කටුනායක නිදහස් වෙලඳ කලාපයේ (කනිවෙක) පිහිටි, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඇඟලුම් නිෂ්පාදන ආයතනයක් වන නෙක්ස්ට් මැනුෆැක්චරින්ග් කම්හල අඟහරුවාදා වසා දමා එහි සේවකයින් 1,500 ක් පමන සේවයෙන් නෙරපා දැමීය. නෙක්ස්ට් සමාගමේ කලමනාකාරිත්වය පෙර දින සවස වට්ස්ඇප් පනිවිඩ මගින් කම්හල වසා දැමීම පිලිබඳව එහි සේවකයින්ට දැනුම් දී තිබුනි. වසා දැමීමට හේතුව “ඉහල මෙහෙයුම් පිරිවැය” බව කම්හල් කලමනාකාරිත්වය පවසා ඇත.
මාධ්‍යවලට අනුව, විදේශ සෘජු ආයෝජන ආකර්ෂනය කර ගැනීම සඳහා පුලුල් බදු සහන ලබා දෙමින් 1978 වසරේ කටුනායක කලාපය ලාභ ශ්‍රම වේදිකාවක් ලෙස ආරම්භ වූ දා සිට නෙක්ස්ට් සමාගම එහි ක්‍රියාත්මක වෙමින් තිබුනි. කටුනායක සමාගම බ්‍රිතාන්‍යයේ ඉහල පෙලේ විලාසිතා සිල්ලර වෙලඳ සමාගමක් වන නෙක්ස්ට් යූකේ (Next UK) බහුජාතික සමාගම සතු වන අතර එය විදේශ වෙලඳපොලට උසස් තත්ත්වයේ ගෙතූ සහ වියන ලද ඇඳුම් සපයන ප්‍රමුඛ පෙලේ සැපයුම්කරුවෙකි.
නෙක්ස්ට් සමාගමට අයත් තවත් කම්හල් දෙකක් - එකක් දඹදෙනියේ ආඩිගම සහ අනෙක පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම - 1000 කට ආසන්න කම්කරුවන් සංඛ්‍යාවක් සහිතව ක්‍රියාත්මක වන අතර මේවා වසා දමා නොමැත. කෙසේ වෙතත්, කටුනායක කලාපයේ කම්හල වසා දැමීමට යෙදුනු තර්කයම යොදා ගනිමින් ආඩිගම සහ නවගත්තේගම සේවකයින්ගේ ද රැකියා විනාශ කිරීමේ තර්ජනය එල්ල වී පවතී.
හදිසි වසා දැමීමෙන් කම්පනයට පත් සිය ගනනක් කම්කරුවන් අඟහරුවාදා උදෑසන කම්හල වෙත ගිය අතර, දොරටුව මුද්‍රා තබා ඇති බවත් කම්හල් කලමනාකාරිත්වයේ කිසිවෙකු එහි නොසිටි බවත් ඔවුන්ට පෙනී ගියේය.
බොහෝ සේවකයින් නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවක සංගමයේ (නිවෙකපොසේස) සාමාජිකයින් වේ. එහි නායක ඇන්ටන් මාකස් ඇතුලු වෘත්තීය සමිතියේ කිසිදු නිලධාරියෙකු එහි රැස්ව සිටි කම්කරුවන් ඇමතීමට එම ස්ථානයට පැමින සිටියේ නැත. පැය කිහිපයක් බලා සිටීමෙන් පසු, එම කම්කරුවෝ අසල පිහිටි නිවෙකපොසේස කාර්යාලයට ගියහ.
එහිදී මාකස්, වෘත්තීය සමිති සාමාජිකයින්ට පැවසුවේ රැකියා නැවත ලබා ගැනීම සඳහා කර්මාන්තශාලා කලමනාකාරිත්වය සමඟ සාකච්ඡා කරන බවත් කම්කරු කොමසාරිස්වරයාට පැමිනිලි කරන බවත් ය. මෙම සියලු ප්‍රකාශ කෝපයට පත් සේවකයින් රැවටීමට සහ ඔවුන් විසුරුවා හැරීමට සඳහා ප්‍රකාශ කෙරිනි. කර්මාන්ත ශාලාව වසා දැමීමට කලමනාකාරිත්වය නිවේදනයක් නිකුත් කල බවත් කම්කරු කොමසාරිස්වරයා මෙම විදේශීය ආයෝජකයා සම්බන්ධයෙන් කිසිවක් නොකරන බවත් ඔහු දැන සිටියේය.
