්දියාවේ මෝදී ආන්ඩුව මැයි 06 දා එල්ල කල බරපතල ප්‍රහාරය පිලිබඳව විස්තර කරමින් ගුනදාස කතාව ආරම්භ කලේ ය.
“පකිස්තාන ආන්ඩුව ප්‍රහාරය සම්බන්ධ චෝදනා ප්‍රතික්ෂේප කලා විතරක් නෙවෙයි, ඉන්දියාව සම්බන්ධ වී සිදු කරන පරීක්ෂාවකට ලක් වීමට තම කැමැත්තත් ප්‍රකාශ කර තිබියදි ඒ සියල්ල නොතකා ඉන්දියාව මෙම ප්‍රහාර එල්ල කෙරුවේ. පකිස්තානය පාලනය කරන කාශ්මීරයේ හා පන්ජාබයේ ස්ථාන නවයකට පමන ප්‍රහාරක ගුවන් යානා 75 ක් හා මිසයිල යොදාගෙන පහර දුන්නා. පකිස්තානය ඊට ප්‍රතිචාර දැක්වූවා දේශ සීමා හරහා යුද්ධයක් වර්ධනය වුනා”.
ප්‍රහාරයත් සමග, පකිස්ථානයේ ජනගහනයෙන් සියයට 80 ක් පමන පිරිසකගේ විදුලිබල, කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා උපයෝගි වන 1960 සිට ක්‍රියාත්මක වූ ඉන්දුස් ජල ගිවිසුම ඒකපාර්ශවීයව නතර කල ඉන්දියාව, දෙරට අතර ප්‍රවාහන කටයුතු නතර කොට පකිස්ථානයේ සිටි තම රාජ්‍ය නිලධාරීන් යලි කැඳවීය. පකිස්ථානය ද සමාන ප්‍රතිචාර දැක්වීය.
මැයි 10 වනතෙක් බිහිසුනු ආකාරයෙන් යුද්ධය ඇදී ගිය ආකාරය පෙන්වාදුන් ගුනදාස ඉන්දියානු මෝදී ආන්ඩුව රට තුල යුද මනෝගතියක් අවුලුවලු ආකාරය විස්තර කලේ ය. “ඉන්දියාවේ දිස්ත්‍රික්ක 250 ක එනම් ඉන්දියාවෙන් 1/3 පමන මෙම යුධ අභ්‍යාස, මිලිටරි ප්‍රහාරයන් හා බෝම්බ ආදියෙන් ආරක්ෂා වීම, විදුලි බලය ඇන හිටීමේ හා සන්නිවේදන පද්ධති බිඳ වැටීමේදී ප්‍රතිචාර දැක්වීම ආදිය ඇතුලුව සමස්ත රටම යුධ මනෝගතියක පිහිටුවීම මේ හරහා සිදු කෙරුනා. පාසැල් සිසුන් හා සිවිල් වැසියන් මෙම යුධ උත්සන්නියකට යට කලා”.
මැයි 10 වන විට පකිස්තාන වැසියන් 31ක් හා ඉන්දියානු වැසියන් 12ක් ඝාතනය වී තවත් ගනනාවක් තුවාල ලබා තිබුනි. ඉන්දියාව හා පකිස්ථානය න්‍යෂ්ටික බලයන් දෙකක් වන තත්වය තුල යුද අන්තරාය ජාත්‍යන්තරව වැඩුනු බව දේශකයා පෙන්වා දුන්නේ ය.
“රටවල් දෙක සතුවම න්‍යෂ්ටික බලය සහිත දැවැන්ත මිසයිල 170ට වැඩි ප්‍රමානයක් පවතිනවා. අග්නි 5 මිසයලයකට න්‍යෂ්ටික යුධ ශිර්ෂ 10 -12 ක් කිමී 5000 ට වැඩි දුරක් නිමේෂයකින් ගෙන යාහැකියි. එක් යුධ හිසක හිරෝෂිමාවට දැමූ බෝම්බය මෙන් 10 ගුනයක බලයක් තිබෙනවා” ගුනදාස පැහැදිලි කලේ ය.
