05 ඕස්ට්‍රේලියාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම්වරයා ද ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සාමාජිකයෙකු ද වන නික් බීම්ස් 2007 අගෝස්තුවේ දී ඇමරිකා එක්සත් ජනපදයේ ඈන් ආබර්, මිචිගන්හි පැවැත්වුනු එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂ ගිම්හාන පාසලේ දී දේශන දෙකක් පැවැත්වී ය. මෙම දේශන ආර්ථික ප්‍රතිපත්තිය පිලිබඳව සෝවියට් සංගමය තුල 1920 ගනන්වල දී පැන නැගුනු තීරනාත්මක ගැටුම් සමහරක් හා සම්බන්ධ ය. දේශන පැවැත්වීමෙහි ලා පෙලඹවූ එක් කරුනක් වූයේ 2006 දී ප්‍රකාශයට පත් කල ට්‍රොට්ස්කි නමැති සිය කෘතියෙන් බ්‍රිතාන්‍ය ශාස්ත්රඥයෙකු වන ජෙෆ්රි ස්වේන් පෙරට දැමූ විකෘත කිරීම්වලට පිලිතුරු දීමේ අවශ්‍යතාව යි. ඩේවිඩ් නෝර්ත්ගේ ලියොන් ට්‍රොට්ස්කි සහ ඓතිහාසික මුසාකරනය පිලිබඳ පශ්චාත් සෝවියට් ගුරුකුලය යන රචනයෙන් මේ පිලිබඳ තවත් කරුනු දත හැකි ය.
පහත පල වන්නේ “තනි රටක සමාජවාදය” පිලිබඳ ස්ටැලින්වාදී න්‍යාය ගැන පැවැත්වූ දේශනයේ දෙවන සහ අවසාන කොටස යි.
විප්ලවවාදී ආන්ඩුව මුහුන දුන් එක් කේන්ද්‍රීය ගැටලුවක් වූයේ කර්මාන්ත කඩා වැටීම සහ පිරිහීම යි.
නිෂ්පාදනය යලි පන ගන්වනු පිනිස කාර්මික කම්කරු පන්තිය යලි එක්රැස් කිරීමේ කර්තව්‍යය ආරම්භ කිරීම අත්‍යවශ්‍ය විය. සමහර කම්කරුවෝ ගම්බදට පලා ගොස් සිටියහ; සමහරු කලුකඩ වෙලඳාමට සම්බන්ධව සිටියහ; අනෙක් අය කෑම බීම හිඟයෙන් පෙලෙමින් රස්තියාදු ගැසූහ. මෙම තත්ත්වය තුල ය, ට්‍රොට්ස්කි ශ්‍රමය මිලිටරීකරනය කිරීමේ සංකල්පය වර්ධනය කලේ.
බල කිරීමේ විධික්රම යොදා ගනිමින් සියදහස් ගනනක් දෙනා යුද බිමේ දී මියැදෙන්නට යැවීමට විප්ලවයට සිදු විය. වැදගත්කමෙන් ඊට වඩා අඩු නොවන ආර්ථික පෙරමුනේ දී, එවන් විධික්රම පාවිච්චි නො කල යුත්තේ ඇයි? සැබවින් ම, ආර්ථිකය යලි පන ගැන්වීමේ අරගලය නොදිනුවේ නම් යුද පෙරමුනේ දී කල සියලු පරිත්‍යාග නිෂ්ඵල වන්නට ඉඩ තිබින.
1920 ගනන්වල මුල, සිවිල් යුද්ධය නිම වන්නට පටන් ගනිද්දී, ට්‍රොට්ස්කි රට තුල ශ්‍රම අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා මිලිටරි ඒකක යොදා ගැනීම ආරම්භ කලේ ය. ආපසු පැමින රැකියාවල යෙදීමට කර්මාන්ත ශාලා නොමැති තත්ත්වයක් යටතේ, සේනා විසුරුවා හැරීමේ අර්ථයක් තිබේ ද? ව්‍යාකුල ආර්ථිකයක් තුල ඉබේ ම විසිරී යන තෙක් බලා සිටිනවාට වඩා ඔවුන් අත්‍යවශ්‍ය ආර්ථික කටයුත්තක යෙදීම වඩාත් යෝග්‍ය විය.