මාකස්ගේ යෝජනා කෙරෙහි කම්කරුවන්ට විශ්වාසයක් පැවතියේ නැත. වසර 10 ක් පමන සේවය කල කම්කරුවෙක් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට තත්වය පැහැදිලි කලේය. ඔහු අනෙකුත් සේවකයින් සමඟ කර්මාන්තශාලා දොරටුවටද සහ පසුව වෘත්තීය සමිති කාර්යාලයටද ගොස් ඇත. “වට්ස්ඇප් පනිවිඩය දැක්කාම හිතාගන්න බැරිවුනා. මට මගේ ඇස් අදහා ගන්න බැරිවුනා. මට මාසික මූලික පඩිය රුපියල් 45,000 ක් (ඇමරිකානු ඩොලර් 150) සහ මුලු එකතුව වශයෙන් රුපියල් 60,000 ක් පමන හම්බවුනා” යැයි පැවසීය.
ඔහු තම අවුරුදු 2ක දියනිය වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයට මසකට රුපියල් 8,000ක් ද, නිවාස කුලිය ලෙස රුපියල් 10,000ක් ද ගෙවිය යුතුය. රැකියාව අහිමිවීම වෙනුවෙන් වන්දි මුදලක් ලැබුන ද, උපරිම වශයෙන් රුපියල් මිලියනයක් වන එය මුලුමනින්ම “ප්‍රමානවත් නොවන” බවත් ඔහු පැවසීය.
'මම අද [21 දින] රැකියාවක් හොයාගෙන අනියම් සේවකයෙක් විදිහට වැඩ කරන්න ගියා. දවස අවසානයේදී මට ලැබුනේ රුපියල් 1,700ක් විතරයි,” ඔහු තවදුරටත් පැවසීය.
මැයි 19 වන දින සවස කලමනාකාරිත්වය වට්ස්ඇප් පනිවිඩ දෙකක් යවා තිබුනි; පලමුවැන්න සේවයෙන් පහ කිරීම පිලිබඳව වන අතර දෙවැන්න වන්දි යෝජනා ක්‍රමය පිලිබඳව ය. වෘත්තීය සමිති නිලධාරීන් පිලිබඳව සේවකයින්ට එතරම් විශ්වාසයක් නොතිබූ බැවින්, බොහෝ සේවකයින් සාධාරන වන්දි මුදලක් ලබා ගැනීම ගැන කල්පනා කල බව ඔහු පැවසීය.
,
කම්හල වසා දැමීම, කලමනාකාරිත්වය විසින් සාධාරනීකරනය කලේ “ඉහල මෙහෙයුම් පිරිවැය” ඉදිරියට දමමිනි. නෙක්ස්ට් සමාගමේ අධ්‍යක්ෂ ඩේවිඩ් රේ පැවසුවේ වසා දැමීම නිවේදනය කිරීම ගැන තමා “කනගාටු වන” නමුත් “මෙම තීරනයට ප්‍රධානතම හේතුව වන්නේ කටුනායක කම්හලේ මෙහෙයුම් පිරිවැය දිනෙන් දින ඉහල යාමයි. දැන් වසර කිහිපයක් තිස්සේ, කම්හල ලාභ ලබන්නේ නැහැ'.
මෙම “ලාභ නොලබන” කතාව බොරුවක් බව, 2025 මාර්තු 27 දා රොයිටර් පුවත් සේවය පලකල වාර්තාවකින් සනාථ වේ. එම වාර්තාවට අනුව, නෙක්ස්ට් ඇඟලුම් සිල්ලර වෙලඳ සමාගම පසුගිය වසරේ වාර්තාගත ලාභයක් උපයා තිබේ. නෙක්ස්ට් සමාගම 2024/25 වසර තුල දී සියයට 10.1 කින් ලාභය වැඩි කර ගත් බව පවසන වාර්තාව මෙසේ කියයි: ” 2025 ජනවාරි 25 වන දින අවසන් වන වර්ෂය තුල, පවුම් බිලියන 1.011 ක (ඩොලර් බිලියන 1.31), බදු ගෙවීමට පෙර ලාභයක් උපයා ගනිමින්, සුපිරි වෙලඳසැලක් වන ටෙස්කෝ (Tesco)…. සහ ඇඳුම් සහ ආහාර සමූහයක් වන මාක්ස් සහ ස්පෙන්සර් (Marks & Spencer)… යන [සමාගම්] මට්ටමට ලඟාවෙමින් (නෙක්ස්ට් සමාගම) මෙම කැපී පෙනෙන ලාභ අගය අත්කර ගත්තේය.'
