සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි), 'ඉන්දු-පාකිස්ථාන ගැටුම සහ න්‍යෂ්ටික ලෝක යුද තර්ජනය' යන මැයෙන් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශනයක් පවත්වනු ඇත. දේශපාලන විද්‍යා ශිෂ්‍ය සංගමය (දේවිශිස) විසින් මෙම දේශනය සංවිධානය කෙරෙයි.
ජූනි 5 වැනි බ්‍රහස්පතින්දා සවස 3.30 ට, පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ, කාමර අංක 86 දී මෙම දේශනය පැවැත් වෙනු ඇත.
අද දින ලොවෙහි අප සියලු දෙනා මුහුනදෙන ජීවිතයත් මරනයත් අතර ප්‍රශ්නයක් සාකච්ඡාවට ගැනෙන මෙම දේශනයට සහභාගී වන ලෙස, සියලු ම සිසුන්ට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සහ අනධ්‍යන සේවකයන්ට සසජාතශි ආරාධනා කරයි.
ඉන්දියානු-පාලිත කාශ්මීරයේ 26 දෙනෙකු මරනයට පත් කරමින් අප්‍රේල් 22 වැනි දා සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයකට පාකිස්ථානය වග කිව යුතු යැයි චෝදනා කරමින්, පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තය සහ පාකිස්ථානු-පාලිත කාශ්මීරය එල්ල කරගත් ප්‍රහාර මාලාවක්, සින්ධූර් මෙහෙයුම යටතේ ඉන්දියාව දියත් කලේ ය. එ මෙන් ම ඉන්දියාව, පාකිස්ථානයේ කෘෂිකර්මාන්තයට සහ බලශක්ති උත්පාදනයට තීරනාත්මක ජල සැපයුම් අවහිර කරමින් ඉන්දුස් ජල ගිවිසුම ඒකපාර්ශ්වීය ව අවලංගු කලේ ය.
ඉන්දියාව දියුනු ගුවන් ප්‍රහාරක යානා 75කට අධික ප්‍රමානයක් යොදා ගනිමින් එල්ල කල තීව්‍ර මිසයිල ප්‍රහාරවලින් අනතුරු ව, පාකිස්ථානයේ ආරක්ෂක ඇමති කව්ජා ආසිෆ් ප්‍රකාශ කලේ “ඉන්දියාව කලාපය අලලා ගත් පූර්න පරිමාන යුද්ධයක් දියත් කරන්නේ නම්, ඕනෑ ම මොහොතක න්‍යෂ්ටික යුද්ධයක් පුපුරා යා හැකි බවයි.”
ඉන්දු-පාකිස්ථාන ගැටුම බිලියන දෙකක ජනකායක් වෙසෙන ඉන්දු උපමහද්වීපීය කලාපය පමනක් නොව, සමස්ත ලෝක ගෝලය ම න්‍යෂ්ටික ඝට්ටනයක අද්දරට ගෙනැවිත් ඇත. ඉන්දු-පාකිස්ථාන ගැටුමක් න්‍යෂ්ටික ව්‍යසනයකට මග පෑදිය හැකි අතර ම, ලෝක බලවතුන්, ප්‍රධාන වශයෙන් ඇමරිකාව සහ චීනය එම ගැටුමට පැටලෙනු ඇත. 1930 දශකයේ ගෝලීය අවපාතයෙන් පසු දක්නට නොලැබුනු ආකාරයේ ගැඹුරු ගෝලීය ආර්ථික අර්බුදයේ සහ ඇමරිකාව විසින් අවුලුවනු ලබන ප්‍රධාන බලවතුන් අතර ගෝලීය සතුරු බවේ අද දින ගතිකය එයයි. චීනයට එරෙහි යුද සූදානමේ ප්‍රධාන සගයෙකු බවට ඉන්දියාව පත් වී ඇත.
න්‍යෂ්ටික ව සන්නද්ධ ජාතීන් අතර ගැටුමක් ජනනය කරන ව්‍යසනයේ පරිමාව ගිනිය හැක්කක් නොවේ. හිරෝෂිමා පරිමානයේ බෝම්බ සියයක හුවමාරුවකට සීමා වන ගැටුමක් පවා 'න්‍යෂ්ටික ශීත සමයක්' ජනනය කල හැකි ය. එය ලෝක පරිමානව කෟෂිකර්මාන්තය බිඳ වට්ටවා මහා පරිමාන සාගතයක් ඇති කරමින් බිලියන ගනනකගේ ජීවිත අහිමි ව යාමට හේතු වනු ඇත. ඒ, බෝම්බ පුපුරුවා හැරීමෙන්, ගින්නෙන් සහ විකිරනවලින් ආරම්භයේ දී ම මිය යන මිලියන 20කට අමතරවයි.