“මධ්‍යගතව තීරන ගන්නා, එක ම අරමුනක් සහිත සැලසුම්ගත ආර්ථිකයක් ගැන අප බැරෑරුම්ව කතා කරන්නේ නම්, ඒ ඒ සංවර්ධන අවධියෙහි බලපවත්නා ආර්ථික සැලැස්මට අනුව ශ්‍රම බලකායට වගකීම් පැවරෙන විට, වැඩ කරන ජනතාවට රුසියාව පුරා ඉබාගාතේ යා නොහැකි ය. සොල්දාදුවන් සේ සලකා ඔවුන් ඒ ඒ තැන්වලට යොමු කල යුතු ය, පත්වීම් දිය යුතු ය, මෙහෙයවිය යුතු ය.... විනාශයට පත්ව සහ සාගින්නට මුහුන දී සිටින තත්ත්වයක් තුල, එවන් පිලිවෙතකින් තොරව, අපට නව පදනමක් මත කර්මාන්ත ගොඩ නැගීමක් ගැන බැරෑරුම්ව කතා කල ර්ණීදජස්කසිප සබ ධබැ ක්දමබඑරහ” ්බා එයැ ීදඩසැඑ ැජදබදපසජ ාැඉ්එැි දf එයැ 1920ි“ඡ්රඑ 2 ට්‍රොට්ස්කි නොහැකි යැ”යි නව වන සම්මේලනය හමුවේ ඔහු කියා සිටියේ ය. ඤ13% ලෙනින් ඉදිරිපත් කලේ ඊට වඩා අඩු බරපතලකමකින් යුතු පියවර නො වේ. ට්‍රොට්ස්කිගේ යෝජනාවක ඇතුලත් වූ අත්‍යවශ්‍ය ශ්‍රමය සහ විනයානුකූල පියවර ගැනීමේ අවශ්‍යතාවය ගැන සඳහන්වූ පාඨයට ඔහු සහාය දුන්නේ ය: “දෘඪ භාවය, අපගේ ආර්ථික තත්ත්වයේ දුක්ඛිත ස්වභාවයට අනුරූප විය යුතු දෘඪ භාවය.” ඤ14% ඔහු කම්හල් කලමනාකරනය තුල පැවති සාමූහික කලමනාකරන ක්‍රමය “මනෝරාජික,” “අයෝග්‍ය” සහ “අනර්ථකාරී” යැයි හෙලා දුටුවේ ය. ඒ යටතේ වෘත්තීය සමිතිවලට ද කම්හල් කලමනාකරනය තුල නියෝජනයක් හිමි වී තිබින. “සාමූහික පරිපාලනය හැකිතාක් දුරට අඩු කිරීම සහ නිෂ්පාදනයට සෘජුව සම්බන්ධ ඤකර්මාන්ත% අංශ තුල ක්‍රමයෙන් තනි පුද්ගල කලමනාකරනය හඳුන්වා දීම”හරහා මුලු මහත් කාර්මික පරිපාලනය ම යලි ගොඩ නැගීමේ අවශ්‍යතාව පිලිබඳව කම්කරු පන්තියේ පුලුල් ම කොටසකට පැහැදිලි කර දීමේ වගකීම, වෘත්තීය සමිතිවලට පවරන යෝජනාවක් ඔහු සම්මේලනයට ඉදිරිපත් කලේ ය. ඤ15% 1920 මැද දී, පරාජය නොකලේ නම්, බොහෝ දුරට කම්කරු රාජ්‍යය ඇද වැටීමට තුඩු දිය හැකිව තිබූ අර්බුදයකට, ආන්ඩුව මුහුන දුන්නේ ය. තව මාස කිහිපයකින් රුසියාවේ එක ද දුම්රියක් වත් ධාවනය කල නොහැකි වන බවට ඉංජිනේරුවෝ අනාවැකි පල කලෝ ය. දුම්රිය පද්ධතිය ඇනහිටින තත්වයක් කරා වේගයෙන් තල්ලු වෙමින් තිබුනි. දුම්රිය ධාවනය කරවීම ගැන තමන් දන්නා දෙයක් නැතැයි පල කල විරෝධය නො තකා ඊට මැදිහත් වන ලෙස ට්‍රොට්ස්කිට කැඳවුම් ලැබුනේ ය.
අංක 1042 දරන සුප්‍රකට නියෝගයෙන්, දුම්රිය සහ දුම්රිය සේවකයන් මාෂල් නීතියට යටත් කල ට්රොට්ස්ක,ි කාලය ඉකුත්ව යාමට පෙර, දුම්රිය පුනරුත්ථාපනය කොට රැක ගත්තේ ය. මෙම අත්දැකීම හේතු කොටගෙන, වෘත්තීය සමිතිවල “ප්‍රබල ප්රතිසංවිධානයක් කිරීම” සඳහා වූ යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඔහු මෙහෙයවින. 1920 අග දී ඊනියා වෘත්තීය සමිති මතභේදයට මුල පිරුනේ එයිනි.
