මිදිගම පාතගම පිහිටි මිචෙලින් සමාගමේ ටයර් කම්හල ඉන්දියානු සියට් සමාගමට පැවරීමත් සමග තම රැකියා සහ වැටුප් අයිතීන් සහතික කරගැනීමේ ඉල්ලීම් කිහිපයක් මත පසුගිය සෙනසුරාදා සිට උද්ඝෝෂනයේ යෙදෙන කම්කරුවන්ට එරෙහිව සමාගමේ කලමනාකාරිත්වය කඩාපැන ඇත.
බදාදා සවස කම්කරුවන්ට යොමුකෙරුනු 'විශේෂ' කෙටි පනිවුඩයකින් සමාගම දැනුම් දී ඇත්තේ, 'රාජකාරී කාලය තුලදී (OT වේලාව ද ඇතුලුව) සුපරික්ෂකවරයෙකුගේ අවසරයකින් තොරව පවරා ඇති රාජකාරියෙන් ඉවත්විය නොහැකි බව, ආයතන පරිශ්‍රය තුල හෝ ඉන් පිටත විරෝධතා, වැඩවර්ජන සහ පෙලපාලි වැනි ක්‍රියා සිදුකිරීම, ද්වේෂ සහගත චේතනාවෙන් අභ්‍යන්තර හෝ බාහිරව සමාගම සම්බන්ධ අසත්‍ය තොරතුරු බෙදාහැරීම, ආයතනික ප්‍රතිපත්ති හා රටෙහි නීතිය උල්ලංඝනය කිරීමක් සිදුකිරීම මගින් කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් කටයුතු, සාමාජික ආරක්ෂාව සහ ඵලදායිතාවට බාධාවක් ඇතිවන පරිදි කටයුතු කරන ඕනෑම සාමාජිකයකුට විරුද්ධව' ආයතනයේ ප්‍රතිපත්ති හා කම්කරු නීති අනුව ක්‍රියා කරන බවයි. එවැනි ක්‍රියාවල යෙදෙන සේවකයන් ඉවත් කිරීම ඇතුලු විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද එම කෙටි දැනුම්දීමේ සඳහන් වේ.
සමගමේ තර්ජනය එල්ල වී ඇත්තේ විරෝධතා, පෙලපාලි හා වැඩ වර්ජන වල යෙදීමට කම්කරුවන්ට ඇති සාධාරන හා යුක්තිසහගත අයිතින්ට යි. 'ද්වේශ සහගත චේතනාවෙන්' කම්කරුවන් බෙදා හැර ඇති අභ්‍යන්තර හෝ බාහිරව සමාගම සම්බන්ධ අසත්‍ය තොරතුරු' මොනවාදැයි සමාගමේ කලමනාකරුවන් සඳහන් කර නැත. මෙය කම්කරුවන්ට එරෙහිව එල්ලකර ඇති අසත්‍ය චෝදනාවකි.
කම්කරුවන් කර ඇත්තේ, මිචෙලින් සමාගම තමන්ගේ සේවය නතර කරන්නේ නම් රුපියල් මිලියන 3ක වන්දියක් ලබාදෙන ලෙස, දැනට හිමි අයිතීන් සහිතව තමන් අඛන්ඩව සේවයේ යොදවන ලෙස සහ නො එසේ නම් සමාගමේ ස්වෙච්චා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයට වන්දි මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා සිටීමයි. සියැට් සමාගමට තම සමාගම විකිනීමේ ගනුදෙනුවේ යෙදී සිටින මිචෙලින් අයිතිකරුවන්, කම්කරුවන්ට ද සලකා ඇත්තේ තමන්ට අවශ්‍ය පරිදි හුවමරු කලහැකි භාන්ඩයක් ලෙසයි! සේවකයන් මිචෙලින් සමාගම කියන කියන අයුරු කටයුතු කිරීමට බැඳී නැත.
කම්කරුවන්ට පසුගිය දා කම්කරු කොමසාරිස්ගෙන් හෙලිදරව් වී ඇත්තේ, සමාගම් දෙක අතර ගනුදෙනුව සම්පුර්න වන විට ලක්ෂ දෙකක සොච්චම් වන්දියක් කම්කරුවන්ට ගෙවීමේ කොන්දේසියකට, තමන්ට හොරෙන්, අන්තර් සමාගම් සේවක සංගමයේ (අසසේස) නායකයන් පොරොන්දු වී ඇතිබවයි. මෙම කැත පාවාදීමට තමන් එකහෙලා විරුද්ධ බව කම්කරුවෝ ප්‍රකාශ කර සිටිති. ජනතා විමුක්ති පෙරමුනට අයිති අසසේස නායකයා වෙලඳ ඇමති වසන්ත සමරසිංහ යි.