මේ අනුව, අධ්‍යක්ෂක රේ කිඹුල් කඳුලු හෙලමින් මෙසේ පැවසීය: “පෞද්ගලිකව මට මේ තීරනය ගැනීම ගැන හරිම දුකයි“. එහෙත් කම්හල වසා දැමීමේ තීරනය ගනු ලැබුවේ සේවකයින්ට හොර රහසේ ය. ඔවුන්ගේ කෝපාවිෂ්ඨ ප්‍රතිචාරය අපේක්ෂා කල කලමනාකාරිත්වය, සඳුදා දින වැඩ අවසන් කර සේවකයින් නිවසට පැමිනීමෙන් පසු කම්හල වසා දැමීම පිලිබඳව දැනුම් දුන්නේය.
කටුනායක නෙක්ස්ට් කම්හල කම්කරුවන්ගේ අයිතිවාසිකම් කප්පාදු කිරීම සම්බන්ධයෙන් කුප්‍රකටය. කප්පාදුවලට එරෙහිව පුපුරා ගිය කම්කරු අරගල මර්දනය කිරීම සඳහා එය පොලිසිය කැඳවීය. 2020 දෙසැම්බර් මාසයේදී, කම්කරුවන් සඳහා ප්‍රසාද දීමනා අඩු කිරීමට එරෙහිව ආරම්භ වූ වැඩ වර්ජනයක් මැඩපැවැත්වීම සඳහා කම්හල් කලමනාකාරිත්වය පොලිසිය කැඳවීය.
කෝවිඩ්-19 වසංගතය මැඩපැවැත්වීමට සහ එම රෝගයෙන් ආසාදනය වූ සේවකයින්ට ප්‍රතිකාර කිරීමට අරමුදල් වෙන් කිරීම නිසාද සමාගමට ලාභ අහිමි වන බව පවසමින් ප්‍රසාද දීමනා කප්පාදුව සාධාරනීකරනය කිරීමට කලමනාකාරිත්වය තර්ක කලේය. සේවකයින් මෙය අසත්‍යයක් ලෙස ප්‍රතික්ෂේප කලහ.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ඇමරිකා එක්සත් ජනපදයට ආනයනය කරන භාන්ඩ සඳහා තීරුබදු ඉහල නැංවීමත් සමඟ ඇඟලුම් සේවකයින්ගේ රැකියා සහ කොන්දේසිවලට එල්ල විය හැකි තර්ජනය වේගවත් වී ඇත. ඇඟලුම් නිෂ්පාදකයින් බිය වී ඇත්තේ, ඔවුන්ගේ නිෂ්පාදන සඳහා ඇති විශාලතම තනි වෙලඳපොල ඔවුන්ට අහිමි වනු ඇතැයි යන්න ගැනය. මෙම අංශය, රටේ මුලු කාර්මික ශ්‍රම බලකායෙන් සියයට 15 ක්, එනම් 350,000 කට වැඩි පිරිසක් සේවයේ යොදවන අතර තවත් 600,000 ක් පමන වක්‍රව සේවාවන්හි නිරත කරයි.
ඇමරිකානු තීරුබදු වැඩිවීම ගැන කියමින්, සේවකයින් 2,000 ක් පමන සේවය කරන වෝග් ටෙක්ස් ඇඟලුම් සමාගම, අප්‍රේල් 8 වන දින සිංහල-දෙමල අලුත් අවුරුදු ප්‍රසාද දීමනාව ගෙවීම ප්‍රතික්ෂේප කලේය. මෙම කප්පාදුවෙන් කුපිත වූ කම්කරුවන්, අප්‍රේල් 8 සහ 9 යන දිනවල බලගතු වාඩිලාගැනීමේ වැඩ වර්ජනයක් පැවැත්වීය. විරෝධතාවයෙන් පසුව, කලමනාකාරිත්වය ගෙවුවේ ප්‍රසාද දීමනාවෙන් අඩක් පමනි.