“ශ්‍රමය මිලිටරීකරනය කිරීම” සඳහා ට්‍රොට්ස්කි ගේ හඬ නැගීම ගැන පසුව මතභේද පැන නැගි නිසා, ඔහුගේ යෝජනා පදනම් වූයේ, යුද කොමියුනිස්ට්වාදී වැඩ පිලිවෙල මත බව පෙන්වා දීම අත්‍යවශ්‍ය ය.
මෙම වැඩ පිලිවෙලේ තර්කය ඔහු පසුව මෙසේ පැහැදිලි කලේ ය: “ආන්ඩුවේ නියෝගයෙන් සියලු ම සම්පත් – අඩු ගනනේ මූලධර්මාත්මක වශයෙන් වත් – ජනසතු කොට බෙදා හැරෙන, යුද කොමියුනිස්ට්වාදී ක්‍රමය තුල, වෘත්තීය සමිතිවලට කිසිදු ස්වාධීන කාර්ය භාරයක් ඇතැයි මම නො දකිමි. කර්මාන්ත රඳා පවතින්නේ රාජ්‍යය, කම්කරුවන්ට අවශ්‍ය සියලු අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම සහතික කිරීම මත නම්, කර්මාන්ත සහ ඒවායේ නිපැයුම් බෙදා හැරීම පිලිබඳ රාජ්‍ය පරිපාලන ක්‍රමය තුලට, වෘත්තීය සමිති ඇතුලත් විය යුතු ය. යුද කොමියුනිස්ට්වාදී ක්‍රමයෙන් අනුකම්පා විරහිතව ගලා ආ, වෘත්තීය සමිති රාජ්‍ය ආයතනවල කොටසක් බවට පත් කිරීමේ වැඩ පිලිවෙලේ සැබෑ සාරය වූයේ මෙය යි, මා එය ආරක්ෂා කලේ එම අර්ථයෙනි.” ඤ16% යුද්ධයෙන්, විප්ලවයෙන්, ප්‍රතිවිප්ලවයෙන්, සිවිල් යුද්ධයෙන් සහ අධිරාජ්‍යවාදී මිලිටරි මැදිහත් වීමෙන් ඇලලී ගිය සත් වසරකට පසුව, රුසියානු ආර්ථිකය අතිශයින් ම අවාසනාවන්ත තත්ත්වයකට පත්ව ඇති බව 1920 අග සිවිල් යුද්ධය අවසන් වීමත් සමග පෙනී ගියේ ය. ජාතික ආදායම 1913 පැවති මට්ටමට වඩා තුනෙන් එකකටත් අඩු විය. කර්මාන්ත, නිෂ්පාදනය කලේ පූර්ව යුද්ධ කාලයේ පැවති නිෂ්පාදනයෙන් පහෙන් එකකටත් වඩා අඩුවෙනි, ගල් අඟුරු ආකරවල දහයෙන් එකකි, යකඩ වාත්තු වැඩ පොලවල හතලිහෙන් එකකි. යුද්ධයට පෙර මිලියන තුනක් වූ කාර්මික ශ්‍රම බලකාය ඉන් අඩකට පහත වැටින; ඔවුන්ගෙන් ද බොහෝ දෙනෙකු ඵලදායී සේවාවක නොයෙදවින. ට්‍රොට්ස්කි දුම්රිය සේවාව තුල ක්‍රියාත්මක කල හදිසි පියවරයන් සාර්ථක වූ මුත්, එය පැවතුනේ මහා අවුලක ය. මොස්කව්වල සිටියේ යුද්ධයට පෙර එහි සිටි ජනගහනයෙන් අඩකි, පෙට්රොග්රෑඩ්වල තුනෙන් එකක් පමනකි. තත්ත්වය කොතරම් මංමුලා සහගත වූයේ ද යත් රටේ සමහර ප්‍රදේශවල මනුෂ්‍ය මාංශ භක්ෂනය, දර්ශන පථයට පැමිනියේය.