ජවිපෙ සමිති නායකයන් කම්කරුවන්ට සලකන්නේ සමාගම් වලට හා ආන්ඩු වලට උවමනා පරිදි හැසිරවිය හැකි සහ හැසිරවිය යුතු පිරිසක් ලෙසයි. මෙතැනත්, කොතැනත් සමිති නිලධරයන් නියෝජනය කරන්නේ කම්කරුවන්ගේ උවමනාකම් නොව සමාගම් හා ආන්ඩු වල උවනාකම් ය.
වෘත්තීය සමිති නායකයන් හෝ සමාගම මිචෙලින්-සියට් ගනුදෙනුවෙන් තමන්ට සිදුවන්නේ කුමක් දැයි කිසිවිටෙක දැනුම් දී නැතැයි කම්කරුවෝ චෝදනා කරති.
සමගම නිකුත්කල තර්ජනාත්මක පනිවුඩයට සමගාමිව අද දින (බ්‍රහස්පතින්දා), අසසේස ලේකම්, ජානක අධිකාරි කෙටි හඬ පටයකින් කම්කරුවන් අමතා, ඔවුන්ගේ රැකියා සුරක්ෂිත බවත්, තමන් රුපියල් ලක්ෂ දෙකකට වැඩි දීමනාවක් ලබා ගැනීමට කටයුතු කර ඇතිබවත් කියා ඇත. සමාගම් හුවමාරුවේ දී, රැකියා සුරක්ෂිත කරගැනීමට තම සාමාජිකයන්. ඇතුලු සේවකයන්ට ඉටුකර ගතයුතු කොන්දේසි මොනවා දැයි වෘත්තීය සමිති නායකයන් ඔවුන්ගෙන් කිසිවිටෙක නොවිමසා, ක්‍රියාකර ඇත.
අනවශ්‍ය උද්ඝෝෂන වල නොයෙදෙන අනතුරු ඇඟවීමක් ද ඔහුගේ පනිවුඩයේ සඳහන් වේ. එහෙත්, ගනුදෙනුවේ යෙදුනු සමාගම් සේවකයන්ට රැකියා සහතිකයක් ලබා දී නැත්තේ මන්ද යන්න ගැන ද ඔහු සඳහන් නොකරයි.
මිචෙලින් සමාගම රටවල් 17 ක සේවකයන් 115,000ක් සේවය යොදවා ඇති යෝධ සංගතයකි. ඔවුන්ගේ වෙබ් අඩවියට අනුව යුරෝපයේ වෙලඳපොල අඛන්ඩව පහත වැටීමේ ප්‍රවනතාවය හා උතුරු ඇමරිකාවේ වාහන වෙලඳ නාම හා මාදිලිවල අහිතකර බලපෑම මත වෙලඳපොලට අනුකූලව වර්ධනය වන ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බව ඔවුන්ගේ වෙබ් අඩවිය සඳහන් කරයි. තවදුරටත් එම වෙබ්අඩවියම සඳහන් කරන්නේ ගෙවුනු 2024 වර්ෂයේ ඔවුන්ගේ ලාභය යුරෝ බිලියන 3.4 ක් වූ බවයි
'කම්කරුවන් සඳහන් කරන ආකාරයට මෙම කම්හල CEAT සමාගමට විකුනා ඇත්තේ රුපියල් බිලියන 65 කටය. දැනට සේවයේ නියුතු කම්කරුවන් 1500 ටම ඔවුන් ඉල්ලන වන්දිය ලබා දුන්නත්, සමාගමට ගෙවීමට සිදුවන්නේ රුපියල් බිලියන 4.5 කි. එම වන්දිය පසුගිය වසරේ කම්හලේ ලාභයෙන් ප්‍රතිශතයක් ලෙස ගතහොත් 0.39% කි. එය අතිශය සාධාරන ඉල්ලීමකි.
තම යුක්ති සහගත ඉල්ලීම් සඳහා අරගලය කම්කරුවන් අතට ගැනීම අවශ්‍ය වී ඇත්තේ, වෘත්තීය සමිතිවල පාවාදීමේ ක්‍රියාකලාපය නිසාය. ඔවුන් සමිති නායකයන්ගෙන් හා ධනපති පක්ෂවල නියෝජිතයන් ට ඉඩ නොදී තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී චන්දයෙන් ක්‍රියාකාරී කමිටුවක් තනාගැනීම අවශ්‍යවී ඇත්තේ මෙම තත්වය තුලයි. ඔවුන් කල්තිය සුදානම් විය යුතුය.
තම අරගලයට සහාය ලබා ගැනීම හා ඔවුන්ගේ අරගලවලට සහාය දීම සඳහා මිදිගම කම්කරුවන්, මිචෙලින් සංගතයේ අනෙකුත් සමාගම් වල සහෝදර සේවකයන් ඇමතීම අවශ්‍යවේ.
