[මෙය Long live the memory of Comrade Keerthi Balasuriya (1948-1987) මැයෙන් 2022 දෙසැම්බර් 18 පල වූ ලිපියේ පරිවර්තනයයි.]
පහත ලිපිය, කීර්ති බාලසූරියගේ අභාවයේ තිස්පස්වන සංවත්සරයේදී ලෝසවෙඅ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති සහ සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් ශ්‍රී ලංකාවේ සසප වෙත එවන ලදී.
ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ හිතවත් සහෝදරවරුනි:
ඊයේ (17), සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික කමිටුවේ සමාරම්භක සැසිය ආරම්භ වූයේ කීර්ති බාලසූරිය සහෝදරයාට ආචාර පුද කරමින් සහ ඔහුගේ අභාවයේ තිස්පස්වන සංවත්සරයේදී ඔහුගේ මතකයට ගෞරව දැක්වීම සඳහා විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙනි.
කීර්තිගේ අභාවයේ සිට ශතවර්ෂ තුනෙන් එකකට වැඩි කාලයක් ගෙවී යාමෙන්, ජාත්‍යන්තර කම්කරු පන්තිය, ලෝක සමාජවාදයේ අභිප්‍රාය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පුරා සිටින ඔහුගේ අසංඛ්‍යාත සහෘදයන් සහ මිතුරන් අත්විඳි පාඩුව පිලිබඳ හැඟීම අඩු කර නැත. ඔහුගේ අකල් වියෝව නිසා ඇති වූ ශෝකය තවමත් කීර්ති දන්නා හඳුනන, ඔහු සමඟ වැඩ කල, ඔහුට ගරු කරන, අගය කල සැමට තදින්ම දැනේ. ඔහු 39 හැවිරිදි වියේ පසුවිය. ජාත්‍යන්තර කමිටුව කීර්තිගේ හැත්තෑපස්වන උපන්දිනය අනුස්මරනය කරනු ඇත්තේ එලඹෙන වසරේ නොවැම්බර් මාසයේදී ය.
එහෙත්, අද කීර්ති සහෝදරයාට ආචාරය කිරීම සඳහා අභිප්‍රේරනය වනුයේ ශෝකයෙන් නොව, ට්‍රොට්ස්කිවාදය සඳහා සටනට, ජාත්‍යන්තර කමිටුව ආරක්ෂා කිරීමට, එහි ශ්‍රී ලංකා පක්ෂය ගොඩනැගීමට සහ ලෝක සමාජවාදී විප්ලවයේ ජයග්‍රහනය හරහා කම්කරු පන්තිය ධනේශ්වර පීඩනයෙන් මුදා ගැනීම සඳහා සටනට ඔහු කල දැවැන්ත දායකත්වය කෙරෙහි වූ ගැඹුරු පැහැදීමෙනි.
1987 දෙසැම්බර් 23 වැනිදා කීර්ති සහෝදරයාගේ අවමංගල්‍ය උත්සවයේදී ඔහුගේ ජීවිතයට මා කල උපහාරයෙ හි අනාවැකියක් ඇතුලත් විය:
ඉදිරි කාල පරිච්ඡේදය තුල ආසියාවේ පමනක් නොව ලොව පුරා සිටින කම්කරුවන් කීර්ති සහෝදරයාගේ ලේඛන කියවා අධ්‍යයනය කරනු ඇත. එමෙන්ම තරුනයන්ගේ ගුරුවරුන් වන්නේ මාඕ සේතුං, හෝචි මිං සහ කැස්ත්‍රෝ නොවන බව අපට විශ්වාස ය. ඒ වෙනුවට, කම්කරුවන් හා තරුනයන් අතර දියුනු කොටස්, ඔවුන්ගේ විප්ලවවාදී පාඩම් ඉගෙන ගනු ඇත්තේ කීර්ති බාලසූරිය, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය සහ ජාත්‍යන්තර කමිටුව වෙතිනි.
කීර්ති සහෝදරයාගේ ජීවිතය තුලින්, ජාත්‍යන්තර කමිටුව ඉමහත් ඓතිහාසික වැදගත්කමක් ඇති නායකයෙකු නිර්මානය කලේය. කීර්ති සහෝදරයා, තනි පුද්ගලයකු ලෙස, ආදේශ කල නොහැක. එහෙත් ඔහු ගොඩනැගූ ව්‍යාපාරය ජීවමාන වන අතර ඉදිරි කාලය තුල මිලියන ගනනකට විප්ලවීය පහන් ටැඹක් වනු ඇත.