මෙවන් මිසයිලයකින් ක්ෂනයකින් මිලියන 20ක් ජනයා ඝාතනය වන අතර එම ප්‍රහාරයෙන් පැන නගින දුමාරය ඉහල වායු ගෝලයට ගමන් කීරීම නිසා න්‍යෂ්ටික ශීත කාලයක් වසර ගනනක් පුරා පැවතීම නිසා කෘෂිකර්මාන්තය බිඳ වැටී බිලියනයක් පමන ජනයා මිය යා හැකි බව විද්‍යාඥයින් පෙන්වා දී තිබේ.
මෙම නායකයන් න්‍යෂ්ටික යුද්ධයක් ගැන කතා කරන්නේ මෙම කරුනු පිලිබඳව නොදැන නොවේ යයි කියා සිටි දේශකයා, පූර්න යුද්ධයක් ආරම්භවුවහොත් න්‍යෂ්ටික ආයුධ පාවිච්චි කිරීමට සිදුවන බවට පකිස්තාන ආරක්ෂක ඇමති කල ප්‍රකාශයකට පිලිතුරු ලෙස “න්‍යෂ්ටික තර්ජන වලින් අපව නවත්වන්න බැහැ” යනුවෙන් මෝදි සිදු කල තවත් භයන්කාර ප්‍රකාශක් උපුටා දැක්වී ය.
දෙරට අතර යුද්ධයකට ඇමරිකා එක්සත් ජනපදය හා චීනය සම්බන්ධ වීමේ හැකියාව දේශකයා පෙන්වා දෙමින් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආර්ථික ඛාදනයේ තතු පෙන්වා දුන්නේ ය. “අද ලෝකයේ වැඩිම නයකාර රටබවට පත්ව තිබෙන්නේ ඇමරිකාව. ඇමරිකාවේ නය ඩොලර් ට්‍රිලියන 36ක් දක්වා ඉහල ගිහින් තිබෙනවා. ජාත්‍යන්තර රේටින් ආයතන ඇමරිකානු ආර්ථිකයේ ප්‍රමිතිය A3 සිට A2 ට බස්සලා තියෙනවා”.
චීනයේ ආර්ථික නැගීමට ප්‍රතිචාර ලෙස ඇමරිකානු අධිරාජ්‍යවාදීන් පසුගිය දශක දෙකක පමන කාලයක සිට චීනයට එරෙහි යුද සැලසුම්වල ප්‍රධාන මූලෝපායික සහයෝගීකරුවෙක් ලෙස ඉන්දියාව සමීප කර ගෙන තිබේ. චීනයේ මුහුදු සැපයුම් මාර්ග අවහිර කිරීමේ එක්සත් ජනපදයේ උත්සාහයට ප්‍රතිචාර ලෙස පකිස්ථානය සමග චීනය නව ආර්ථික සබඳතා වර්ධනය කර ඇත. මේ වන විට පකිස්ථානයේ ආයුධ සැපයීම්වලින් සියයට 80 ම සිදු කෙරෙන්නේ චීනයෙන් බව දේශකයා පෙන්වා දුන්නේ ය.
“ඉන්දියාව දේශසීමා පිලිබඳව චීනය සමඟ පවතින ආතතිය ඉන්දීය-චීන ගැටුම් කිහිපයකට මුල් වුනා. ජපාන හා ඕස්ට්‍රේලියානු අධිරාජ්‍යවාදීන් සමග ඇමරිකාව ගොඩනගා ඇති කොඩ් සන්ධානයේ ඉන්දියාව ප්‍රමුක ස්ථානයක් දරනවා” යැයි ගුනදාස පැවසී ය.
