එක්සත් රාජධානියේ සමාජ සමානතාවය උදෙසා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරයේ නායක ඩැරන් පැක්ස්ටන් The IYSSE’s fight for a Marxist political culture among youth යන මැයෙන් 2025 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියේදී කල කතාව:
මෙම වීඩියෝව සිංහල උපසිරැසි සහිතයි. සිංහල උපසිරැසි සක්‍රීය කර ගැනීමට දකුනු පස පහල කෙලවරේ ඇති දැති රෝදය ක්ලික් කර subtitles යටතේ සිංහල භාෂාව තෝරා ගන්න.
ලොව පුරා ශිෂ්‍යයන් සහ තරුනයින් යුද්ධයෙන්, ෆැසිස්ට්වාදයෙන්, සමාජ අසමානතාවයෙන්, ආර්ථික අර්බුදයෙන් සහ දේශගුනික ව්‍යසනයෙන් තොර අනාගතයක් සඳහා සටන් වදිමින් සිටිනවා.
පසුගිය ගිම්හානයේදී, ඔවුන් කෙන්යාවේ සහ බංග්ලාදේශයේ විරෝධතා ව්‍යාපාරවල පෙරමුන ගත්තා. එම රටවල ආන්ඩු අරටුවෙන් ම සොලවාලනු ලැබුනා.
ග්‍රීසියේ, මාරාන්තික ටෙම්පි දුම්රිය අනතුර සහ ඉන් පසුව ඇති වූ රාජ්‍ය වසන් කිරීමට එරෙහි ව යුක්තිය සඳහා වන අරගලයේ දී ඔවුන් ඉදිරි පෙල සිටියා.
ඔවුන් නෝවි සැඩ් දුම්රිය ස්ථානය කඩා වැටීමෙන් අවුලුවන ලද රජයේ දූෂන වලට එරෙහි සර්බියාවේ ඓතිහාසික විරෝධතා රැල්ල ආරම්භ කලා.
එමෙන්ම සියලුම ප්‍රධාන අධිරාජ්‍යවාදී රටවල තරුනයන් සහ ශිෂ්‍යයන් ගාසා ජන සංහාරයට සහ එයට තම රටේ ම ආන්ඩුවල හවුල්කාරිත්වයට එරෙහි අරගලය භාරගෙන ඇත.
අපගේ අවසන් මැයි දින රැලිය පැවැත්වුනේ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ වෙනත් තැන්වල ශිෂ්‍ය කඳවුරු රැල්ලක් මධ්‍යයේයි. බයිඩන් පරිපාලනය සහ අනෙකුත් ලෝක ආන්ඩු මෙම කඳවුරුවලට එරෙහි ව ම්ලේච්ඡ පොලිස් මර්දනයන්ගෙන් ප්‍රතිචාර දැක්වූවා.
නමුත් දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්, කියර් ස්ටාමර් සහ ඔවුන්ගේ ජාත්‍යන්තර සගයන් පන්ති තහනම්, අත්අඩංගුවට ගැනීම් සහ පිටුවහල් කිරීම් සමඟ මෙම මර්දනය ගැඹුරු කරමින් සිටිනවා.
පලස්තීනයට සහය පල කල ශිෂ්‍ය ක්‍රියාකාරීන් වන මහමුද් ඛලීල්, මොමොඩු ටාල් සහ රුමේසා ඔස්ටර්ක් ආදීන් එක්කෝ අයිසීඊ ගෙස්ටාපෝව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා නැතිනම්, තාල් සම්බන්ධයෙන් කියනවා නම් ඇමරිකාවෙන් ස්වයං පිටුවහලකට යාමට බල කෙරී තිබෙනවා. බ්‍රිතාන්‍ය-ගැම්බියානු පුරවැසියෙකු වුවද, ටාල්, ස්ටාර්මර් ආන්ඩුව විසින් අතහැර දමනු ලැබුනා.
සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ, තරුනයන්ගේ මෙම ගෝලීය ව්‍යාපාරයට ජවසම්පන්න ලෙස සහභාගී වෙමින් සිටිනවා. දේශපාලන මර්දනයට මුහුන දෙන සියලුම ශිෂ්‍යයන් හා කම්කරුවන් සමග අපි සහයෝගයෙන් සිට ගන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමේ සහ ෆැසිස්ට්වාදයේ හා යුද්ධයේ අවසානය සඳහා අරගලය මෙහෙයවිය යුතු දේශපාලන පාඩම් ඉදිරියට ගෙන ඒමට අපි සටන් කරනවා. එම පාඩම් වන්නේ මාක්ස්වාදයේ පාඩම් ය; ට්‍රොට්ස්කිවාදයේ පාඩම් ය.
එමෙන්ම අද තරුනයින් අතර අධිෂ්ඨානශීලීභාවයේ සහ ආත්ම පරිත්‍යාගයේ අඩුවක් නෑ. ඒ වගේ ම සමාජ අසමානතාවයට, මිලිටරි ප්‍රචන්ඩත්වයට සහ පොලිස්-රාජ්‍ය පාලනයට දක්වන සතුරුකමේ අඩුවක් නෑ. ඔවුන් අතර ඇති කල යුත්තේ මෙම ගැටලුවලට මූලය වන ධනේශ්වර ක්‍රමය පිලිබඳ අවබෝධයක්. ධනේශ්වර ක්‍රමය අවසන් කල හැකි විප්ලවවාදී පන්ති අරගලය ගැන අවබෝධයක්.
