පහත පලවන්නේ, ජර්මානු සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික කමිටු සභික කත්‍යා රිපර්ට් The fight against German militarism 80 years after World War II යන මැයෙන් 2025 ජාත්‍යන්තර මැයි දින ඔන්ලයින් රැලියේදී කල කතාවයි.
ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) වෙනුවෙන් මම ඔබට මැයි දිනයට විප්ලවීය සුබ පැතුම් ගෙන එන්නේ හරියටම වසර 80කට පෙර 1945 මැයි මාසයේ දී රතු හමුදාව විසින් නිදහස් කර ගන්නා ලද බර්ලිනයේ සිටයි.
මෙහි ඊසානදිග බර්ලිනයේ ෂොන්හෝසර් හීඩ් (Schönholzer Heide) හි සෝවියට් සමූහාන්ඩුවේ සොල්දාදුවන් 13,000 ට වැඩි සංඛ්‍යාවක් භූමදානය කර තිබෙනවා. ෆැසිස්ට්වාදීන්ට එරෙහි වීරෝධාර අරගලයේදී ඔවුන් තම ජීවිතය පූජා කලා. සෝවියට් යුද සිරකරුවන් ද මෙහි අනුස්මරනය කෙරෙනවා. මෙම ස්ථානය රුසියාවෙන් පිටත විශාලතම සෝවියට් සුසාන භූමියයි.
සෝවියට් පුරවැසියන් මිලියන 27 කට වැඩි පිරිසක් සහ යුදෙව්වන් මිලියන 6 ක හොලෝකෝස්ටයට හා නාසි සමූලඝාතන යුද්ධයට ගොදුරු වුනා.
මේ අය ඈත අතීතයේ මිය ගිය පිරිස් නොවේ.
වසර අසූවකට පසුව, ජර්මානු අධිරාජ්‍යවාදය තම කොල්ලකාරී ව්‍යාප්තවාදී ප්‍රතිපත්ති වෙත නැවත පැමිනීම අපි අත්දකිමින් සිටිමු. අමුද්‍රව්‍ය, ශ්‍රම බලකාය සහ තමන්ගේ ම වැයික්කි සඳහා තම කෑදරකම ජර්මානු ප්‍රභූව තුන්වන වරටත් රුසියාවට එරෙහි යුද්ධයකට තල්ලු කරමින් තිබෙනවා.
හිට්ලර්ගෙන් පසු විශාලතම යලි සන්නද්ධ කිරීම යුක්තිසහගත කිරීම සඳහා ඔවුහු පුටින් තන්ත්‍රයේ ප්‍රතිගාමී යුක්‍රේන ආක්‍රමනය ගසා කමින් සිටිනවා. ජර්මානු පාර්ලිමේන්තුව යුරෝ ට්‍රිලියන 1කට අධික යුද නය අනුමත කර තිබෙනවා.
චාන්සලර් ලෙස තේරී පත් වීමට නියමිත ෆ්‍රෙඩ්‍රික් මර්ස්ට අවශ්‍යව ඇත්තේ මොස්කව් වෙත පහර දිය හැකි ජර්මානු ටෝරස් කෲස් මිසයිල යුක්‍රේනයට සැපයීමටයි. එය යුද්ධය භයානක ලෙස උග්‍ර කිරීමක්. ජර්මානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් ටෝරස් ප්‍රහාරවලට ක්‍රෙම්ලිනය ප්‍රතිචාර නොදක්වන බවට සහතික විය හැක්කේ කාටද?
ෆැසිස්ට් ට්‍රම්ප් බලයට පත් වූ දා සිට ජර්මනිය සිය යුද න්‍යාය පත්‍රය ඊටත් වඩා ආක්‍රමනශීලී ලෙස, අවශ්‍ය නම්, එක්සත් ජනපදය නොමැති ව හෝ ඊට එරෙහිව හෝ ක්‍රියාත්මක කර ඇත. ජර්මානු ආන්ඩුව “Deutschland über alles” (සැමට ම ඉහලින් ජර්මනිය) මගින් ට්‍රම්ප්ගේ “ඇමරිකාව පලමුව” ප්‍රතිපත්තියට ප්‍රතිචාර දක්වනවා.
යලි සන්නද්ධ වීමෙන් ජර්මානු පාලක පන්තිය අහිමි වූ තම අභිමානය යලි ස්ථාපිත කර ගැනීමට උත්සහ දරනවා. ඔවුන් අවසානයේ පශ්චාත් යුධ සමයේ විලංගු ඉවත ලා ගෝලීය ආධිපත්‍යය සඳහා ප්‍රයත්න දරනවා. ඔවුන් රුසියානු ආක්‍රමනිකයාට එරෙහි ව “ප්‍රජාතන්ත්‍රවාදය” ආරක්ෂා කරනවාය යන බොරුව පිටුපස තම භූ දේශපාලනික අවශ්‍යතා සඟවා ගෙන සිටිනවා.
