තම සේවකයින් සියැට් සමාගමට මාරු කිරීම සම්බන්ධයෙන් මිචෙලින් සමාගම ඊට අදාල පත්වීම් ලිපි ජුනි 9 වන දින නිකුත් කිරීම ආරම්භ කරන බව නිවේදනය කර ඇති බව මිචෙලින් කර්මාන්ත ශාලාවේ අන්තර් සමාගම් සේවක සංගමයේ (අස්සේසං) ශාඛා ලේකම් පී.එච්.ඒ. සුපුන් මධුසංඛ ජුනි 6 වන දින සේවකයින්ට කෙටි පනිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය. සමාගම් දෙකම සමඟ කලින් පොරොන්දු වූ සහ එකඟ වූ “වරප්‍රසාද” ඒවායේ ඇතුලත් කර නැති බැවින් පත්වීම් ලිපිවලට අත්සන් නොකරන ලෙස ඔහු සේවකයින්ගෙන් ඉල්ලා සිටියේය.
මිචෙලින් සමාගම ඉල්ලා සිටින පරිදි ඊට ඉල්ලා අස්වීමේ ලිපි ඉදිරිපත් නොකල යුතු බව ද ඔහු සේවකයින්ට දැනුම් දුන්නේය.
ඊලඟ දිනයේ, සුපුන් මධුසංඛ සමාගම් දෙකම සමඟ දැනටමත් අත්සන් කර තිබූ ගිවිසුමේ සේවකයන් සම්බන්ධ 12.1 කොටස ලෙස සැලකිය හැකි තවත් ලේඛනයක් නිකුත් කලේය. කෙසේ වෙතත්, ඔහු දැන් මෙම ගිවිසුම ඉදිරිපත් කරන්නේ ඇයිද යන්න හෝ සේවකයින් ඒ සම්බන්ධයෙන් කල යුත්තේ කුමක්ද යන්න පැහැදිලි කලේ නැත. ඔහුගේ පෙර දින පනිවූඩය ගැන ද කිසිදු සඳහනක් එහි නොතිබුනි. ඔහු සේවකයන් ට සලකන්නේ තමන්ගේ අන පිලිපැදිය යුතු පිරිසක් ලෙසය.
එතැන් සිට අස්සේසං නිහඬ ය. ඉන් ඇඟවෙන්නේ, අස්සේසං නායකයන් මිචෙලින් සමාගමේ සිට සියැට් සංගතයට මාරුවීම සඳහා දක්වා ඇති කොන්දේසි සියල්ල පිලිගෙන ඇතිබවයි.
මිචෙලින් සේවකයින් සියැට් වෙත මාරු කිරීමේ ප්‍රශ්නය මුලින්ම මතු වූ දා සිට අස්සේසං ශාඛා සංගමය ද කිසිදු සාමාජික රැස්වීමක් පැවැත්වීම ප්‍රතික්ෂේප කර ඇත.
සඳුදා සිට කර්මාන්ත ශාලාවේ සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කර නැවත වැඩ ආරම්භ කලහ. තමන් සමග සාකච්ඡා කිරීම හෝ ශාඛාවේ සාමාජික රැස්වීමක් කැඳවීම මුලුමනින් ම ප්‍රතික්ෂේප කරන අසේසසං ශාඛා ලේකම් සුපුන් මධුසංඛ සහ සභාපති ජයලත්, කර්මාන්ත ශාලාවේ මානව සම්පත් කලමනාකරුවන් සමඟ නිතිපතා සුහද සාකච්ඡාවල නිරත වන ආකාරය ඔවුන් දැක ඇත. කම්කරුවන් මෙම හැසිරීම හඳුන්වන්නේ තමන්ට පිටුපස හරවා පාලකයන් සමග 'රහසිගත කටුකුටු ගෑමක' යෙදීමක් ලෙසයි.