සිවිල් යුද්ධය අවසානයෙහි ගොවි කැරලි මාලාවකට මග පෑදුනේ, මෙම ආර්ථික කොන්දේසිවලිනි.ලෙනින් කොමියුනිස්ට් පක්ෂයේ 10 වන සම්මේලනය අතරතුර, 1921 පෙබරවාරියෙහි පැන නැගි ක්රොන්ස්ට්රැඩ් කැරැ ල්ලෙන් එය කූට ප්‍රාප්ත විය.
ධාන්‍ය බලෙන් ලබා ගැනීම වෙනුවට බදු ක්‍රමයක් වැනි යමක් ආදේශ කල යුතු බවට වසරකට පෙර ට්‍රොට්ස්කි ඉදිරිපත් කල යෝජනාව දැන් නව ආර්ථික ප්‍රතිපත්තිය නමින් පෙරට දැමින. මුල දී ගත් පියවර සීමිත විය ... හුවමාරුව භාන්ඩ හුවමාරු ක්‍රමයක් මත සිදු විය යුතු යැයි ලෙනින් පවා කල්පනා කලේ ය.
එහෙත් වෙලඳාම ස්ථාපනය කෙරුනු විට, එය එහි ම අනුකම්පා විරහිත තර්කනයට අනුව, වේගයෙන් වර්ධනය විය. පසුබැසීම අවශ්‍ය තරමට සිදු වී නැති බවත්, තව දුර පසුබැසීමක් අවශ්‍ය බවත් 1921 ඔක්තෝබරයේ දී ලෙනින් ප්‍රකාශ කලේ ය. මුදල් ක්‍රමය යලි ගෙන ආ යුතු විය. “වෙලඳ භාන්ඩ හුවමාරුවෙන් ඤඒ හා සමාන වූ ක්‍රම වලින්% ලද දෙයක් නැත; පෞද්ගලික වෙලඳ පොල ඉතා බලවත් බව අපට ඔප්පු විය; වෙලඳ භාන්ඩ හුවමාරුව වෙනුවට අපි, මිල දී ගැනීම සහ විකිනීම හෙවත් වෙලඳාම හිමිකර ගත්තෙමු.” ඤ17% නව ආර්ථික ප්‍රතිපත්තියට මාරු වීමට තත්ත්වය සැකසුනේ රුසියාවෙහි පැවති කොන්දේසිවලින් සහ ජාත්‍යන්තර තත්ත්වයෙහි සිදු වූ වෙනස් වීමකිනි. 1921 ඇරඹෙද්දී පශ්චාත් යුද්ධ වසරවල පැවති විප්ලවවාදී අර්බුදයක, ආසන්න තත්ත්වය පහව ගොස් තිබුනු බව පැහැදිලි විය – සමාජ ප්රජාතන්ත්රවාදයේ පාවා දීම්වලින් ධනේශ්වරය සෑදලය මත සිටීම සහතික වී තිබින. තුන් වන සම්මේලනයේ දී ජර්මානු සහ රුසියානු පක්ෂවල සිටි “වම්මුන්ට” එරෙහිව ට්‍රොට්ස්කි පෙන්වා දුන් පරිදි, පූර්ව යුද්ධ කාල පරිච්ඡේදයේ දී පැවතුනා වැනි නව සමතුලිතතාවක් ස්ථාපනය කර ගැනීමට ධනේශ්වරයට හැකි වූයේ නැත, එයට යම් ස්ථාවරත්වයක් අත්පත් කර ගත හැකි විය. අඛන්ඩ ආක්රමනය පිලිබඳ “වාම” න්‍යායට එරෙහිව යමින්, වඩා දිග් ගැසුනු වර්ධනයක් අත් කර ගැනීම සඳහා සූදානම් වීම අත්‍යවශ්‍ය විය. එහි දී පක්ෂයේ කර්තව්‍යය වූයේ බලය සඳහා ක්ෂනික අරගලය නො වේ; සමාජ ප්රජාතන්ත්රවාදයෙන් බැහැර වන මහජනතාව පක්ෂය වෙතටත් පක්ෂ සාමජිකත්වය තුලටත් දිනා ගැනීමේ උපායන් වර්ධනය කිරීම යි. මේ අනුව ගත් විට, රුසියාව තුල ක්‍රියාවට නැංවුනු නව ආර්ථික ප්‍රතිපත්තිය උපාමාරුවක් විය, මෙම නව තත්ත්වයට අනුගත වීමක් විය.