දෘෂ්ටිවාදාත්මක පෙරමුනේ, ජර්මානු අධිරාජ්‍යවාදයේ අපරාධවලට සුදු හුනු ගෑමට ඉතිහාසය නැවත ලියැවෙමින් තිබෙනවා. ජර්මානු විද්වතුන් නාසි සමූලඝාතන යුද්ධය සහ හොලෝකෝස්ටය සාපේක්ෂ කරනය කරන අතර දෙවන ලෝක යුද්ධයේ ආක්‍රමනිකයා සහ අපරාධකරුවා ලෙස සෝවියට් සංගමය හුවා දක්වනවා.
දැන් ජර්මානු පාර්ලිමේන්තුව දෙ වැනි ලෝක යුද්ධයේ අවසානය පිලිබඳ මේ වසරේ සැමරුම් උත්සවයෙන් රුසියානු සහ බෙලරුස් තානාපතිවරුන් බැහැර කරලා. මෙය සමස්ත කම්කරු පන්තියට එරෙහි අපහාසයක්. නාසීන්ගේ භීෂනයෙන් හෝ ඔවුන්ට එරෙහි සටනේදී ඥාතීන් අහිමි නොවූ පවුලක් රුසියාවේ සහ බෙලාරුස්හි නොමැති තරම්.
දිනපතා, ජර්මානු දේශපාලනඥයින් සහ මාධ්‍යවේදීන් සමාජය නැවතත් “යුද්ධයට සූදානම්” කිරීමට අතොරක් නොමැති ව උද්ඝෝෂනයේ යෙදෙනවා. ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (CDU) සහ ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (SPD) බලයට පත්වන ආන්ඩුව, අනිවාර්ය හමුදා සේවය යලි හඳුන්වා දීමට, විශ්වවිද්‍යාල සහ පාසල් මිලිටරිකරනය කිරීමට, දැවැන්ත ආයුධ කර්මාන්තයක් ගොඩනැගීමට, යුද ආර්ථිකයක් ස්ථාපිත කිරීමට, සමාජ වියදම් කපා හැරීමට සහ සරනාගතයින්ට එරෙහි ප්‍රහාර වැඩි කිරීමට සැලසුම් කරනවා.
සියලුම ධනේශ්වර පක්ෂ මෙම යුද ප්‍රතිපත්තියට සහාය දක්වනවා. හිටපු සාමවාදීන් සහ හරිතයන් දැන් වඩාත්ම ආක්‍රමනශීලී යුදවාදීන්. දක්ෂිනාංශයේ විරුද්ධවාදියෙකු ලෙස පෙනී සිටීම නිසා තරුන ඡන්දදායකයින්ගෙන් සියයට 25 ක් දිනාගත් වාම පක්ෂය පවා යලි සන්නද්ධකරනයට ඡන්දය දුන්නා.
අධ්‍යාපනය, සෞඛ්‍යය හා සමාජ සේවා කප්පාදුව, මහා දොට්ට දැමීම් සහ ඉහල යන මිල සහ ගෙවල් කුලී හරහා කම්කරුවන් යුද්ධය සඳහා ගෙවිය යුතු වෙනවා.
එහෙත් වැඩ වර්ජන, අන්ත දක්ෂිනාංශික ජර්මනිය සඳහා විකල්පය (AfD) ට එරෙහි පෙලපාලි හෝ ගාසාවේ ජන සංහාරයට එරෙහි විරෝධතා ස්වරූපයෙන් ප්‍රතිරෝධය වර්ධනය වෙමින් පවතිනවා.
ආන්ඩුව ජන සංහාරයට සහාය දෙන අතරේ, පොලිසිය යුද්ධයට විරුද්ධ වන්නන් සහ සාමකාමී ව උද්ඝෝෂන කරන සිසුන් ම්ලේච්ඡ ලෙස අත්අඩංගුවට ගෙන පිටුවහල් කරනවා.
1930 ගනන්වල දී මෙන්, පාලක පන්තිය ධනවාදයේ ගැඹුරු අර්බුදයට සහ සමාජ විප්ලවයක් පිලිබඳ තම භීතියට ප්‍රතිචාර දක්වන්නේ දැන් සමීක්ෂනවල ප්‍රබලම පක්ෂය වන AfD හි ෆැසිස්ට්වාදීන් ප්‍රවර්ධනය කිරීමෙන්.
1933 දී දේශපාලන ප්‍රභූන් සහ මහා ව්‍යාපාරිකයන් හිට්ලර් බලයට ගෙන ආවේ බලගතු කම්කරු ව්‍යාපාරය තලා දැමීමටයි. මෙය කල හැකි වූයේ ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ (කේපීඩී) ස්ටැලින්වාදී දේශපාලනය කම්කරුවන් බෙදා පක්ෂාගාත කල නිසා පමනි.
ජාතික සමාජවාදය (නාසිවාදය) තුල, ධනවාදය එහි වඩාත්ම නිරුවත් සහ ම්ලේච්ඡ ස්වරූපයෙන් හෙලිදරව් වුනා.
