2025 මැයි දිනය

ට්‍රම්ප්ගේ අධිරාජ්‍යවාදී ධාවනයට එරෙහි ව ලතින් ඇමරිකාවේ සහ එක්සත් ජනපදයේ කම්කරුවන් එක්සත් කරනු!

2025 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියේදී බ්‍රසීලයේ සමාජවාදී සමානතා කන්ඩායමේ ප්‍රමුඛ සාමාජිකයෙකු වන තෝමස් කැස්ටන්හයිරා Unite Latin American and US workers against Trump’s imperialist drive යන මැයෙන් කල කතාව:

තෝමස් කැස්ටන්හයිිරාගේ මැයි දින කතාව.
මෙම වීඩියෝව සිංහල උපසිරැසි සහිතයි. සිංහල උපසිරැසි සක්‍රීය කර ගැනීමට දකුනු පස පහල කෙලවරේ ඇති දැති රෝදය ක්ලික් කර subtitles යටතේ සිංහල භාෂාව තෝරා ගන්න.

මැයි දිනය යනු කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සමරන දිනයයි. ගෝලීයකරනය වූ නිෂ්පාදනය තුල, මහා වැඩපොලක මෙන් එකට ක්‍රියාත්මක වෙමින් කම්කරුවන් මෙතරම් ජාත්‍යන්තරව ඒකාබද්ධ වූ කාලයක් පෙර තිබුනේ නෑ. ඒ අතරම, ජාත්‍යන්තර එකමුතුවේ දේශපාලන තහවුරු කිරීම කිසි විටෙකත් මෙතරම් හදිසි වුනෙත් නෑ.

ට්‍රම්ප් ධවල මන්දිරයට නැවත පැමිනීම සනිටුහන් කරන්නේ , චීනයට එරෙහි එහි ප්‍රහාරයේ අත්‍යවශ්‍ය පියවරක් ලෙස සැලකෙන බටහිර අර්ධගෝලයේ ආධිපත්‍යය සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ විදේශ ප්‍රතිපත්තියේ යලි පෙලගැසීමක්.

පෙබරවාරියේ එක්සත් ජනපද කොන්ග්‍රසය අමතමින් සවුත්කොම් අනදෙන නිලධාරී අද්මිරාල් ඇල්වින් හොල්සි මෙසේ පැහැදිලි කලා:

“[ලතින් ඇමරිකානු සහ කැරිබියන්] කලාපය අපගේ ලෝකයේ අනාගතය නිර්වචනය කිරීම සඳහා තීරනාත්මක හා හදිසි තරඟයක ඉදිරි පෙලේ සිටිනවා. චීනය සෑම දිශාවකින්ම සෑම ක්ෂේත්‍රයක දී ම එක්සත් ජනපද අවශ්‍යතාවලට පහර දෙමින් සිටිනවා. මෙයට ප්‍රමානවත් අයුරින් වහා ම ප්‍රතිචාර දැක්වීමට අසමත් වීම කලාපය ඇමරිකාවේ ප්‍රධාන අධිපතිවාදී සතුරාගේ ග්‍රහනයට පත් කරනු ඇති. මෙය එක්සත් ජනපදයට ඉන්දු පැසිෆික් කලාපයට මාරු වීමට ඝෘජුවම බල කෙරෙනවා.'

2025 අප්‍රේල් 8 වැනි දා අඟහරුවාදා පැනමා නගරයෙහි මිරාෆ්ලොරෙස් ජල නාබදයට පැමිනි අවස්ථාවේ දී පැනමා ඇල අධිකාරියේ පරිපාලක රිකෝට් වස්කුවෙස් (වමේ), එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (මැද), සවුත්කොම් අනදෙන නිලධාරී නාවික අද්මිරාල් ඇල්වින් හොල්සි ඡායාරූපයකට පෙනී සිටිමින් [AP Photo/Matias Delacroix]

වොෂින්ටනය 'එකට එක කල යුතු', යැයි හොල්සි පවසනවා. පැනමා ඇලට එරෙහි මෑත කාලීන පියවරයන්හිදී බලහත්කාරයෙන් බිය ගැන්වීමේ මෙම විවෘත මූලධර්මය පැහැදිලි ව ම පෙන්නුම් කෙරුනා.

ලෝකයේ බලවත් ම හමුදාවේ ප්‍රධානියා වන ට්‍රම්ප් මැර කල්ලි නායකයෙකු ලෙස ක්‍රියා කරමින්, චීනය සමඟ ගිවිසුම් කඩ කිරීමට සහ තමන්ට සැලකිය යුතු මිලිටරි වාසි ලබා ගැනීමට පැනමාවට බල කිරීමට එම ස්වෛරී රට ආක්‍රමනය කරන බවට තර්ජනය කලා.

කලාපයේ මිලියන සංඛ්‍යාත කම්කරුවන් කෝපයට පත්කර ඇති මෙම නිර්ලජ්ජිත නව යටත් විජිත ප්‍රතිපත්තියට එක්සත් ජනපදයේ ලතින් ඇමරිකානු සංක්‍රමනිකයන්ට නින්දා සහගත ලෙස සැලකීම එකතු වෙනවා.

