[මෙය The World Socialist Web Site and the fight against war, genocide, fascism and the Big Lie යන මැයෙන් 2025 මැයි 27 පල කෙරුනු ලිපියේ පරිවර්තනයයි.]
ලෝක සමාජවාදී වෙබ් අඩවියට ආධාර කරන මෙන් මම අද ඔබෙන් ඉල්ලා සිටිමි.
ලොව පුරා ධනේශ්වර පාලක පන්තිය දේශපාලන ප්‍රතිගාමිත්වයේ ඉතාමත් නින්දිත ආකාර පුනර්ජීවනය කරමින් සිටී. දෙවන ලෝක යුද්ධය අවසන් වී වසර අසූවකට පසු, එම ඓතිහාසික යුගයේ භීෂනය—යුද්ධය, ෆැසිස්ට්වාදය සහ ජන සංහාරය—නැවත වරක් මානව වර්ගයා ම්ලේච්ඡත්වයට ඇද දැමීමට තර්ජනය කරමින් සිටී.
දේශපාලන ප්‍රතිගාමිත්වයේ සියලු කාල පරිච්ඡේදවල ආවශ්‍යක ලක්ෂනයක් වන්නේ, ආන්ඩු සහ ඒවායේ මාධ්‍ය සහචරයින්, ඔවුන්ගේ අපරාධ සාධාරනීකරනය කිරීමටත්, ජනතාව නොමඟ යැවීමටත් යොදා ගන්නා මහා බොරුවේ උපක්‍රමයට යොමු වීමයි.
මහා බොරුව යනු එක් හෝ තවත් දේශපාලනඥයෙකුගේ සාම්ප්‍රදායික මුසාවාදයක් නොවේ. ඒ වෙනුවට, එය යථාර්ථයේ දැවැන්ත මුසාකරනයකි; එය තාර්කික විඛන්ඩනයන් උල්ලංඝනය කරන තරමට ම දැවැන්ත ය. එහි බලය පවතින්නේ රැවටිල්ලේ බිහිසුනු පරිමානය තුල ය. මහා බොරුව ඒත්තු ගැන්වෙන්නේ මනා-ව්‍යුහගත තර්ක සමඟ නොවේ. එය තම මුසාවාදයේ නිර්ලජ්ජිත බවින් මහජනතාව යටපත් කිරීමට උත්සාහ කරයි.
20 වන සියවස, දේශපාලන ප්‍රතිගාමීත්වයේ සහ ප්‍රතිවිප්ලවයේ කේන්ද්‍රීය අවියක් ලෙස මහා බොරුව මතුවීම අත්දුටුවේය. සමාජවාදී ව්‍යාපාරයේ නැගිටීමෙන් බියට පත්ව සිටි රුසියාවේ සාර්වාදී තන්ත්‍රය, යුදෙව් විරෝධී, [යුදෙවු නායකයන් ලෝක පාලනය අල්ලා ගැනීමට රහසිගත ව කුමන්ත්‍රනය කරන්නේ යැයි පැවසූ] වැඩිහිටි සියොන්වාදීන්ගේ ක්‍රියාමාර්ගය යන ව්‍යාජ ලේඛනය සකස් කලේය.
1917 දී බොල්ෂෙවිකයන් අපකීර්තියට පත් කිරීමට සහ විප්ලවයේ නැගී එන රැල්ල නැවැත්වීමට මංමුලා සහගත වූ ධනේශ්වර තාවකාලික ආන්ඩුව, ලෙනින් “ජර්මානු රත්තරන්” අල්ලස් ලෙස ගෙන ඇති බවට මිථ්‍යාවක් ගොතන ලදී.
පලමුවන ලෝක යුද්ධයෙන් පසු, ජර්මානු පාලක පන්තිය තම මිලිටරි පරාජයට හේතුව ලෙස ඉදිරිපත් කරන ලද්දේ, සමාජවාදීන් විසින් කරන ලද 'රහසිගත සතුරුකම්' ය. වැඩිහිටි සියොන්වාදීන්ගේ ක්‍රියාමාර්ගය ගැන බොරුව අලුත් කරමින් හිට්ලර්ගේ නාසි තන්ත්‍රය, තමන් යුදෙව්-බොල්ෂෙවික් කුමන්ත්‍රනයට එරෙහි ව ජර්මනිය ආරක්ෂා කරන බව ප්‍රකාශ කලේ ය.