රැකියා කප්පාදුවලට එරෙහිව සටන් කිරීම වෙනුවට, එක්සත් ජනපද තීරුබදු ඉහල නැංවීම් සහ ගැඹුරු වන ගෝලීය අර්බුදය සමඟ ඇති වන අවිනිශ්චිතතාවයන්ගෙන් පැන නගින බර කම්කරුවන් මත පැටවීමට මාකස් කැපවී සිටී. ඔහුගේ වෘත්තීය සමිතිය ඇඟලුම් කර්මාන්තයේ සැලකිය යුතු සංඛ්‍යාවක් සේවකයින් නියෝජනය කරයි.
2020 දී ශ්‍රී ලංකාවට කෝවිඩ්-19 වසංගතය බලපෑ විට මාකස් මෙහි ලා සැලකිය යුතු භූමිකාවක් ඉටු කල අතර එවක පැවැති ආන්ඩුව විසින් කැඳවූ ජාතික කම්කරු උපදේශක සභාවට නිවෙකපොසේස සහ අනෙකුත් වෘත්තීය සමිති ඇතුලත් කෙරිනි. මෙම උපදේශක සභාව සමූහ වශයෙන් කම්කරුවන් සේවයෙන් පහ කිරීම් සහ වැටුප් කප්පාදු පැනවීම ගැන සාකච්ඡා කලේය. ඇඟලුම් රැකියා 150,000 ක් අහිමි වූ අතර, ඉතිරි සේවකයින්ට අනාරක්ෂිත තත්වයන් යටතේ නැවත සේවයට පැමිනීමට සිදුවිය.
නෙක්ස්ට් කර්මාන්තශාලාව වසා දැමීම පිලිබඳව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් නියෝජ්‍ය කම්කරු ඇමති මහින්ද ජයසිංහ, මෙම ගැටලුව සම්බන්ධයෙන් කලමනාකාරිත්වය, වෘත්තීය සමිති සහ ආයෝජන මන්ඩලය සමඟ සාකච්ඡා කරන බව පැවසීය. කර්මාන්ත ශාලාවේ කලමනාකාරිත්වයට “වන්දි සූත්‍රයක් යෝජනා කිරීම” පිලිබඳව ආන්ඩුව සාකච්ඡා කරන බවද නියෝජ්‍ය ඇමති පැවසීය.
නියෝජ්‍ය ඇමතිගේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ ආන්ඩුව කර්මාන්ත ශාලාව වසා දැමීම සහ සේවකයින්ට වන්දි ගෙවීමේ ප්‍රකාශය පිලිගෙන ඇති බවයි. අතීතයේදී සමාගම්වල එවැනි ප්‍රකාශ අසත්‍ය බව ඔප්පු විය.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුන/ජාතික ජන බලවේගය (ජවිපෙ/ජාජබ) ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) කප්පාදු පිලිවෙත්වලට සම්පූර්නයෙන්ම කැපවී සිටින අතර විශේෂයෙන් බදු සහ අනෙකුත් සහන ලබා දෙමින් විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමට උනන්දු වෙයි.
දශක ගනනාවක් තිස්සේ පැවති නෙක්ස්ට් ඇඟලුම් කම්හල වසා දැමීම, ඇඟලුම් කර්මාන්තයේ සේවකයින්ට මෙන්ම අනෙකුත් රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ට ද අනතුරු ඇඟවීමකි.
නෙක්ස්ට් ඇඟලුම් කම්කරුවන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ, ඔවුන්ගේ රැකියා ආරක්ෂා කිරීම සඳහා වන සටන තම අතට ගන්නා ලෙසත්, මෙම නෙක්ස්ට් කම්හල් ජාලයේ අනෙකුත් කම්හල්වල සේවකයින් සමඟ එක්සත් වන ලෙසත්, කටුනායක කලාපයේ සහ අනෙකුත් ඇඟලුම් සේවකයින්ගේ සහාය ඉල්ලා සිටින ලෙසත් ය. එක්සත් රාජධානියේ පිහිටි මවු සමාගම වන නෙක්ස්ට් හි ඔවුන්ගේ පන්ති සහෝදර සහෝදරියන් වෙත ලඟා වීම අවශ්‍ය වේ.