දේශපාලන වශයෙන් ක්‍රියාකාරී තරුන තරුනියන් එවැනි නිගමනවලට එලැඹීම වැලැක්වීමට දැවැන්ත පීඩනයක් එල්ල වෙමින් පවතිනවා. ව්‍යාජ-වමේ ආධාර ලබන ධනේශ්වරයේ වෘත්තීය දෘෂ්ටිවාදීන් සියලු ආකාරයේ ප්‍රතිසංස්කරනවාදී, සාමවාදී සහ ජාතිකවාදී අපගමනයන් ප්‍රවර්ධනය කරමින් සිටිනවා. සියල්ලටත් වඩා, ඔවුන් කම්කරු පන්තියේ විප්ලවවාදී විභවය පිලිබඳ සංශයවාදයක් පතුරුවනවා.
මෙය සටන් කර ජයගත යුතුයි. සිසුන්ට සහ තරුනයින්ට තමන් මුහුන දෙන දැවැන්ත දේශපාලන හා සමාජ අභියෝගවලට තමා විසින්ම මුහුන දිය නොහැකියි. ධනේශ්වර ආන්ඩුවලට සහ දේශපාලකයන්ට තමන් වෙනුවෙන් ක්‍රියා කරන ලෙස බලපෑම් කිරීමෙන් පලක් ඇත්තේ නෑ.
අද ලොව පුරා වර්ධනය වන භීෂනය සහ අසාධාරනයන්ට අර්බුදයේ ගිලී සිටින ධනේශ්වර පන්තිය වගකිව යුතු වෙනවා. ඔවුන් දේශීය හා විදේශීය කම්කරු පන්තියට එරෙහි යුද්ධය හැර වෙනත් මගක් දකින්නේ නෑ.
අනික මේ සමාජ ක්‍රමය පිලිසකර කරන්නත් බෑ. එය පෙරලා දැමිය යුතුයි. එම කාර්යය පැවරෙන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියටයි.
නොඉවසිය හැකි සමාජ තත්වයන්ට එරෙහිව සටන් කිරීමට කම්කරුවන් පෙලඹී සිටින බැවින් පසුගිය වසරවල ලොව පුරා වැඩ වර්ජන රැල්ලක් දැක ගත හැකි වුනා. මේ මොහොත දක්වා ම, ධනේශ්වර ආන්ඩු හා ප්‍රධාන සංගත සමග අත්වැල් බැඳගෙන ක්‍රියා කරන වෘත්තීය සමිති නිලධරයන් කම්කරුවන්ගේ අරගල පාලනය කර තියෙනවා. නමුත් IWA-RFC නායකත්වය දෙන සාමාන්‍ය කම්කරුවන්ගේ කැරැල්ල සඳහා සහයෝගය වර්ධනය වෙමින් පවතිනවා.
මෙම කැරැල්ලට ආධාර කිරීම සමාජවාදී මනසක් ඇති සිසුන්ගේ සහ තරුන කම්කරුවන්ගේ අත්‍යවශ්‍ය කර්තව්‍යයක්. 20 වැනි සියවසේ විප්ලවවාදී දශකවල දක්නට ලැබුනු පන්ති අරගලයේ මට්ටමට නැවත පැමිනීම, දක්ෂිනාංශික ප්‍රතිගාමිත්වය පසුබස්සවමින් දේශපාලන තත්වය පරිවර්තනය කරනවා ඇත.
තරුනයින් විසින් ඉටු කල යුතු වඩාත්ම තීරනාත්මක දේශපාලන භූමිකාව වන්නේ නැගී එන කම්කරු පන්ති ව්‍යාපාරය මාක්ස්වාදී දේශපාලන සංස්කෘතියකින් පුබුදුවාලීමට උපකාර කිරීමයි. එය ආරම්භ වන්නේ අපව ම උගන්වා ගැනීමෙනි.
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ තරුන ව්‍යාපාරය වන සසජාතශි, රුසියානු විප්ලවයේ සම්ප්‍රදාය තුල නැගී සිටිනවා.
ස්ටැලින්වාදය විසින් නියෝජනය කරන ජාතිකවාදී ප්‍රතිවිප්ලවයට එරෙහි ව සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා අරගලයේ දී අපි ලියොන් ට්‍රොට්ස්කි සමග අඛන්ඩතාවය නියෝජනය කරනවා.
හතරවන ජාත්‍යන්තරය දියකර හැරීමට උත්සාහ කර ඇති සෑම දේශපාලන ප්‍රවනතාවයකටම එරෙහිව ලියොන් ට්‍රොට්ස්කි විසින් ආරම්භ කරන ලදුව දශක ගනනාවක් තිස්සේ ගෙන යන අරගලය මත අපි පදනම් වෙනවා.
ධනවාදයට හා යුද්ධයට එරෙහිව ගොඩනැගිය යුතු මහජන විප්ලවවාදී සමාජවාදී ව්‍යාපාරයේ ප්‍රතිපත්තිමය පදනම් මේවායි.
කම්කරු පන්තිය තුල ට්‍රොට්ස්කිවාදය සඳහා සටන්කරුවෙකු ලෙස ඔබේම පුහුනුව ආරම්භ කිරීමට අදම සසජාතශි සමග එක්වන්න. සමාජවාදී අනාගතයක් සඳහා විප්ලවවාදී සටන්කරුවන් අතර ඔබේ ස්ථානය ගන්න.