වඩා හොඳ ජීවිතයක් සොයා දේශසීමා තරනය කල කම්කරුවන් සහ ඔවුන්ගේ පවුල්, ගෙස්ටාපෝවට වඩාත්ම නෑකම් කියන රැකවලුන්ගේ අපයෝජනය යටතේ ආහාර හෝ ජලය නොමැතිව ගුවන් යානාවල මාංචු දමා පිටුවහල් කරනු ලැබෙනවා. මෙය ලතින් ඇමරිකාවේ සාමූහික විඥානයේ 'ඇමරිකානු අත්දැකීම' බවට පත්ව ඇත.

සංක්‍රමනිකයන්ට එරෙහි ප්‍රහාරය, එක්සත් ජනපදයේ ආඥාදායකත්වයක් ගොඩනැගීමට ඇමරිකානු ධනේශ්වර කතිපයාධිකාරය දරන ප්‍රයත්නයේ පෙරමුන ගනී. මෙහිදී සහ අනෙකුත් පැතිවලින්, ලතින් ඇමරිකාවේ සහ එක්සත් ජනපදයේ කම්කරු පන්තියේ ඉරනම මුලුමනින්ම එකිනෙකට වෙලී ඇත.

එල් සැල්වදෝරයේ බන්ධනාගාර සංකීර්නය දැවැන්ත ලෙස පුලුල් කිරීමට සහ එක්සත් ජනපදයේ සහ අනෙකුත් රටවල උපන් සිරකරුවන් දහස් ගනනක් එයට යැවීමට ට්‍රම්ප් සහ ඔහුගේ ෆැසිස්ට් සගයා වන නයිබ් බුකේලේ අතර ඇති ගිවිසුම් අනාගතයේ සහ අතීතයේ නපුරු සේයාවන් මතු කරනවා.

මර්දනය, සිරගත කිරීම් සහ වධහිංසා පමුනුවන අන්තර්ජාතික සංකීර්නයක් ගොඩනැගීම හරියටම වසර 50කට පෙර, 1975 දී පිහිටුවන ලද කොන්ඩෝර් මෙහෙයුමේ අත්දැකීම සෘජුවම උකහා ගන්නවා.

1976 දී ඕගස්ටෝ පිනෝෂේ හෙන්රි කිසිංජර් සමගින් [Photo by Ministerio de Relaciones Exteriores de Chile / undefined]

කොන්ඩෝර් යනු, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ සීඅයිඒ පිටුබලය ලබමින් ලතින් ඇමරිකාව තුල තහවුරු වූ ෆැසිස්ට් මිලිටරි ආඥාදායකත්වයන් අතර මිනීමරු සහයෝගීතාවයේ කූටප්‍රාප්තියයි.

ආර්ජන්ටිනාවේ කතුවරියක වන ස්ටෙලා කැලෝනිගේ වචන වලින් කිවහොත්, මෙම ප්‍රතිවිප්ලවවාදී ත්‍රස්ත ජාලය දකුනු ඇමරිකානු මහාද්වීපය “භීෂනයේ වංගගිරියක්” බවට පත් කලා. “දේශපාලන පිටුවහලේ සිටින්නෙක් කිසිදු අධිකරන අවසරයකින් තොරව පැහැර ගෙන ගොස්, ප්‍රාන ඇපයට ගෙන දේශ සීමාවෙන් පිටමං කර, වධහිංසා පමුනුවා අතුරුදහන් කල හැකිය.”

අර්බුදග්‍රස්ථ ඇමරිකානු කතිපයාධිකාරය විසින් ඇඟේ හයිය පමනක් යොදා ගනිමින් 21 වන සියවසේ මොන්රෝ මූලධර්මය පුනර්ජීවනය කිරීමට දරන උත්සහය උමතුවක් ලෙස ගුනාංගීකරනය කල හැකිය. එහෙත් මෙම සැලසුම්වල උමිමත්තකභාවයේ සැබෑ මූලයන් පවතින්නේ අධිරාජ්‍යවාදී ක්‍රමයේ විසඳිය නොහැකි අර්බුදය තුලයි.

මොන්රෝ මූලධර්මය මත පාදක වූ ඇමරිකානු ව්‍යාප්තවාදය ප්‍රවර්ධනය කරන කාටූනයක් (1898) [Photo by Victor Gillam, ornell University – PJ Mode Collection of Persuasive Cartography]

මෙම අර්බුදය වොෂින්ටනය සහ එක්සත් ජනපද ඩොලරය වෙනුවට වෙනත් බලයක් ආදේශ කරන නව සමතුලිතතාවයකට ඉඩක් නොතබයි. සාමකාමී බහුධ්‍රැවීය ලෝකයකට ද ඉඩක් නැත. අධිරාජ්‍යවාදී යුද්ධය පුපුරා යාම එහි වඩාත්ම යථා ප්‍රකාශනයයි.

ලතින් ඇමරිකානු කම්කරු පන්තියට තම රටවල පාලක පන්තීන් විසින් ප්‍රවර්ධනය කරන ලද ජාතිකවාදී උද්ඝෝෂනයට වඩා මාරාන්තික වෙන කිසිවක් ඇත්තේ නෑ.