මෑත දී ඉන්දීය අගමැති මෝදි හා ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අත්සන් කෙරුනුආරක්ෂක ගිවිසුම, ඇමරිකාවේ චීන විරෝධි පෙලගැසීම්වල කොටසක් බවත්, දැනටමත් ලංකාවේ ආන්ඩු ඇමරිකාව සමග ඇක්සා නමින් හඳුන්වන ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර ඇති බවත්, එමගින් ලංකාවේ ගුවන් තොටුපල හා වරාය ඇමරිකාවේ මිලිටරියට තම යුද කටයුතු සඳහා භාවිතා කිරීමට හැකියාව ලබා දී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
ඉන්දු-පකිස්ථාන ගැටුමේ ඓතිහාසික මූලයන් වගවිභාග කිරීමට ගුනදාස යොමු වෙමින් මෙසේ ප්‍රකාශ කලේ ය. “බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයින් 1947 වනවිට මුහුන දුන් ජනතා ප්‍රතිරෝධය හමුවේ රටේ ධනපති පන්තිය හරහා සිය වුවමනාවන්, ආර්ථික සූරා කෑම පවත්වා ගෙන යාමේ පිලිවෙතකට මාරු වුනා. එහිදී ඔවුන් ඉන්දියානු ධනපති පන්තියට දැවැන්ත ඉන්දියානු කම්කරු ජනයා පාගා ගැනීමට අවශ්‍ය මූලෝපාය වුනේ ඉන්දියාව හින්දු හා මුස්ලිම් දේශයන් දෙකකට බෙදා පන්ති වෛරය ආගම්වාදී වාර්ගික වෛරයකට පීලි පැන්නවීමයි. අධිරාජ්‍යවාදීන් ගාන්ධි, නේරු, අලි ජින්නා ආදීන් සමඟ කුමන්ත්‍රනය කරලයි මේ බෙදීම කෙරුවේ”.
ආර්ථික සම්පත් මෙන්ම සංචාරක ආකර්ෂනයක් සහිත කාෂ්මීර ප්‍රදේශ අතහැරීමට දෙරටම එකග නොවූ තත්වය තුල මුස්ලිම් බහුතරයක් වෙසෙන කාෂ්මීරය යලි බෙදා වෙන් කිරීම, ඉන්දියාව හා පකිස්ථානය අතර 1949, 1965, 1971, 1999 ආදි වශයෙන් පුපුරා ගිය යුද්ධවල කේන්ද්‍රස්ථානය බවට පත් විය. වඩාත් මෑත දී 2016 සහ 2019 දී දරුනු ගැටුම් පුපුරා ගොස් තිබේ.
ඉන්දීය ආන්ඩු විසින් කාෂ්මීර ජනයා මත දිගේලි කර ඇති රුදුරු මර්දනය විවිධ ත්‍රස්තවාදී සංවිධානවල වැඩීමට හේතු ඇත. දෙරටේ ම පාලක පන්තීන් විසින් ගෙන යන සමාජ කප්පාදු පියවරයන්ට, ඒ තුලින් වර්ධනය වී ඇති සමාජ අසමානතාවය එරෙහිව වැඩෙන සමාජ විරෝධය ඉන්දීය ආන්ඩුව පකිස්ථාන විරෝධය ඇවිස්සීම මගින් ද පකිස්ථාන ආන්ඩු ඉන්දීය විරෝධයක් ඇවිස්සීම මගින් ද යටගැසීමට ප්‍රයත්න දරන ආකාරය දේශකයා පෙන්වා දුන්නේ ය.