නව ආර්ථික ප්‍රතිපත්තියට මාරු වීම විරුද්ධත්වයකින් තොරව පිලිගැනුන ද, ඒ පිලිබඳ මතභේදාත්මක ආකල්ප ආරම්භයේ දී ම වාගේ මතු වීමට නියමිත විය. නව ආර්ථික ප්‍රතිපත්තිය පසුබැසීමක් ලෙස – අවශ්‍යතාවක් වූ නමුත් පසුබැසීමක් ලෙස – දුටු අය වූහ. ට්‍රොට්ස්කි ද ඇතුලත් වූ මෙම බලවේගවලට, නව ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දීම සහ වෙලඳ පොල වෙතට හැරීම, යුද කොමියුනිස්ට්වාදී කාල පරිච්ඡේදයේ දී මතු වූ සැලසුම්කරන ගැටලුවලින් ඉවතට හැරීමක් නො වී ය.
නව ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවා යන්තම් මාස දෙකකට පසුව එනම් 1921 මැයි තරම් මුල දී ම, සමබර ආර්ථිකයක් යලි ගොඩ නැගීමේ වැදගත්කම ගැන ට්‍රොට්ස්කි ලෙනින්ට ලියුවේ ය.
“අවාසනාවන්ත ලෙස, අපගේ කාර්යයන් සැලසුමකින් තොරව සහ සැලසුමක අවශ්‍යතාව පිලිබඳ කිසි ම වැටහීමකින් තොරව අඛන්ඩව ඉදිරියට යයි.
රාජ්‍ය සැලසුම්කරන කොමිසමෙන් නියෝජනය වන්නේ ආසන්න අනාගතය සඳහා ප්‍රායෝගික සහ ව්‍යාපාරික ආකාරයේ ආර්ථික සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව සැලසුම් සහගතව නිෂේධනය කිරීමකට ආසන්න වූ යම් දෙයකි.” ඤ18% දේශපාලන මන්ඩලය කිසිදු ප්‍රතිචාරයක් නො දැක්වී ය. එහෙත් ලෙනින් එහි දී ට්‍රොට්ස්කිගේ සංකල්පයට විරුද්ධත්වය පෑවේ ය. ඔහු එවැනි දීර්ඝ කාලීන සැලසුම්වලට විරුද්ධ වූවා නො වේ; එහෙත් එය, වුවමනාවට වඩා ඉක්මන් වීමක් යැයි ද, එම නිසා තැතින් තැන විසිරී පිහිටි ගොවි පොලවල් මිලියන විස්සකින් ද, බිඳී විසිරී ගිය කර්මාන්තවලින් සහ පෞද්ගලික වෙලඳාමේ ප්‍රාථමික රූපාකාරයන්ගෙන් ද සමන්විත රටක් තුල, අත් කර ගත නොහෙන කිසි යම් ආකාරයක “නිලධාරිවාදී මනෝරාජ්‍යයක්” යැයි ද ඔහු සැලකී ය.
ඒ අතර තවත් ප්රවනතාවක් වේගයෙන් මතුපිටට ආවේ ය. සමස්ත යුද කොමියුනිස්ට්වාදී ප්‍රතිපත්තිය ම වැරදි බව ද ඒ නිසා නව ආර්ථික ප්‍රතිපත්තිය පසුබෑමක් ලෙස ගුනාංගීකරනය කිරීම යම් තරමක නොමග යාමක් යැයි ද එය අවධාරනයෙන් කියා සිටියේ ය. තෝරා ගැනීමට තිබුනු ප්‍රතිපත්තිය එය වූ නමුත් එය සිවිල් යුද්ධය උදෙසා වූ ප්‍රතිපත්තියක් විය.සොකොල්නිකොව්යුද කොමියුනිස්ට්වාදයෙන් ලද අත්දැකීම්වල ප්‍රතිඵලයක් ලෙස, සැලසුම්කරනයට එරෙහිව නොව, ආන්ඩුවේ මැදිහත් වීමේ පියවරයන්ට සහ ගොවි ජනතාවට හානිකර අයුරින් බලපෑ හැකිවේ යැයි දක්නා ලද ප්‍රතිපත්තිවලට එරෙහිව තදබල මහජන විරෝධයක් පැවතින. සිම්කාව පවත්වා ගෙන යාම සඳහා කල හැකි හැම දෙය ම කල යුතු විය. කම්කරු පන්තිය සහ ගොවි ජනතාව අතර ඇති කර ගත් බැඳීමක් නොහොත් සන්ධානයක් වූ සිම්කාව නොමැති වූයේ නම් කම්කරු රාජ්‍යය බරපතල අනතුරක වැටෙන්නට ඉඩ තිබින.