අධිරාජ්‍යවාදී ආක්‍රමනයන් ලතින් ඇමරිකානු රටවල සමාජ පන්ති පිටතින් එක්සත් කරන්නේ නෑ. ඊට පටහැනිව, එය ඒවා අතර ගැඹුරු සමාජ ප්‍රතිවිරෝධතා උග්‍ර කරනවා.

බ්‍රසීලයේදී, ලුලා ආන්ඩුව ට්‍රම්ප්ගේ තීරුබදුවලට ප්‍රතිචාර දැක්වූයේ “බ්‍රසීලියානුවන් සඳහා බ්‍රසීලය” යන සටන් පාඨය ප්‍රවර්ධනය කිරීමෙන්. කම්කරුවන් බංකොලොත් ජාතික ධනේශ්වරයට යටත් කිරීම සඳහා වොෂින්ටනයේ ප්‍රහාරවලට ඇති අප්‍රසාදය යොදා ගනිමින් ඔවුන්ගේ ජීවන තත්වයන් මත වැඩි කරන ප්‍රහාර භාර ගැනීමට ඔවුන් නම්මා ගැනීම එහි අරමුනයි.

මෑත වසරවලදී ලතින් ඇමරිකාව සමාජ හා දේශපාලන නොසන්සුන්තාවයේ අඛන්ඩ තත්වයක පවතිනවා. සමාජ සමානාත්මතාවය සදහට ම ඉල්ලා සිටින මහා වැඩ වර්ජන සහ විරෝධතා කලාපයේ සෑම රටක් ම සොලවා ඇත.

පාලක පන්තිය පිලිතුරු දුන්නේ ජාත්‍යන්තර ව දකුනට හැරීමෙන්: 1970 ගනන්වල මිලිටරි ආඥාදායකත්වයේ උරුමක්කාරයන් පුනරුත්ථාපනය කිරීමෙන්; ආර්ජන්ටිනාවේ හාවියර් මිලෙයි, බ්‍රසීලයේ ජෙයර් බොල්සොනාරෝ, ඉක්වදෝරයේ ඩැනියෙල් නොබෝවා සමඟ - බුකෙල් අසල සිටින සීපීඒසී හි ෆැසිස්ට් තරු, ලෝකයේ මහා ධනේශ්වර බලයේ ආන්ඩුවෙන් ආවේශය ලබා ඇත.

2025 පෙබරවාරි 20 වැනි දා, බ්‍රහස්පතින්දා, මේරිලන්ඩ් හි ඔක්සොන් හීල් හි දී දක්ෂිනාංශික දේශපාලන ක්‍රියාමාර්ග සම්මේලනය (සීපීඒසී) ඇමතීමට පැමිනෙන අතර ආර්ජන්ටීනියානු ජනාධිපති හාවියර් මිලේගෙන් ලැබුනු විදුලි කියතක් මානමින් සිටින ඊලොන් මස්ක් [AP Photo/Jose Luis Magana]

ලෝකයේ ව්‍යාජ වම්මුන්ගේ මහා බලාපොරොත්තුව වන පින්ක් ටයිඩ් පක්ෂවලට ඉදිරිපත් කිරීමට ඇත්තේ කුමක්ද? ෆැසිස්ට්වාදීන්ට හැම අවස්ථාවක දී ම යටත් වීමයි. නැතිවූ ජාතික සමගිය සහ ඉරිතැලී ගිය ධනේශ්වර දේශපාලන ක්‍රමය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ නාමයෙන් ඔවුහු ධනේශ්වර කප්පාදු, මර්දන ප්‍රතිපත්ති සහ මහජන සිරගත කිරීම් සහ මිලිටරිය ශක්තිමත් කිරීම ක්‍රියාවට නංවමින් සිටිනවා.

ධනේශ්වර කම්පන පියවරයන්ට එරෙහි වීමටත්, මිලිටරි ආඥාදායකත්වයේ සහ අධිරාජ්‍යවාදයේ දිගට ම පවතින උරුමය සමග සදහට ම ගනුදෙනු බේරා ගැනීමටත් කම්කරු පන්තිය හා තරුනයන් සටන් කිරීමට සූදානම්.

එහෙත් තීරනාත්මක දේශපාලන හැරීමක් හදිසි වී ඇත.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) සහ සමාජවාදී සමානතා කන්ඩායම (ජීඑස්අයි) බ්‍රසීලයේ සහ ලතින් ඇමරිකාව පුරා කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ධනේශ්වරයේ ආධිපත්‍යය දරන කුනු වූ ජාතික දේශපාලන සංස්ථාපිතයෙන් බිඳී ධනවාදයට, යුද්ධයට හා ෆැසිස්ට්වාදයට එරෙහිව සටන් කිරීමට එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව සිටින තම පන්ති සහෝදර සහෝදරියන් සමග එක්වන ලෙසයි.

21 වැනි සියවසේ කම්කරු ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතන වන ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (IWA-RFC) ගොඩනැගීමට ඉදිරියට!

Loading