වීඩියෝ: ශ්‍රී ලංකාවේ මහජනයා ඊස්රායලය ගෙනියන ජනසංහාරයට විරුද්ධත්වය පලකරති

මේ වනවිට ගාසා තීරය තුල පලස්තීනුවන් දහස් ගනනින් සංහාරය කරමින් ඊස්රායල් හමුදා විසින් සිදුකරන සපරාධී යුද්ධයට එරෙහිව ලෝකය පුරා මිලියන ගනන් ජනයා වීථි බැස සිටින අතර, පසුගිය දිනවල ලංකාවේ, විශේෂයෙන් මුස්ලිම් ජනයා ද ඇතුලු අවශේෂ ජනයා මේ විරෝධතාවලට එක්වූහ.

ගාසා තීරය ජනවාර්ගිකව අතුගා දැමීම සඳහා වන සිය දීර්ඝ කාලීන මිලිටරි සැලසුම් ක්‍රියාවට දැමීම සඳහා, ඔක්තෝබර් 7දා හමාස් සංවිධානය සිදුකල ප්‍රහාරය ඊස්රායල විසින් ක්ෂනිකව ඩැහගැනුනි. එතැන්සිට ඊස්රායලයේ ම්ලේච් මිලිටරි ප්‍රහාර මගින් 7000කට අධික පලස්තීන සිවිල් වැසියන් ප්‍රමානයක් මේවනවිටත් ඝාතනය කර තිබෙන අතර මෙයින් අතිවිශාල ප්‍රමානයක් ලමුන් හා කාන්තාවන් ය. පසුගිය දා ඊස්රායල හමුදා පලස්තීනය තුල රෝහලකට ප්‍රහාර එල්ල කොට 500ක් පමන ජනයා ඝාතනය කල අතර මෙය යුද අපරාධයකි. ලක්ෂ දෙකකට අධික ජනයා ජීවිතය පවත්වා ගැනීමට මූලික අවශ්‍යතාවක් වන ආහාර සහ ජලය පවා නොමැතිව අතිශය අවධානම් තත්වයක පසුවන අතර ඔවුන්ට අනෙකුත් අවශ්‍යතාවන් වන විදුලිය, ඖෂධ හා වාසස්ථාන අහිමි කෙරී පවතී.

ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන් ඊස්රාලයේ බෙන්ජමින් නෙතන්‍යාහු පාලනයේ ම්ලේච්ඡ ප්‍රහාර එකහෙලා අනුමත කරමින් මෙම යුද අපරාධවල යාවජීව හවුල්කරුවන් බවට පත්ව සිටී. කුප්‍රකට අධිරාජ්‍යවාදී ගැත්තෙක් වන ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද මේ බලවතුන් අනුයමින් ඊස්රායල් අපරාධවලට අත්පුඩි තලා ඇත.

කෙසේවෙතත්, ලංකාවේද ඇතුලු ලෝකය පුරා සාමාන්‍ය ජනයා මෙම අපරාධ පිලිකුලෙන් හෙලාදකින අතර ඔවුන් එකහෙලාම ඉල්ලා සිටින්නේ පලස්තීන ජනයාට එරෙහි ඊස්රාලයේ ම්ලේච්ඡ ජනඝාතක යුද්ධය වහා අත්හිටුවන ලෙසයි. පසුගිය දින කීපයේදී ඊස්රායල් අපරාධවලට වීථිබට ජනයා ලෝක සමාජවාදී වෙබ් අඩවියට අදහස් දැක්වූ අතර පහත පලවන්නේ ඒවායින් කීපයකි.

ලයනල් පීරිස් -කිතුනු පූජකයෙක්
මිනාසා - මාධ්‍යවේදිනියක්
කලිඛ් සහ අස්ලම්- ශිෂ්‍යයින්
උම්මුල්- සමාජ ක්‍රියාකාරීනියක්
අමීන් ඉෂඩීන්- මාධ්‍යවේදී
මාරම්- සමාජ ක්‍රියාකාරිනී
Loading