යුද කොමියුනිස්ට්වාදය අසාර්ථක වීමෙන් වෙලඳ පොල විධික්රම වර්ධනය කිරීම අවශ්‍ය බව පෙන්වා දී ඇතැයි අවධාරනය කල මෙම ප්රවනතා, මුදල් කොමිසමේ ප්‍රධානියා වූ සොකොල්නිකොව් සහ ආර්ථික මන්ඩලයේ සභාපතිවරයා වූ රයිකොව් තමන්ගේ ප්‍රකාශකයන් බවට පත් කර ගත්තේ ය.
තත්ත්වය තුල පැවති සංකීර්නතාවන්ගෙන් අදහස් වූයේ, පහසු සහ ඒකාන්ත විසඳුම් නොමැති බව ය යන්න මේ ගැටලු සාකච්ඡා කිරීම ආරම්භයේ දී ම අවධාරනය කිරීම අත්‍යවශ්‍ය ය. විප්ලවවාදී ආන්ඩුව වෙලා ගෙන පැවති ගනන් නැති ගැටලුවලට විසඳුම් සොයා ගත හැකිව තිබුනේ, යෝග්‍ය සටන් පාඨ යොදා ගැනීමෙන් නොව, තත්ත්වය පිලිබඳ ගැඹුරට යන විශ්ලේෂනයකින් පමනකි.
(“තනි රටක සමාජවාදය” පිලිබඳ ගැටලුව සාකච්ඡා කිරීමට එලඹෙන විට ද, 1925 දී සිනොවියෙව් සහ කමනෙව් එම ගැටලුව පිලිබඳව ස්ටැලින් සමග ගැටුමට එලඹි කල ද, ට්‍රොට්ස්කි වහා ම ඔවුන් හා සන්ධානගත නොවූයේ ඇයි දැයි සොයා ගැනීමට උත්සාහ කරන විට ද, මේ කරුන සිත තබා ගත යුතු ය.) ධාන්‍ය සැපයීමේ ප්රශ්නය ගැන මොහොතකට සලකා බලන්න. කර්මාන්ත ප්රසාරනය කිරීම සඳහා නගරයට සැපයෙන ධාන්‍ය ප්‍රමානය වැඩි කිරීම අත්‍යවශ්‍ය විය. එහෙත් ධාන්‍ය සැපයුමේ වැඩි වීමක් සිදු විය හැක්කේ, වඩා විශාල සහ වඩා කාර්යක්ෂම ගොවි පොලවල් වර්ධනය කිරීමෙනි. මෙම ගොවි පොලවල් තව තවත් ඉඩම් ද වඩා විශාල උපකරන ද අත්පත් කර ගනු ඇත, තව තවත් ශ්‍රමය කුලියට ගනු ඇත. නව ආර්ථික ප්‍රතිපත්තියේ උපාය මාර්ගවලිනුත්, එය වෙලඳ පොල මත විශ්වාසය තැබීමෙනුත් දිරි ගැන්වුනේ එවැනි ක්‍රියා දාමයකි. එහෙත් එසේ කිරීමේ දී විය යුතු පරිදි ම ගම්බද ප්‍රදේශවල පන්ති විභේදනයක් පැන නැගීමට මග පෑදී ය. නගර තුල පැවති කර්මාන්තවල වර්ධනයට අතිශයින් ම අවශ්‍ය කල ධාන්‍ය සැපයුම වැඩි කර ගැනීම සඳහා වූ වෙලඳ පොල මෙහෙයුමෙන්, වඩා පොහොසත් ගොවීන්ගේ – කුලැක්වරුන්ගේ – මතු වී ඒම සහ කම්කරු රාජ්‍යයට එරෙහි දේශපාලන විරුද්ධත්වයේ අනතුර මතු වී ඒම ද සිදු වන්නට ඇත.