එවැනි අරගලයක් දියත් කල හැක්කේ කම්කරුවන් තමන්ගේම ක්‍රියාකාරී කමිටුවක් ප්‍රමාද නොවී ඉක්මනින් පිහිටුවා ගැනීමෙන් ය. සමාගම්වල උපකරනයක් ලෙස ක්‍රියා කරන වෘත්තීය සමිති නිලධරයට මෙම කමිටුවලට ඇතුලුවීමට ඔවුන් ඉඩ නොදිය යුතුය.
කම්කරුවන්ට හමුවී මේ සඳහා කටයුතු සම්පාදනය කල හැකිය. ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්කරු ක්‍රියාකාරී කමිටුව (ඇකක්‍රික) මෙම ව්‍යායාමයේදී ඔබට සහාය වීමට සම්පූර්නයෙන්ම සූදානම් ය. පහත දක්වා ඇති අපගේ ජංගම දුරකථන අංක වලින් අප හා සම්බන්ධ වන්න. නැතහොත් අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය හරහා අපට ලියන්න.
පසුගිය මාසය මුලදී, එම ඇකක්‍රික “ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්කරුවන්ට ආයාචනයක්: රැකියා සහ වැටුප් මත එල්ල වන තීරුබදු යුද ප්‍රහාරයන්ට එරෙහිව සටන් කරන්නේ කෙසේද?” යන මැයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ඇඟලුම් කර්මාන්තයේ කම්කරුවන්ට මෙම මුලපිරීම ගැනීමට යෝජනා කලේය. එම ප්‍රකාශයේ මෙසේ සඳහන් විය:
'සමාගම්වල සහ ආන්ඩුවේ ප්‍රහාරවලට එරෙහිව සටන් කිරීම සඳහා, විරෝධතා, වැඩවර්ජන සහ කම්හල් වාඩිලාගැනීම් ඇතුලුව ගත යුතු ක්‍රියාමාර්ග පිලිබඳව සාකච්ඡා කර තීරනය කිරීමට මෙම කම්කරු පන්ති කමිටුවලට හැකිය. ඔවුන් පෞද්ගලික කර්මාන්ත සහ රාජ්‍ය අංශය පුරා අනෙකුත් තැන්වල සේවකයින් සමඟ සම්බන්ධීකරනය විය යුතුය.'
එය මෙවැනි ඉල්ලීම් ඉදිරිපත් කලේය:
• රැකියා කප්පාදු, වැටුප් හා සේවා කොන්දේසි කප්පාදු එපා! වැඩබර වැඩිකිරීම් එපා.
• සියලු කම්හල් වසා දැමීම්වලට විරුද්ධ වනු, කම්හල් වාඩිලාගැනීම් ඇතුලු කාර්මික ක්‍රියා සඳහා සූදානම් වෙනු. සමාගම් සහ වෘත්තීය සමිති නිලධාරීන් විසින් තීරනය කරන සොච්චම් වන්දි ප්‍රතික්ෂේප කරනු. නව රැකියා ලබා දෙන තෙක්, සම්පූර්න වැටුප් සහිත වන්දි ඉල්ලා සිටිනු.
• සැබෑ වැටුප් ඛාදනය පූරනය වන පරිදි කම්කරුවන්ට වැටුප් වැඩිකල යුතුය. සියලුම වැටුප් ජීවන වියදමට අනුරූපව වැඩි විය යුතුය.
• සම්පූර්න වැටුප් සහිත වෛද්‍ය නිවාඩු. යහපත් නිවාස සහ සෞඛ්‍ය පහසුකම්.
* යහපත් නිවාස සහ සෞඛ්‍ය පහසුකම්
අපි කම්කරුවන්ට මෙසේ කැඳවුම් කලෙමු:
'ශ්‍රී ලංකාවේ ඇඟලුම් කම්කරුවන් ඔවුන්ගේ ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමඟ එක්සත් විය යුතුය. මෙය සාක්ෂාත් කරගත හැක්කේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ආරම්භකත්වයෙන් පිහිටුවන ලද ජාත්‍යන්තර කම්කරු පන්ති අරගලයේ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක් වන, කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයට සම්බන්ධ වීමෙන් සහ ගොඩනැගීමෙන් පමනි,”