පරීක්ෂන යන්ත්‍ර අබලන්වීම, වෛද්‍ය උපකරන, වෛද්‍යවරු සහ කාර්ය මන්ඩල හිඟය හේතු කොටගෙන මහනුවර රෝහල බරපතල අර්බුදයකට මුහුන දී ඇත. එ් හේතුවෙන් රෝගීන් මෙන් ම වෛද්‍යවරු සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මන්ඩලයන් ද ඉමහත් අපහසුතාවයකට මුහුන දෙති. මහනුවර රෝහල ශ්‍රී ලංකාවේ දෙවන ජාතික රෝහලයි. ඉන් මධ්‍යම, සබරගමුව, උතුරු මැද, උතුරු සහ නැගෙනහිර පලාත්වල ලක්ෂ සංඛ්‍යාත ජනයා ප්‍රතිකාර ලබා ගනිති.
මූලික වෛද්‍ය පරීක්ෂන සහ ප්‍රතිකාර සඳහා ගන්නා යන්ත්‍ර ගනනාවක් ම මේ වන විට අක්‍රිය වී ඇත. ඩීඑස්ඒ යන්ත්‍රය මාස ගනනාවක සිට මුලුමනින් ක්‍රියා විරහිතය. මෙම යන්ත්‍රය මගින් රුධිර නාල, අක්මාව සහ වකුගඩු ඇතුලු අවයවවල රෝග හඳුනා ගැනීම සිදු කෙරෙයි. එය යතා තත්වයට පත්කිරීම අවිනිශ්චිත බැවින් අදාල පරීක්ෂන සඳහා දින දීම නතරකර ඇත.
යන්ත්‍රයේ දෝෂය 'සුලු එකක්' බවත් එහි ටියුබ් එක දැමීමෙන් කෙටි කාලයක් තුල එය යතා තත්වයට පත්කල හැකි බවත් සෞඛ්‍ය බලධාරීන් මාධ්‍යට පවසා ඇත. බලධාරීන්ගේ එම ප්‍රකාශය ගැන උපහාසයෙන් කතාකල විකිරන අංශයේ සේවකයෙක් එම යන්ත්‍රය දකුනු ආසියාවේ පවතින පැරනිතම යන්ත්‍රය වියහැකි බවත් එම වර්ගයේ යන්ත්‍ර සඳහා නිෂ්පාදිත සමාගම විසින් මේවන විට අමතර කොටස් නිෂ්පාදනය නොකරන බවත් පැවසීය. නවීන යන්ත්‍රයක් ස්ථාපනය කිරීම ප්ශ්නයට ඇති එකම විසඳුම බව ද ඔහු කීවේය. එහෙත් අලුත් යන්ත්‍රයක් ලබාදීමට ප්‍රතිපාදන නැති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් රෝහලේ බලධාරීන් සමග කල සාකච්ඡාවක දී පවසා තිබේ.
මෙම යන්ත්‍රය මගින් සේවාව ලබා ගන්නා රෝගීන්ට පෞද්ගලික අංශයෙන් පරීක්ෂන සිදුකර ගැනීම සඳහා ප්තිපාදන රජය මගින් ලබාදීමට අවධානය යොමු කර ඇති බවට ආරංචියක් පවතින බව ඉහත සඳහන් සෞඛ්‍ය සේවකයා පැවසීය. ආන්ඩුවේ මුල්‍ය අර්බුදය හේතුවෙන් ප්‍රතිපාදන කප්පාදුකරන තත්වයක් තුල කල්නොයවාම පෞද්ගලික අංශයෙන් ම එම පරීක්ෂා කර ගැනීමට රෝගීන්ට සිදුවනු ඇති බව ද එය නිදහස් සෞඛ්‍ය සේවාව පුද්ගලීකරනයේ කොටසක් බව ද ඔහු සඳහන් කලේ ය.