ඉතිහාසය තුල කීර්තිගේ භූමිකාව පිලිබඳ එම තක්සේරුවේ නිවැරදි බව පසුගිය වසර තිස් පහේ සිදුවීම් සනාථ කරයි. ඔහුගේ මරනයෙන් වසර දෙකකටත් අඩු කාලයකදී, සර්ව බලධාරී ලෙස පෙනෙන්නට තිබූ ස්ටැලින්වාදී ව්‍යාපාරය එහි අවසන් මරනාසන්නයට පිවිසියේය. 1989 ජූනි මාසයේදී චීන කොමියුනිස්ට් පක්ෂය, ටියනන්මෙන් චතුරශ්‍රයේ ලේ වැකි සංහාරය සමඟ, ධනේශ්වර ප්‍රතිෂ්ඨාපනය වෙත හැරීමට එරෙහි ප්‍රතිරෝධය තලා දැමීය. වසර අවසන් වීමට පෙර, නැගෙනහිර යුරෝපය පුරා ස්ටැලින්වාදී පාලන තන්ත්‍රයන් නින්දිත ලෙස දිය වී ගොස් තිබුනි. කීර්තිගේ මරනයෙන් වසර හතරකට පසුව, 1991 දෙසැම්බරයේදී, ගොර්බචෙව් පාලනය ස්ටැලින්වාදී ප්‍රතිවිප්ලවය සම්පූර්න කරමින් සෝවියට් සංගමය විසුරුවා හැරියේය. හතරවන ජාත්‍යන්තරය පිහිටුවීමට පදනම් වූ ඓතිහාසික ඉදිරිදර්ශනය ඛේදනීය ලෙස සනාථ විය.
මෙම සිදුවීම් ට්‍රොට්ස්කිවාදයේ අවස්ථාවාදී සංශෝධන ප්‍රතික්ෂේප කලේය. 1953 නොවැම්බරයේදී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පිහිටුවන ලද්දේ, සෝවියට් නිලධරය විප්ලවවාදී බලවේගයක් බවටත්, ඔවුන්ගේ නායකත්වය යටතේ සමාජවාදය ශතවර්ෂ ගනනාවක විකෘති කම්කරු රාජ්‍යයන්ගේ ස්වරූපයෙන් හෝ සාක්ෂාත් කරගනු ඇති බවටත් පැබ්ලෝ සහ මැන්ඩෙල් විසින් කරන ලද ධාරනාවාදී සහ ව්‍යාජ ප්‍රකාශයන්ට එරෙහිව ය.
පැබ්ලෝවාදී දියකරහැරීම්වාදයේ ප්‍රතිගාමී ඌන පූරනයක් වූයේ, ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරවලට ද ජනතාව සමාජවාදය කරා ගෙනයාමට හැකි බව ය. මේ අනුව, කම්කරු පන්තියේ මාක්ස්වාදී-ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් තබා කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ක්‍රියාමාර්ගයක්වත් අවශ්‍ය නොවීය. හතරවැනි ජාත්‍යන්තරයේ සමස්ත ඓතිහාසික ඉදිරිදර්ශනයම කුනු ගොඩට දැමීමට නියමිතව තිබුනි. එක් හෝ තවත් ආකාරයක නිලධරයන් හා සුලු ධනේශ්වර ජාතික ව්‍යාපාර මගින් සමාජවාදය සාක්ෂාත් කර ගත හැකි වූ විට, කම්කරු පන්තිය තුල සමාජවාදී විඥානය වර්ධනය කිරීම සහ කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය පිලිබඳ අර්බුදය විසඳීම සඳහා වූ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයක අවශ්‍යතාවය කුමක්ද?
කීර්ති ඔහුගේ මුලු මහත් වැඩිහිටි ජීවිතයම කැප කලේ පැබ්ලෝවාදීන්ගේ කූට අවස්ථාවාදයට එරෙහි අරගලයට ය. මෙම අරගලයේ උච්චතම අවස්ථාව වූයේ කම්කරු විප්ලවවාදී පක්ෂයේ ජාතික අවස්ථාවාදයට එරෙහි සටනට ඔහුගේ තීරනාත්මක දායකත්වයයි. ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ පැවැත්ම ම තර්ජනයට ලක් වූ 1985-86 අරගලයේ දී කීර්ති ඉටු කල කාර්යභාරය ඓතිහාසික වැදගත්කමක් දරයි.
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පසුගිය වසර 35 තුල දැවැන්ත ප්‍රගතියක් ලබා ඇත. මෙම ප්‍රගතිය පදනම් වී ඇත්තේ, කීර්ති බාලසූරිය එහි ආරක්ෂාව සහ සංවර්ධනය සඳහා මෙතරම් විශාල දායකත්වයක් ලබා දුන්, දේශපාලන ඉදිරිදර්ශනය සහ වැඩපිලිවෙල මත ය.
කීර්ති බාලසූරිය සහෝදරයා පිලිබඳ මතකය දිගුකල් දිනේවා!