පක්ෂය තුල සිටි සියලු ම ප්රවනතා – අඩු ගනනේ මූලධර්මාත්මක වශයෙන් වත් – කාර්මීකරනය අවශ්‍ය ය යන්න ගැන එකඟ විය. එහෙත් ගැටලුව වූයේ එය පටන් ගන්නේ කෙසේ ද යන්න යි. දක්ෂිනාංශිකයන්ගේ ආර්ථික තර්කනය වූයේ එය ගොවීන්ගේ ඉල්ලුම වර්ධනය වීමෙන් පැන නැගිය යුතු බව ය; එයින් කර්මාන්තවල ප්රසාරනයට අවශ්‍ය මුදල් සැපයෙනු ඇති බැවිනි. ඊලඟට, ගොවි නිෂ්පාදනය උනන්දු කරවීම සඳහාත්, සියල්ලට මත් වඩා වැදගත් කරුන වන ඒවා වෙලඳ පොලට අලෙවි කිරීම සඳහාත්, ස්ථාවර මුදල් ඒකකයක් පැවතිය යුතු ය යන කරුන ඉස්මත්තට ආවේ ය. උද්ධමනයෙන් ව්‍යවහාර මුදලේ වටිනාකම අතු ගෑවී ගියේ නම්, ගොවීන් අතිරික්තය සැඟවීමට නැඹුරු වනු ඇත; නැත් නම් මත්පැන් නිපදවීම, වෙනත් ගොවීන්ට නය සැපයීම හෝ සත්වාහාර වශයෙන් එය යොදා ගැනීමට නැඹුරු වනු ඇත. එහෙත් ස්ථාවර ව්‍යවහාර මුදලක් යන්නෙන් අදහස් වූයේ, ලාභදායී නොවූ කර්මාන්ත අංශවලට ලබා දුන් රාජ්‍ය සහනාධාර සහ නය නවතා දැමීමට සිදු වන බව යි. මන්ද, උද්ධමනයට ද ව්‍යවහාර මුදලේ වටිනාකම අතු ගෑවී යාමට ද බලපෑ ප්‍රධාන හේතු වූයේ ඒවා බැවිනි. ව්‍යවහාර මුදල ස්ථාවර කිරීම සඳහා දැඩි නය ක්‍රමයක් අවශ්‍ය බවට සොකොල්නිකොව් තර්ක කලේ ය. කර්මාන්තවලට තමන්ගේ ම ක්‍රමවලින් ගෙවීම් කිරීමට සැලැස්විය යුතු විය.
රයිකොව්රාජ්ය නය සැපයීමෙන් සැලසුම් සහගත කර්මාන්ත වර්ධනයක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව අවධාරනය කල ට්‍රොට්ස්කිගේ අදහස් සමග – මේ අදහස දැරූ තවත් අය අතර ප්රියෝබ්රෙෂෙන්ස්කි ද සිටියේ ය – මේ ආස්ථාන ගැටුනේ ය.
දක්ෂිනාංශිකයන්ගේ වෙලඳ පොල හිතවාදී න්‍යාය පත්‍රය, 1922 වසර පුරා අඛන්ඩව වර්ධනය විය. එය කූට ප්‍රාප්තියට පත් වූයේ විදේශ වෙලඳාමේ ඒකාධිකාරය අහෝසි කල යුතු බවට ඉදිරිපත් වූ යෝජනාවෙනි.
ව්‍යවහාර මුදල ස්ථාවර කිරීම සඳහා සතුටුදායක වෙලඳ ශේෂයක් අවශ්‍ය විය; ඉන් ඇති වන මිල වාසි නිසා පාරිභෝගික භාන්ඩ ආනයනය ශක්තිමත් වන්නේ නම් ඊට එකඟ විය යුතු විය. මධ්‍යම කාරක සභාවේ දී, බුඛාරින්ගේ සහ ස්ටැලින්ගේ සහාය ලබා ගත් සොකොල්නිකොව්, එම යෝජනාවක ඇතුලත් වූ විදේශ වෙලඳ ඒකාධිකාරයට එරෙහි පාඨය ඩැහැගෙන තිබුනේ ය.
ලෙනින් සහ ට්‍රොට්ස්කි යන දෙදෙනා ම තවමත් පැමින නොපැවති තත්ත්වයක් තුල ගන්නා ලද මධ්‍යම කාරක සභා තීන්දුව, විදේශ වෙලඳාමට පෞද්ගලික ව්‍යාපාර ඇතුලත් කර ගැනීම තරම් දුර නොගියේ ය.
එහෙත් එය සෝවියට් වෙලඳ නියෝජ්‍යායතන මත පැවති මධ්‍යගත පාලනය ලිහිල් කොට, ට්‍රොට්ස්කි “සමාජවාදී ආරක්ෂනවාදය” යැයි හැඳින්වූ ප්‍රතිපත්තිය අත හැර දැමීමට මග විවර කලේ ය.