රෝහල් සේවකයන් පවසන පරිදි රෝග විනිශ්චය කෙරෙන යන්ත්‍ර කිහිපයක්ම අක්‍රිය වී ඇත. අල්ට්‍රාසවුන්ඩ් යන්ත්‍ර හයෙන් ක්‍රියාත්මක වන්නේ තුනක් පමනි. එම නිසා රෝගීන්ට මෙම වසර සඳහා කිසිදු දිනයක් ලබාදීමට නොහැකිවීම හේතුවෙන් පොරොත්තු ලේඛනගත රෝගීන් සංඛ්‍යාව විශාල වසයෙන් ඉහල ගොස් ඇත. සීටී යන්ත්‍ර දෙකෙන් එකක් භාවිතයට නුසුදුසු තත්ත්වයක පවති. 2005 සවි කරන ලද එම යන්ත්‍රයෙන් නිවැරදි වාර්තා ලබාගැනීම ට නොහැකිය. එම්ආර්අයි පරීක්ෂන සඳහා රෝගීන් විශාල සංඛ්‍යාවක් ලියාපදිංචි වන නමුත් සේවක හිඟය නිසා දිනකට කල හැකි පරීක්ෂන ගනන 12 ට සීමා වී ඇත. අවශ්‍ය පරිදි සේවකයන් සිටින්නේ නම් දිනකට පනහකට අධික පරීක්ෂන ප්‍රමානයක් කල හැකි බව එම අංශයේ සේවකයෙක් පැවසීය. අතිකාල සේවය සඳහා ගෙවන මුදල සොච්චමක් නිසා වෛද්‍යවරු හා කාර්මික ශිල්පීන් අතිකාල සේවයේ යෙදීමට අකමැති බව ද ඔහු සඳහන් කලේ ය.
එමෙන්ම කාර්ය මන්ඩලයේ අඩුව නිසා දිනකට පරීක්ෂන සඳහා සහභාගි වන 12 දෙනා ගේ වාර්තා ලබාදීමට ද මාසයක් හෝ මාස එකහමාරක් පමන ගතවන බව ඔහු පැවසීය. 'එවැනි වාර්තාවක් පෞද්ගලික අංශයෙන් දින තුනක තුල දී ලබාගන්න පුලුවන්. රටේ පවතින ආර්ථික දුෂ්කරතා නිසා, පසුගිය වසර කිහිපය තුල වැඩිදුර පුහුනුව සඳහා විදේශගත වූ විකිරන අංශයේ කිසිම වෛද්‍යවරයෙක් ආපසු ආවේ නැහැ. දැනට ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහ විකීරනවේදී ශිල්පීන් පවා විදේශගතවීමට උත්සාහ දරන' බව ද ඔහු සඳහන් කලේ ය.
වැටුප් කප්පාදුව සහ ජීවන වියදම ඉහලයාමෙන් මුහුන දෙන දුෂ්කරතාවය ගැන ඔහු මෙසේ පැවසීය: 'මම රක්ෂාවට ආවේ 2002. එතකොට සීටී පරීක්ෂනයකට අපිට ගෙව්වේ රුපියල් 75 යි. ඒ දවස්වල පාන් රාත්තලක් රුපියල් 3.50 යි. දැන් දෙසීයකට කිට්ටුයි. නමුත් සීටී පරීක්ෂනයක් සඳහා අපිට ගෙවන්නේ එම මුදලමයි. ඒ නිසා ජීවත්වීම හරිම අසීරුයි.'
හෘද කැතීටකරන ඒකකයේ(cath lab) අක්‍රිය වූ එක් යන්ත්‍රය තවමත් අලුත්වැඩියා කර නැත. පරීක්ෂන සදහා යොදා ගන්න අනෙක් යන්ත්‍රය ද හොඳ තත්ත්වයේ නොපවතින බව එහි සේවකයෝ පැවසුහ. “එම නිසා විකිරන පාලනය කිරීම කල නොහැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස රෝගීන් හා සෞඛ්‍ය කාර්ය මන්ඩලය අධික විකිරන වලට නිරාවරනය වෙනවා. රෝගීන් සඳහා භාවිතා කරන කැනියුලා එක ඇතුලු බොහෝ උපකරන නැවත භාවිතයට ගැනීමට සිදු වීම නිසා රෝගීන් මාරාන්තික අනතුරකට මුහුන දෙනවා. යන්ත්‍ර අබලන්වීමෙන් නිසි කලට පරීක්ෂන සිදු නොකෙරන නිසා හෘද රෝගීන් අටදාහක් පමන පොරොත්තු ලේඛනයේ ඉන්නවා. නියමිත දිනය ලගාවෙනකොට එයින් බොහෝ පිරිසක් මරනයට පත් වී සිටිය හැකි”වෙතැයි ඔවුහු කීහ.
යන්ත්‍රයේ ආරක්ෂාවට තිබෙන වායුසමන පද්ධතිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පිලිකා ප්‍රතිකාර ඒකකයේ තිබෙන ලිනියර් ඇක්සලරේටර් (linear acceleration-රේඛීය ත්වරනය) ද ක්‍රියාත්මක කල නොහැකි තත්වයක් උද්ගත වී ඇත. වායුසමන පද්ධතිය අලුත්වැඩියා කිරීම අදාල සමාගම විසින් ප්‍රතික්ෂේප කර ඇත්තේ එම ආයතනයට ගෙවියයුතු රුපියල් මිලියන ගනනක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නොගෙවීම හේතුවෙනි. එම යන්ත්‍රය මගින් ශරීරයේ පිලිකා සෛල පවතින නිශ්චිත ස්ථානය පමනක් ඉලක්ක කර ගනිමින් ප්‍රතිකාර කල හැකි නමුත් දැනට ප්තිකාර කරන යන්ත්‍රය මගින් රෝගීන් ගේ නිරෝගී ශරීර ප්‍රදේශ ද විකිරනවලට නිරාවරනය වන බව එහි සේවකයෙක් සඳහන් කලේය.