සෝවියට් සමාජවාදී සමූහාන්ඩුවේ ස්ටැලින්වාදී තන්ත්‍රය, මොස්කව් නඩු විභාග පවත්වා බොල්ෂෙවික් පක්ෂයේ නායකයින්—ප්‍රථමයෙන් හා ප්‍රධාන වශයෙන් ලියොන් ට්‍රොට්ස්කි—ෆැසිස්ට්වාදයේ සහ ලෝක අධිරාජ්‍යවාදයේ ද්‍රෝහී නියෝජිතයන් ලෙස බොරු නඩු පැවරීම මගින්, සමාජවාදී ඔක්තෝබර් විප්ලවය පාවාදීම යුක්ති සහගත කිරීමට උත්සාහ කලේය.
දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිතිව, ඇමරිකානු පාලක පන්තිය, සීතල යුද්ධය, ලොව පුරා ඇමරිකානු මිලිටරි සහ සීඅයිඒ මෙහෙයුම් සහ අධිරාජ්‍යවාදයට සහ ධනවාදයට එරෙහි දේශීය දේශපාලන විරුද්ධත්වය මර්දනය කිරීම සඳහා දේශපාලනික හා දෘෂ්ටිවාදාත්මක ඉන්ධන සැපයූ ඊනියා “ලෝක-පරිමාන කොමියුනිස්ට් කුමන්ත්‍රනයට” එරෙහිව සෙනෙට් සභික ජෝ මැකාතිගේ දඩයම් කුරුස යුද්ධය දියත් කලේය.
21 වන සියවස ආරම්භ වූයේ, බුෂ් පරිපාලනය විසින් තම වංචනික “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය” යුක්ති සහගත කිරීම සඳහා “සමූල ඝාතක අවිවල” ආසන්න තර්ජනය පිලිබඳ ව්‍යාජ-ප්‍රබන්ධයක් නිර්මානය කිරීමෙනි. එයට ඇෆ්ගනිස්ථානය සහ ඉරාකය ආක්‍රමනය කිරීම පමනක් නොව, ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව නිර්මානය කිරීම සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වර්තමාන ඒකාධිපති පියවර සඳහා පදනම සකස් කල, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ප්‍රහාර උත්සන්න කිරීම ද ඇතුලත් විය.
පසුගිය වසර පහ තුල මහා බොරුවේ නව හා දේශපාලනික වශයෙන් මාරාන්තික පුනර්ජීවනයක් දක්නට ලැබුනි.
වසංගතයක අන්තරාය පිලිබඳ විද්‍යාඥයින්ගේ අනතුරු ඇඟවීමට අවනත නොවීම සහ SARS-CoV-2 වෛරසය පැතිරීමෙන් මහජනතාව ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය මහජන සෞඛ්‍ය පියවර ගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් වගකීම මග හරිමින්, ආන්ඩුව සහ මාධ්‍ය, වුහාන් රසායනාගාර කාන්දුව පිලිබඳ බොරුව ප්‍රවර්ධනය කර ඇත—එනම්, වසංගතය, මිනිසා විසින් සාදන ලද, එනම්, චීන රසායනාගාරයක නිෂ්පාදනය කරන ලද වෛරසයක් නිසා ඇති වූවක් බවට වන සම්පූර්නයෙන්ම වංචනික ප්‍රකාශයයි. මෙම බොරුව චීන විරෝධී වෛරය ඇවිස්සීමට සහ යුද්ධයට සූදානම් වීම තීව්‍ර කිරීමට පමනක් නොව; වෛද්‍ය විද්‍යාවත්, එන්නත් භාවිතයත් අපකීර්තියට පත් කිරීමට ද භාවිතා කර ඇත.
2020 ගනන්වල දෙවන මහා බොරුව වූයේ, යුක්‍රේනය තුල “අප්‍රකෝපිත යුද්ධයක්” පිලිබඳ—එනම්, 2022 පෙබරවාරි මාසයේ රුසියාවෙි යුක්‍රේන ආක්‍රමනය, තනිකරම, ව්ලැඩිමීර් පුටින්ගේ දුෂ්ට අහංකාරෝන්මාදයේ නිෂ්පාදනයක් බවත්, ඒ සඳහා යුක්‍රේනය හෝ නැටෝව සුලු වගකීමක් හෝ නොදරන බවත් පිලිබඳ—ප්‍රකාශයයි.