දින හතරක ගැටුම්වලින් සහ දෙපාර්ශ්වයට ම සිදු වූ සැලකිය යුතු හානිවලින් පසුව දෙ රට හෙලෙත්තාඩු සටන් විරාමයකට එකඟ විය. නමුත් දෙ රට අතර ආතතීන් සමනය වී නැත. හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂ ආන්ඩුවේ අගමැති නරේන්ද්‍ර මෝදි අඛන්ඩ ව ම ඉස්ලාමාබාදයට තර්ජන එල්ල කරන අතර ඉස්ලාමාබාදය ද ඒවාට ප්‍රතිචාර දක්වන්නේ තමන් ද ප්‍රතිප්‍රහාර එල්ල කරන බව පවසමිනි.
චීනයට එරෙහි තම මූලෝපායික මිලිටරි පියවරවල කොටසක් වශයෙන් ඇමරිකාව ශ්‍රී ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු සමග සමීප මූලෝපායික මිලිටරි හවුල්කාරීත්වයන් වර්ධනය කර ඇත. අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුනු/ජාතික ජන බලවේග ආන්ඩුව යටතේ මෙම සබඳතාවන් නව ඉහලකට වර්ධනය කෙරී ඇත. අප්‍රේල් මාසයේ දී දිසානායක ඇමරිකාවේ සමීප සගයා වන ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමක් අත්සන් කලේ ය. මෙලෙස ශ්‍රී ලංකාව ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමකට එලඹුනේ ප්‍රථම වතාවටයි.
ඉන්දු-පාකිස්ථාන ගැටුමේ මූලය පවතින්නේ, ධනේශ්වර ක්‍රමය සහ 1947 දී මුස්ලිම් පාකිස්ථානය හා හින්දු අධිපතිවාදී ඉන්දියාව ලෙස බ්‍රිතාන්‍ය-ඉන්දියාව දෙකට බෙදමින් දකුනු ආසියාවේ ස්ථාපිත කෙරුනු අතාර්කික ජාතික රාජ්‍ය පද්ධතිය තුලයි. මෙම ධනේශ්වර රාජ්‍ය පද්ධතිය ඇටවුනේ කලාපයේ කම්කරුවන්ගේ සහ ගම්බද දුගීන්‌ගේ වැඩෙමින් පැවති අරගල ව්‍යාපාර මර්දනය කර ධනේශ්වර පන්ති පාලනය තහවුරු කර ගැනීමටයි.
සිහිබුද්ධියෙන් වැඩ කරන ලෙස අධිරාජ්‍යවාදී බලයන්ට කරන ආයාචනාවන්ගෙන් න්‍යෂ්ටික යුද්ධයක ව්‍යසනය නවතාලිය නොහැක. ව්‍යසනය නවතාලිය හැක්කේ, එක ම එක විප්ලවවාදී සමාජ බලවේගයකට පමනි: ඒ වනාහි ජාත්‍යන්තර කම්කරු පන්තියයි. මෙය පලමු ලෝක යුද්ධය නිමාවට පත් කල 1917 රුසියාවේ සමාජවාදී විප්ලවයෙන් ඓතිහාසික ව සනාථ කෙරුනකි.
සසජාතශි, හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ශාඛා වන සමාජවාදී සමානතා පක්ෂ සමග එක් ව කම්කරුවන් සහ තරුනයන් අතර සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීමට අනවරත අරගලයක යෙදී සිටියි. මෙම අරගලයේ සාර්ථකත්වය මත සියල්ල රඳා පවතියි. මෙම අරගලයේ දී ජාතික සීමාවන්, ආගමික සහ වාර්ගික බෙදීම් ඉක්මවා යමින් කම්කරු පන්තියේ එක්සත් බව සඳහාත්, ගෝලීය ව සමාජවාදය සඳහා වන අරගලයේ කොටසක් වශයෙන් දකුනු ආසියවේ සමාජවාදී සමූහාන්ඩු සංගමයක් ගොඩනැගීම සඳහාත් අපි පෙනී සිටිමු.
අපගේ කතිකයා විසින් මෙම ආස්ථාන වැඩිදුර පැහැදිලි කෙරෙනු ඇති. මෙම දේශනයට සහභාගී වී මෙම තීරනාත්මක සාකච්ඡාවට එක් වන්නැයි අපි ඔබට ආරාධනා කර සිටිමු.
ස්ථානය: ශාලා අංක 86, දේශපාලන විද්‍යා අංශය, පේරාදෙනිය විශ්වවිද්‍යාලය
දිනය සහ වේලාව: ජූනි 5 වැනි දා සවස 3.30