හෘද සැත්කම් එකකකයේ සැත්කම් වලට භාජනය කෙරෙන රෝගීන්ට අවශ්‍ය උපකරන සහ ද්‍රව්‍ය පිටතින් මිල දී ගැනීම පිනිස රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වැය කිරීමට සිදුවෙයි. බොහෝ රෝගීන්ට එම වියදම දරා ගැනීම අපහසුවීම හේතුවෙන් ශල්‍යකර්ම කරන ප්‍රමානය විශාල ලෙස පහත වැටී ඇත. හෘද කපාට සැත්කම් සඳහා වසර පහක් පමන ද බයිපාස් සඳහා දෙකකට වඩා බලා සිටීමට සිදුවී තිබේ.
ඖෂධ හිඟය හා විසවීම නිසාවෙන් රෝගීන් මියයාම සුලභ ව සිදුවෙයි. එහෙත් සෞඛ්‍ය බලධාරීන් සහ සෞඛ්‍ය ඇමති ඇතුලු වික්‍රමසිංහ ආන්ඩුව අනුගමනය කරන්නේ ඒ පිලිබඳ වගකීමෙන් අතසෝදා නින්දිත පිලිවෙතකි. වකුගඩු සායනය මඟින් පසුගිය දිනවල එහි රෝගීන්ට ලබාදෙන ලද රුධිරය නිවසේ දී පිරිසිදු කරගැනීමට පාවිච්චි කරන දියර වල දිලීර තිබී හමු වී ඇති බවත් ඒ හේතුවෙන් රෝගීන් කීප දෙනෙකු මියගිය බවට මාධ්‍ය වාර්තා පලවිය. නමුත් එම දිලීර හේතුවෙන් ම රෝගීන් මරනයට පත්වූ බව මෙතෙක් තහවුරු වී නැතැයි සෞඛ්‍ය බලධාරීන් පවසයි.
රෝහල තුල බොහෝ ඖෂධ වල හිගයක් පවතින අතර විශේෂයෙන්ම ඇදුම රෝගීන් සඳහා ලබාදෙන ඉන්හේලර් වල සහ රෝහලතුල ඇති සියලු වාට්ටුවල ශිරා මගින් ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ වල ඇත්තේ බරපතල හිඟයකි.
මගනුවර රෝහලේ අවම වශයෙන් වෛද්‍යවරුන් 677 ක් සිටියයුතු නමුත් සිටින්නේ 577 පමනි. වෛද්‍යවරුන් දිනෙන් දින විදේශගතවීම නිසා රෝහලේ ප්‍රතිකාර ඒකකයන් පවත්වා ගැනීම බරපතල ගැටලුවකි. හෙද සේවකයන් 200 පමන සහ කාර්යය සහායකයන් 400 පමන හිගයක් පවතින බව වාර්තා වෙයි.
මහනුවර ජාතික රෝහලේ පවතින අර්බුදය සමස්ත නිදහස් සෞඛ්‍ය සේවය කඩා වැටීමේ කොටසකි. රෝහල්වල පවතින සමස්ත සීටී ස්කෑන් යන්ත්‍ර 44 න් 12 ක්, එම්ආර්අයි යන්ත්‍ර 13 න් –2 ක්, එන්ජියෝග්‍රෑම් යන්ත්‍ර 14 න් 2 ක්, පෙට් යන්ත්‍ර 04 න් 02 ක් අක්‍රීය වී ඇති බවව විකිරන තාක්ෂනවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මතිලක ජුලි 10 වෙනිදා දිවයින පුවත්පතට පවසා තිබුනි.