“අද ලෝකයේ වැඩි ජනතාවයක් දරිද්‍රතාවයේ සිටින භූගෝලීය කලාපය දකුනු ආසියාවයි. සමාජ අසමානතාවය ගත්තොත් ඉන්දියාවේ ධනවත්ම සියයට 1 ඉන්දියාවේ ධනයෙන් සියයට 40 ක් හිමි කර ගනිද්දි පහලම ආදායම් ලබන සියයට 50 ට පවතින්නේ සියයට 3.8 කි. පකිස්ථානයේ ඉහලම සියයට එක ජාතික ධනයෙන් සියයට 38 ක් අත්පත් කර ගෙන තියෙද්දී පහලම සියයට 50 ට හිමි වන්නේ සියයට 4.4 ක් තරම් සොච්චමක්. ඒවගේම වාර්ෂිකව, ඉන්දියාව ඇමරිකානු ඩොලර් බිලියන 77 හා පකිස්තානය බිලියන 80 ක් වශයෙන් දැවැන්ත ලෙස යුද්ධයට මුදල් විනාශභාග් කරනවා. පන්ති ආතතිය දරුනු ලෙස ඉහල යන පසුබිමකයි මෙම යුධ උත්සන්නියට පැන ගනිමින් තිබෙන්නේ”.
වර්ධනය වන යුද තත්වය පරාජය කරන්නේ කෙසේ ද ? යන ප්‍රශ්නයට ගුනදාස බැරෑරුම් අවධානයක් යොමු කලේ ය. “පාලක පන්තීන්ට ආයාචනා කර පලක් නැහැ. ඔවුන්ගේ මූලෝපාය යුද්ධය හා සූරා කෑම තීව්‍ර කිරීමේ මාවතයි. මේ පුපුරා යමින් තිබෙන්නේ, නිෂ්පාදනයේ සමාජයීයකරනය සහ පෞද්ගලික දේපල අයිතිය අතර ද, නිෂ්පාදනයේ ගෝලීයකරනය සහ ධනේෂ්වර ජාතික රාජ්‍ය පද්ධතිය අතර ද වන ධනවාදයේ පරස්පරවිරෝධතායි”.
දේශකයා විසිවන සියවසේ අත්දැකීම් සමාලෝචනය කරමින්, පලමු ලෝක යුද්ධය අවසානයකට ගෙන ආ හැකි වූයේ, ලෙනින් හා ට්‍රොට්ස්කි නායකත්වය දුන් බෝල්ෂේවික් පක්ෂයේ නායකත්වයෙන්, 1917 දී ඔක්තෝබර් විප්ලවය ජයග්‍රහනයකොට, කම්කරු පන්තිය රුසියාවේ බලය ලබා ගැනීමෙන් බව ප්‍රකාශ කලේ ය. “ස්ටැලින්වාදී තනිරටේ සමාජවාදයට එරෙහිව හතරවන ජාත්‍යන්තරයේ ට්‍රේට්ස්කිවාදී ව්‍යාපාරයේ අත්දැකීම් අද දවසේ ධනපති ක්‍රමයේ ප්‍රහාරවලට එරෙහිව සටනට අවතීර්න වන කම්කරුවන්ට තරුනයන්ට අත්‍යාවශ්‍යයි” යයි කියා සිටියේ ය.
දකුනු ආසියාව පුරා දැවැන්ත පරිමානව කම්කරු පන්තිය වර්ධනය වී තිබෙන ආකාරය පෙන්වා දෙමින්, වෘත්තීය සමිති හා ව්‍යාජ-වාම පක්ෂ මැයි 20ට පැවත්වීමට තිබූ ඉන්දීය මහවැඩවර්ජනය මෝදීගේ “දේශප්‍රේමි යුද උද්ඝෝෂනයට” යටකල ආකාරය පෙන්වා දුන්නේ ය.
“කම්කරුවන්ට රටක් නැත. ඇත්තේ දිනා ගැනීමට ලොවකි. මහ පොලොවේ යථාර්තය මෙයයි. අවශ්‍ය වන්නේ ධනපති සූරාකෑම හා යුද්ධය නිමා කරන පන්ති යුද්ධයයි. සෑම රටකම කම්කරු පන්තිය තමන්ගේ රටේ ධනපති පන්තියට එරෙහිව බලමුලු ගැන්විය යුතු යි. මෙය සැම රටකටම අදාලයි. ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ යුධ විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට පෙරට එන්න” යැයි ඉල්ලමින් ගුනදාස දේශනය සමාප්තියකට ගෙන ආවේ ය.