අසේසසං නිලධාරීන් දැනටමත් මෙම අන්තර්ජාතික සංගත සමඟ එකඟ වී ඇති කොන්දේසි යටතේ, නව සමාගමට ඔවුන් තල්ලු කිරීම සඳහා තිරය පිටුපස කුමන්ත්‍රනයක යෙදී සිටින බවට මිචෙලින් සේවකයින්ට අපි අනතුරු අඟවමු.
මිචෙලින් සමාගම ඔවුන්ගේ වසර ගනනාවක සේවා කාලය සඳහා රුපියල් 200,000 (ඇමරිකානු ඩොලර් 650) ක සොච්චම් වන්දි මුදලකට මිචෙලින් සමඟ එකඟ වී ඇති බව දැනගත් මැයි 23 වන දින කම්කරුවන් තම අරගලය ආරම්භ කලහ. මෙම සොච්චම් මුදල පිලිගැනීම ප්‍රතික්ෂේප කරමින්, ඔවුන් තමන්ගේම ඉල්ලීම් සකස් කර, වැඩ නතර කර, උද්ඝෝෂනයක් දියත් කලහ.
මේ අතර, අසසේසං ලේකම් ජනක අධිකාරි, කම්කරුවන්ගේ අරගලය ප්‍රසිද්ධියේ හෙලා දුටුවේ, එය පාතාලයේ සහාය ඇතිව පරාජිත දේශපාලනඥයන්ගේ බලපෑමට ලක් වූ අතෘප්තිමත් සේවකයින් 150 ක් පමන එක්වී සිදු කරන ලද ක්‍රියාවක් බවට හංවඩු ගසමිනි.
කම්හල් කලමනාකාරිත්වය එක් සේවකයෙකුගේ සේවය අත්හිටුවා තවත් දෙදෙනෙකු මැයි මාසයේදී කිසිදු වගවිභාගයකින් තොරව සේවයෙන් පහ කලේය.
සේවයෙන් පහ කරන ලද සේවකයින් සමාගමේ පැමිනිල්ලක් මත පොලිසියට කැඳවූ විට, කර්මාන්ත ශාලාවේ නීති උපදේශක මිදිගම පොලිසියේදී, 'මේ පුද්ගලයන් සේවයෙන් නෙරපුවහොත්, අනෙක් සේවකයින් නිහඬ වනු ඇත' යනුවෙන් පැවසූ බව වාර්තාවේ.
නමුත් රටේ කම්කරු නීති පවා උල්ලංඝනය කරමින් සිදුකල මේ ක්‍රියාවන් අනුමතකර, නිහඬව සිටින්නට කම්කරුවන් සූදානම් වූයේ නැත. ක්ෂනිකවම ඔවුන් ඉල්ලා සිටියේ තම දඩයමට ලක් වූ සගයන් කොන්දේසි විරහිතව නැවත සේවයේ පිහිටුවන ලෙසයි.
දඩයමට ලක්වූ සේවකයින් මාතර කම්කරු විනිශ්චය සභාවට පැමිනිල්ලක් ගොනු කර ඇති අතර, පලමු විභාගය ජුනි 16 වන දිනට නියමිතය. ඉලක්ක කරගත් අයගේ අයිතිවාසිකම් නීත්‍යානුකූලව තහවුරු කිරීමට උත්සාහ කිරීම යුක්තිසහගතය. ඒ සමඟම, ලාභ පිපාසිත සමාගම්වලට වෘත්තීය සමිති නිලධාරීන්ගේ සහාය ඇතිව තමන්ගේ රැකියා, වැටුප් සහ අයිතිවාසිකම් උදුරා ගැනීමට කම්කරුවන් ඉඩ නොදිය යුතුය.
තමන්ගෙන් කිසිවක් නොවිමසා ක්‍රියාකරන මෙම වෘත්තීය සමිති නායකයින්ට, සාමාජිකයන් නියෝජනය කරන බව මවා පෑමට ඉඩ නොදිය යුතුය. මෙය නිලධාරිවාදී වෘත්තීය සමිති උපකරනයේ පැහැදිලි ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතයකි. යථාර්ථයේ දී, ඔවුන් කරන්නේ සාමාජිකයින්ට නොව, සේවකයින් හික්මවීමෙන් සහ පාවා දීමෙන් සමාගම්වල ට සේවය කිරීමයි.