සෞඛ්‍ය අමාත්‍යාංශය ට අනුව දියවැඩියාව, වකුගඩු රෝග, අධි රුධිර පීඩනය, හෘද රෝග සහ ලමා රෝග සඳහා භාවිතා කෙරෙන අත්‍යාවශ්‍ය ඖෂධ 160ක හිඟයක් රජයේ රෝහල්වල පවතී. උපකරන හා ඖෂධ හිඟය නිසා ශල්‍යකර්ම කල්දැමීමට සිදු වී ඇත. වෛද්‍යවරුන්ගේ සහ කාර්යමන්ඩලයන්ගේ හිඟය ඔඩුදුවයි. මේ නිසා බොහෝ ඖෂධ රෝගීන්ට පිටතින් මිලදී ගැනීමට සිදුවී ඇති අතර අධික ලෙස මිල ඉහලයාම හේතුවෙන් ඖෂධ මිලදී ගැනීමෙන් වැලකී සිටීමට බහුතරයක් රෝගීන්ට බලකෙරී ඇත.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක එන්නත්කරනය හේතුකොටගෙන ලමුන්, ගැබිනි මව්වරුන් හා තරුන කාන්තාවන් ඇතුලු 16 දෙනෙකු පමන ආසාත්මිතාවලට ගොදුරු වූ බව පේරාදෙනිය, මහනුවර, කොලඹ, රාගම, නුවරඑලිය, කිලිනොච්චි සහ පානදුර රෝහල් වලින් වාර්තා විය. ඉන් ලමුන් හා කාන්තාවන් කිහිප දෙනෙක් මියගියහ. ඖෂධ හිඟය නිසා හදිසි ප්‍රතිකාර සඳහා එම එන්නත් පාවිච්චි කිරීමට වෛද්‍යවරුන්ට බලකෙරුනි. ආන්ඩුව එන්නත් විෂවීම පිලිබඳ ප්‍රශ්නය යට ගැසීමට උත්සාහ කල නමුත් බරපතල මහජන විරෝධයක් මතුවීම නිසා එම එන්නත් භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවිය.
සෞඛ්‍ය සේවයේ අර්බුදය වඩ වඩා එලිදරව්වීම මධ්‍යයේ ඒ පිලිබඳ තොරතුරු මාධ්‍යට ලබාදීම වෘත්තීය සමිති සහ සේවකයන් ට වාරනය කරමින් සෞඛ්‍ය ලේකම් ජුලි 20 චක්‍රලේඛයක් නිකුත් කලේ ය.
සෞඛ්‍ය සේවය වලපල්ලට යාම පසුගිය දශක කිහිපයක් පුරා අනුප්‍රාප්තික ධනපති ආන්ඩු විසින් ඒ සඳහා ප්‍රතිපාදන ක්‍රමානුකුලව කැපීමේ ප්‍රතිඵලයකි. පසුගිය වසරේ අයවැයෙන් සෞඛ්‍ය සේවය සඳහා වෙන්කෙරුනේ රුපියල් බිලියන 322කි. එය බිලියන 6 ක කප්පාදුවකි. වික්‍රමසිංහ ආන්ඩුව මුහුන සිටින බරපතල ආර්ථික අර්බුදය තුල ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විධානය කරන ලද කප්පාදු වැඩපිලිවෙල යටතේ රාජ්‍ය වියදම් කප්පදුවේ කොටසක් ලෙස නිදහස් සෞඛ්‍ය සේවය සඳහා ප්‍රතිපාදන තවදුරටත් කප්පාදු කිරීමට සහ එය පුද්ගලීකරනය කිරීමේ පිඹුරුපත් සැකසෙමින් තිබේ. ගෙවන වාට්ටු ආරම්භ කිරීම එහි පලමු පියවරයි.
නිදහස් සෞඛ්‍ය සේවය විනාශ කිරීමට එරෙහිව අරගලයක් සංවිධානය කිරීම වෘත්තීය සමිති මඟහැර සිටිති. නිදහස් සෞඛ්‍ය සේවය හා සේවක අයිතීන් රැකගැනීම වික්‍රමසිංහ ආන්ඩුවේ සහ ජාමූඅ කප්පාදු වැඩපිලිවෙලට එරෙහි කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලය සමග අත්‍යන්තයෙන් බැඳී ඇත. එවන් අරගලයක් සංවිධානය කල හැක්කේ පාලක පන්තියේ උපකරන ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති නිලධරයෙන් ස්වාධීනව ගොඩනගන කම්කරු ක්‍රියාකාරී කමිටු තුලිනි.
මහනුවර රෝහල තුල ගොඩනගා අති සෞඛ්‍ය සේවක ක්‍රියාකාරී කමිටුවට බැඳී එය පුලුල් කරන ලෙසත්, සියලු රෝහල් තුල එවන් කමිටු ගොඩනැගීමට පෙරට එන ලෙසත් සියලු සෞඛ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටිමු. මෙම කමිටු ඒකාබද්ධ කරමින් නිදහස් සෞඛ්‍ය සේවය සහ සේවක අයිතීන් රැකගැනීමේ පොදු අරගලයක් සංවිධානය කිරීම කල් නොදැමිය යුතු අවශ්‍යතාවකි.