ගාසා තීරයේ ජනගහනයට එරෙහි ඊශ්‍රායලයේ ජන සංහාරක යුද්ධයට එරෙහි විරෝධය 'යුදෙව්-විරෝධී' බවට කරන ප්‍රකාශය, තුන්වන සහ විශාලතම බොරුවයි. මෙම බොරුව, වැඩිහිටි සියොන්වාදීන්ගේ මූලලේඛනයෙන් පසු යුදෙව් ජනතාවට එරෙහිව එල්ල කරන ලද වඩාත්ම නින්දිත ම අපහාසයයි. සියලු අභිප්‍රායන් සහ අරමුනු සඳහා, යුදෙව්වෙකුගේ නෛසර්ගික ලක්ෂනය වන්නේ පලස්තීනුවන් ඝාතනය කිරීමට සහාය දීම බව, එය ප්‍රකාශ කරයි. යුදෙව්වන්ගේ අනන්‍යතාවය, ඊශ්‍රායල රාජ්‍යයේ සහ එහි ෆැසිස්ට්වාදී-සියොන්වාදී දෘෂ්ටිවාදීන්ගේ ප්‍රතිපත්ති මගින් අර්ථ දක්වා ඇත. යුදෙව් විරෝධීන් යනු, විශේෂයෙන් යුදෙව්වන් ද ඇතුලුව, ජන සංහාරයට විරුද්ධ වන සියල්ලන්ම ය.
මෙය වචනයක සැබෑ අර්ථයට ප්‍රතිවිරුද්ධ දේ ආරෝපනය කිරීමකි—එය ජෝර්ජ් ඕවෙල්ගේ 1984 හි 'නිව්ස්පීක්' නිරූපනය කිරීමේදී පරිකල්පනය කරන ලද ඕනෑම දෙයකට වඩා බොහෝ සෙයින් විශාල පරිමානයකි.
මහා බොරුව හුදෙක් දේශපාලනඥයන්ගේ දුරාචාරයේ නිෂ්පාදනයක් නොවේ. එය පාලක පන්තියේ අවශ්‍යතාත්, එම අවශ්‍යතා සහ සමස්තයක් ලෙස සමාජයේ අවශ්‍යතා අතර ප්‍රතිවිරෝධතාවලත් වෛෂයික ප්‍රකාශනයකි. බොරුවල විශාලත්වය තීරනය වන්නේ සමාජ ප්‍රතිවිරෝධතාවල ගැඹුර සහ තීව්‍රතාවයත්, එහි ප්‍රතිඵලයක් ලෙස පාලක පන්ති විසින් මනාව හඳුනාගෙන බිය වන විප්ලවවාදී පන්ති ගැටුමක් පුපුරා යාමේ විභවයත් අනුව ය.
මහා බොරුව රජයන යුගයේ, ඓතිහාසික හා දේශපාලන සත්‍යය ආරක්ෂා කිරීමට වඩා අත්‍යවශ්‍ය දෙයක් තවත් නොමැත. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ දෛනික ප්‍රකාශනය විශාලතම හදිසිභාවය ලබා ගන්නේ ඒ තුලිනි. මාක්ස්වාදයේ විද්‍යාත්මක පදනම් සහ මුලු සියවසක් පුරා ජාත්‍යන්තර පන්ති අරගලයේ ඓතිහාසික අත්දැකීම් උකහා ගැනීම තුල මුල් බැසගත් සමාජවාදී දේශපාලන ඉදිරිදර්ශනයකින් සන්නද්ධව, ලෝක සමාජවාදී වෙබ් අඩවිය මහා බොරු හෙලිදරව් කිරීමේදී සහ සත්‍යය ආරක්ෂා කිරීමේදී නිර්දය වේ.
තම කාලයේ මහා බොරු වලට ප්‍රතිචාර වශයෙන් ට්‍රොට්ස්කි මෙසේ ලිවීය: 'විප්ලවය සමාජ බොරුව පුපුරුවා හරියි. විප්ලවය සත්‍යය කතා කරයි. විප්ලවය ආරම්භ වන්නේ, දේවල් සහ සමාජ සම්බන්ධතාවලට ඒවායේ සැබෑ නම් ලබා දීමෙනි.'
මෙම වදන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට මඟ පෙන්වන මූලධර්ම නිර්වචනය කරයි.
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කටයුතු අඛන්ඩව පවත්වාගෙන යාමට සහ වර්ධනය කිරීමට ඔබගේ සහාය අවශ්‍ය වේ. යුද්ධ, ෆැසිස්ට්වාදය, ජන සංහාර සහ මහා බොරුවේ පාලන තන්ත්‍රයන්ට එරෙහිව සමාජවාදී සහ විප්ලවවාදී විරෝධය ගොඩනැගීමේ සටනට එක්වන්න.
අදම, ලෝක සමාජවාදී වෙබ් අඩවියට ඔබට කල හැකි විශාලතම පරිත්‍යාගය කරන්න. ඒ සඳහා, wsws.org/donate වෙත පිවිසෙන්න. ස්තූතියි.