ලොව පුරා සමාජවාදී සමානතා පක්ෂ (සසප), හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) සාමාජිකයින් සහ ආධාරකරුවන් අතර වික්ස් සහෝදරයා ලෙස හැඳින්වෙන නන්ද වික්‍රමසිංහ සහෝදරයාගේ අභාවය, ශ්‍රී ලංකාවේ සසප දැඩි ශෝකයෙන් නිවේදනය කරයි. 1968 ජුනි මාසයේදී, සසප පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) ආරම්භ කරන විට, වික්ස්, අභාවප්‍රාප්ත කීර්ති බාලසූරිය හා විජේ ඩයස් සහ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාතික කර්තෘ කේ. රත්නායක යන සහෝදරවරුන් සමඟ එකට සිටියේ ය.
විකොස ආරම්භ කල දා සිට, වික්ස් ඔහුගේ පිරිහුනු සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පක්ෂයේ එදිනෙදා දේශපාලන කටයුතුවලට බාධා වන තෙක් ම විකොස/සසප නායකත්වයේ ප්‍රමුඛ හා කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරමින් සිටියේය. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඔහු සිය 85 වන උපන්දිනය සැමරීය. ඔහුගේ අවසාන කාලය දක්වා ම, වික්ස්, තම අයහපත් සෞඛ්‍ය තත්වයන් නොතකා, ශ්‍රී ලංකාවේ සසප ප්‍රමුඛ සාමාජිකයින් සමඟ නිතිපතා දේශපාලන හා න්‍යායික සාකච්ඡාවලට සම්බන්ධ විය.
වික්ස් සහෝදරයාගේ දේහය ඔහුගේ සහෝදරවරුන්, මිතුරන් සහ ඥාතීන්ගේ අවසන් ගෞරවය සඳහා අප්‍රේල් 23 වන බදාදා සහ අප්‍රේල් 24 වන බ්‍රහස්පතින්දා, කොලඹ 8, බෞද්ධාලෝක මාවතේ, 483, ජයරත්න රෙස්පෙක්ට් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කෙරේ. අවමංගල්‍ය පාගමන බ්‍රහස්පතින්දා පස්වරු 2.30 ට එම ශාලාවෙන් ආරම්භ වන අතර අවමංගල්‍ය රැස්වීම, බොරැල්ල සුසාන භූමියේ නව ආදාහනාගාරය අසල ශාලාවේදී, පස්වරු 3 ට ආරම්භ වේ. ආදාහනය පස්වරු 4.30 ට සිදු කෙරේ.
වික්ස් සහෝදරයාගේ අවමංගල්‍යයට සහභාගී වී ඔහුට අවසන් ගෞරව දක්වන ලෙසත්, ඔබේ ශෝකය සහ ඔහු පිලිබඳ මතකයන් අපට එවන ලෙසත් ඔහු ගැන දන්නා සියලු දෙනාගෙන්ම අපි ඉල්ලා සිටින්නෙමු. ඉදිරි දිනවලදී අපි ඔහුගේ විප්ලවවාදී භූමිකාව පිලිබඳ සවිස්තරාත්මක ලිපියක් පල කරන්නෙමු.