මිචෙලින්-සියැට් ගනුදෙනුව පෙන්නුම් කරන්නේ ධනපති ක්‍රමය ලෝක පරිමානව මුහුන දී ඇති ගැඹුරුවන ආර්ථික අර්බුදයේ දී සේවක අයිතීන් නොතකා ධනපති සංගත ලාභ හඹා යන ආකාරයයි. එය 'යුරෝපයේ වෙලඳපොල අඛන්ඩව පහත වැටීමේ ප්‍රවනතාවය හා උතුරු ඇමරිකාවේ වාහන වෙලඳ නාම හා මාදිලිවල අහිතකර බලපෑම මත වෙලඳපොලට අනුකූලව වර්ධනය වන ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීම ඔවුන් බලාපොරොත්තු වෙන බව' සඳහන් කර ඇත්තේ ඒ නිසාය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපය සමග අරඹා ඇති වෙලඳ යුද්ධය නිසා මේ අර්බුදය තවත් දරුනු වීමට නියමිත ය.
ඉන්දියාවේ විශාලතම ටයර් සමාගම බවට මේ වන විට පත්ව ඇති සියැට් (Cavi Elettrici e Affini Torino හෙවත් Electrical Cables and Allied Products of Turin), මෙම අර්බුදය තුල ලාභ හඹා යමින් නිෂ්පාදනය පුලුල් කර ගැනීමේ ධාවනයක යෙදෙයි.
මයි 19 දින කටුනායක නිදහස් වෙලඳ කලාපයේ නෙක්ස්ට් ඇඟලුම් නිෂ්පාදන සමාගම රැකියා 1,500 වනසමින් කම්හල වසා දැමුවේය. මෙම කම්හල එක්සත් රාජධානියේ සංගතයකට අයත් ය. කම්කරුවන්ට නිසි වන්දි දෙනබව සමාගම නිවේදනය කලේය. ආන්ඩුවේ නියෝජය කම්කරු ඇමති ජවිපෙ මධ්‍යම කාරක සභික මහින්ද ජයසිංහ පාඩු නිසා කම්හල වසා දමා ඇතිබව කියමින් සමාගමේ දොට්ට දැමීම්වලට සහයෝගය දුන්නේය. නිදහස් වෙලන්ද කලාප හා පොදු සේවක සංගමයේ නායකයෝ, කම්කරුවන් දොට්ට දමා තිබියදී, කට පියාගෙන සමාගමට සහාය දීගෙන සිටිති.
කම්කරු පන්තියට වෛෂයිකව මුහුන දීමට සිදුව ඇත්තේ ගැඹුරුවන ගෝලීය ධනපති අර්බුදයකටයි. ලංකාවේ කම්කරු පන්තිය හා දුගී ජනයා මත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මුර්ග කොන්දේසි පැටවීමට, කලින් වික්‍රමසිංහ ආන්ඩුවත් දැන් ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුවත් ගෙනයන පියවර සමග මහා සංගත විසින් සිදුකෙරන රැකියා, වැටුප් හා සේවා කොන්දේසි කප්පාදුවට මහුන දෙති.
ධනපති ක්‍රමය තුල හා ජාතික රාමුවේ සීමාව තුල කම්කරු පන්තියට තම අයිතීන් රැක ගැනීමට නොහැක. ජාත්‍යන්තර සමාජවාදයේ අරගලයේ කොටසක් ලෙස ධනපති පන්ති පාලනය අහෝසිකර සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දමන කම්කරු ගොවි ආන්ඩුවකට සටන් වැදීමේ වැඩපිලිවෙලට එක්වන ලෙස මිදිගම මිචෙලින්, කටුනායක නෙක්ස්ට් සේවකයන් ඇතුලු සියලු කම්කරුවන්ගෙන් සමාජවාදී සමානතා පක්ෂය ඉල්ලා සිටි.
වැඩිදුර කියවන්න
- ට්‍රම්ප්ගේ ආර්ථික යුද උමතුව සහ ඊට සමාජවාදී ප්‍රතිචාරයක අවශ්‍යතාව
- ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්කරුවන්ට ආයාචනයක්: රැකියා සහ වැටුප් මත එල්ල වන තීරුබදු යුද ප්රහාරයන්ට එරෙහිව සටන් කරන්නේ කෙසේද?
- රැකියා අහිමි කෙරුනු නෙක්ස්ට් ඇඟලුම් කම්කරුවන් ආරක්ෂා කිරීමට කම්කරුවන් පෙරට පැමිනිය යුතුයි
- ජවිපෙ වෘත්තීය සමිති නායකයින්, සමාගම සමඟ ඇති කරගත් රහස් ගිවිසුමෙන් පසු මිචෙලින් සේවකයින්ගේ රැකියා බරපතල අනතුරක
- ස්වෙච්ඡාවෙන් රැකියාව හැර යන බවට ලිපි ලබා නොදුනහොත් වන්දි නොදෙන බවට නෙක්ස්ට් පරිපාලනය කම්කරුවන්ට තර්ජනය කරයි