කර්මාන්තශාලා කලමනාකාරිත්වයේ න්‍යාය පත්‍රයට අනුව වෘත්තීය සමිති නායකයින් විසින් සිදු කරනු ලබන ක්‍රියාවන් පිලිබඳව කම්කරුවන් අවදියෙන් සිටිය යුතුය. කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීහු ඔවුන්ට අනුබල දෙති. ජුනි 4 වෙනිදා මිචෙලින් කලමනාකාරිත්වය සහ අස්සේසං ශාඛා නායකයින් සමඟ පැවති සාකච්ඡාවකදී සමාගම් සමඟ අවබෝධතා ගිවිසුමකට එලඹීමට වෘත්තීය සමිතියට අයිතියක් ඇති බවත් එය ඔවුන් බැඳ තබන නමුත් සාමාජිකයින්ට එය හෙලි කිරීමට බැඳී නැතිබවත් ඔවුහු කියා සිටියහ.
සමාජවාදී සමානතා පක්ෂය (සසප) ඉල්ලා සිටි පරිදි, කම්කරුවන් තම අයිතිවාසිකම් සඳහා අරගලය තමන්ගේ අතට ගත යුතුය. තිරය පිටුපස ක්‍රියා කරන වෘත්තීය සමිති නිලධාරීන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් මර්දනය කිරීමට ඔවුන් ඉඩ නොදිය යුතුය. ඒ නිසා අපි කම්කරුවන් විසින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගන්නා, ප්‍රජාතන්ත්‍රවාදීව ඔවුන් වෙනුවෙන් තීරන ගන්නා සහ ඒ අනුව ක්‍රියාත්මක වන කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට ඉල්ලා සිටිමු.
මිචෙලින් සේවකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අරගලය හුදකලා එකක් නොවේ. මැයි 20 වන දින, තවත් බහුජාතික සමාගමක් වන නෙක්ස්ට්, කටුනායක නිදහස් වෙලඳ කලාපයේ ඇඟලුම් කම්හල් සේවකයින් 1,500 කට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් පහ කරන ලදී. සතියකට පසු, එම සමාගම ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වූ බවට සඳහන් කල ලිපිවල සේවකයින්ගෙන් අත්සන් ලබා ගත් අතර පසුව ඔවුන්ට සොච්චම් මුදලක් වන්දි වශයෙන් ගෙවා අත්සෝදා ගත්තේය.
ජවිපෙ/ජාජබ ආන්ඩුව කර්මාන්ත ශාලාව වසා දැමීම ආරක්ෂා කල අතර නිදහස් වෙලඳ කලාප පොදු හා කාර්මික කම්කරු සමිති නායකයින් කම්කරුවන් ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කලහ.
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය සහ කම්කරු ක්‍රියාකාරී කමිටු සාමූහිකය ඉරිදා (ජුනි 15) සවස 7 ට Zoom හරහා රැස්වීමක් පවත්වා මිචෙලින් කම්කරුවන් ගතයතු ඉදිරි පියවර සාකච්ඡා කිරීමට යොදාගෙන ඇත.
තේමාව: මිචෙලින් කම්කරු අරගලය ආරක්ෂා කරන්න!
මෙම වැදගත් රැස්වීමට සහභාගී වන ලෙස, මිචෙලින්, නෙක්ස්ට් සහ අනෙකුත් සමාගම්වල සේවකයින්ගෙන් මෙන්ම තරුනයින්ගෙන් අපි ඉල්ලා සිටිමු.
රැස්වීම් දිනය සහ වේලාව: ජූනි 15 ඉරිදා, සවස 7 ට
කරුනාකර, නොපමාව පහත සබැඳියෙන් ලියාපදිංචි වී එය තහවුරු කිරීමේ ඊමේල් ලිපිය ලබා ගන්න.
https://us06web.zoom.us/meeting/register/eIbnNE6sQPakh-mPByYHeQ