මෙන්න, මෙම ස්මාරකය පිහිටි ස්ථානය අසල, නාසීන් බලහත්කාර ශ්‍රම කඳවුරක් ගොඩනඟා එහි බොහෝ සෝවියට් පුරවැසියන් ඇතුලුව 2,000 කට අධික පිරිසකගෙන් මරව මරවා වැඩ ගත්තා.
අද ජර්මනියේ ධනවත්ම ව්‍යාපාරික පවුලක් වන ක්වන්ඩ් (Quandt) පවුලට අයත් Deutsche Waffen-und Munitionsfabriken AG නම් ආයුධ සමාගම වෙනුවෙන් ඔවුන් කැඹිරුවා. ක්වන්ඩ් පවුල යුරෝ බිලියන 40කට වඩා වැඩි තම දැවැන්ත ධනය ගොඩනඟා ගත්තේ සහ BMW හි බහුතර කොටස් ප්‍රමානයක් තහවුරු කර ගත්තේ බලහත්කාරී ව යොදා ගත් කම්කරුවන් 50,000ක් දක්වා වූ කම්කරු පිරිසක් ඇටපොත්තටම සූරාකෑම මතයි.
දිගු කලක් ජර්මානු ධනපතියන්ගේ නාසි උරුමය නිහඬ ව සිටියා. දැන්, රයින්මෙටල් (Rheinmetall) වැනි ආයුධ සමාගම් තම යුද ලාභයෙන් විවෘතව ප්‍රීති වෙනවා.
එහෙත් එදා මෙන්ම අද ද ධනපති පන්තිය සිටින්නේ මංමුලාසහගත තත්ත්වයකයි. ඔවුන්ගේ උමතු යුද මාවත එහි දුර්වලකමේ ප්‍රකාශනයක්. ඔවුන් බොහෝ කලකට පෙර යල් පැන ගිය සමාජ ක්‍රමයක් ආරක්ෂා කරමින් සිටිනවා. ඔවුන් ධනවාදයේ සොහොන් හාරන්නා වන කම්කරු පන්තියේ දැවෙන විරෝධයට බියෙන් පසු වෙනවා.
1933ට ප්‍රතිවිරුද්ධව, අද ඔවුන්ට ෆැසිස්ට් මහජන ව්‍යාපාරයක් ඇත්තේ නෑ. කම්කරුවන් පරාජය වී නෑ. පුපුරන සුලු අරගල ඉදිරි කාලයේ දී පැමිනෙනු ඇති. කම්කරු පන්තිය තුල යුද විරෝධී හැඟීම අතිමහත් ය. ලෝක යුද්ධ දෙකක මතකය ඔවුන් තුල ගැඹුරින් කාවැදී ඇත.
තරුනයන්ට යුද්ධයට බිලි වීමට වුවමනා නැත. වයස අවුරුදු 29 ට අඩු බහුතරයක් අනිවාර්ය හමුදා සේවය ප්‍රතික්ෂේප කරනවා. පසුගිය වසරේ තරුනයින්ගෙන් සියයට 81 ක් යුරෝපයේ යුද්ධය පිලිබඳ තම භීතිය ප්‍රකාශ කලා.
තීරනාත්මක ප්‍රශ්නය නම්: ම්ලේච්ඡත්වයට ඇදවැටීම නතර කරන්නේ කෙසේද යන්නයි.
1933 නොවැලැක්විය හැකි දෙයක් වුනා නොවේ. හිට්ලර්ගේ නැගීම වැලැක්විය හැකි ඉදිරිදර්ශනයක් පැවතුනා: ඒ විප්ලවවාදී නායකත්වයක් යටතේ සහ ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලක් යටතේ කම්කරු ව්‍යාපාරය ඒකාබද්ධ කිරීමෙන්. විප්ලවවාදී ලියොන් ට්‍රොට්ස්කි කම්කරු පක්ෂ දෙකේ ස්ටැලින්වාදී හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නායකයින්ට එරෙහිව මෙම ඉදිරිදර්ශනය සඳහා සටන් කලා.
අද අප ට්‍රොට්ස්කිගේ අරගලය පෙරට ගෙන යා යුතුයි. ජාත්‍යන්තර කම්කරු පන්තියේ දැවැන්ත බලය බලමුලු ගන්වන්නේ නම් යුද්ධය හා ෆැසිස්ට්වාදය නැවැත්විය හැකියි.
ඒ සඳහා ඉතිහාසයේ පාඩම් උගත් සමාජවාදී මූලෝපායක් අනුගමනය කරන දේශපාලන නායකත්වයක් අවශ්‍ය වෙනවා. සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශනය මෙයයි.
එබැවින් මම ඔබෙන් ඉල්ලා සිටිනවා: නාස්ති කිරීමට කාලයක් නෑ! අපගේ ව්‍යාපාරයට සම්බන්ධ වන්න. සමාජවාදී සමානතා පක්ෂය සහ අපගේ තරුන සංවිධානය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ තුල ක්‍රියාකාරී වන්න!