සැලැස්ම ගැන අසා ඊට විරුද්ධත්වය පෑ ලෙනින් විදේශ වෙලඳ ඒකාධිකාරය ආරක්ෂා කිරීම සහ ශක්තිමත් කිරීම පිලිබඳ සිය පොදු මතය ආරක්ෂා කරන ලෙස ට්‍රොට්ස්කිගෙන් ඉල්ලා සිටියේ ය. ට්‍රොට්ස්කි ලෙනින් හා එකඟ විය; එහෙත් විදේශ වෙලඳ ඒකාධිකාරයට එරෙහි ව්‍යාපාරය වෙලඳ පොල බලවේගවලට යටත් වීමේ ප්රවනතාවේ ප්රතිවිපාකයක් බව පෙන්වා දුන්නේ ය. ගොස්ප්ලෑනයේ මග පෙන්වීම යටතේ සැලසුම්කරනය ආරම්භ කිරීමට සිදු වූයේ වෙලඳ පොලෙන් එල්ල වන පීඩනයට එරෙහි වනු පිනිස ම ය. තමන්ට මධ්‍යම කාරක සභා තීන්දුව ආපසු හැරවිය නොහැකි වුව හොත් ප්‍රසිද්ධියේ ඊට විරුද්ධ වීමට ලෙනින් සහ ට්‍රොට්ස්කි එකඟ වූහ.
එහෙත් එම එකඟතාව අවශ්‍ය නො වී ය; දෙසැම්බරයේ දෙවන භාගයේ දී තීන්දුව සමාලෝචනය සඳහා ඉදිරිපත් වූ විට ට්‍රොට්ස්කි එය ආපසු හැරවීමට සමත් වූයේ ය.
වෙලඳ ඒකාධිකාරයට එරෙහි ව්‍යාපාරය සහ ආන්ඩුවේ ප්‍රතිපත්තිවලට අදාලව එයින් ඇඟවුනු දේ ලෙනින්ගේ දෘෂ්ටිකෝනය කෙරෙහි විශාල බලපෑමක් ඇති කල බවක් පෙනී ගියේ ය. සැලසුම්කරනය සහ ගොස්ප්ලෑනය පිලිබඳ ප්‍රශ්නයෙහි සැලකිය යුතු වෙනසක් ඇති කල යුතු යැයි යෝජනා කරමින් 1922 දෙසැම්බර් 27 වන දා ඔහු දේශපාලන මන්ඩලයට ලිපියක් ලියුවේ ය.
යුද කොමියුනිස්ට්වාදයේ අවසාන දවස්වල පිහිටුවන ලද ගොස්ප්ලෑනය නව ආර්ථික ප්‍රතිපත්තියේ ආරම්භය සහ ව්‍යාප්තිය අතරතුර දී බොහෝ දුරට පසෙකට දමා තිබින. එහි වගකීම් පුලුල් පරිමානයේ ආර්ථික සැලසුම්කරනය තෙක් පැතිර නොගිය අතර නොයෙක් කර්මාන්තවලට පරිපාලන කටයුතු පිලිබඳව උපදෙස් දීමට සීමා වී තිබින.
දේශපාලන මන්ඩලයට ලියූ ලෙනින්ගේ ලිපියෙන් නිශ්චිත වෙනසක් ඇති කල යුතු බවට යෝජනා ගමක ගොවියන් අමතන කොමියුනිස්ට් පක්ෂයේ කථකයෙක්කෙරින; පක්ෂ නායකත්වය තුල සිටි ගොස්ප්ලෑනයේ කාර්ය භාරය පුලුල් කල යුතු බවට ට්‍රොට්ස්කි ඉදිරිපත් කල අදහසට විරුද්ධත්වය පෑ අයට දුන් සහාය ඉවත් කර ගැනීමේ සංඥාව නිකුත් විය.
29. ඔහු මෙසේ ලිවී ය: “පෙනී යන පරිදි ට්‍රොට්ස්කි සහෝදරයා බොහෝ කලකට පෙර (ගොස්ප්ලෑනයේ පරමාධිකාරය පිලිබඳ) මෙම අදහස ඉදිරිපත් කලේ ය, මම විරුද්ධ වූයෙමි ... නමුත් සාවධානව යලි සලකා බැලු විට ඒ තුල අත්‍යවශ්‍ය සහ නිවැරදි අදහසක් ගැබ් වන බව සොයා ගතිමි: එනම්, ඤආර්ථික% කාරනා පිලිබඳ නිවැරදි විනිශ්චයක් ඇති කර ගැනීමට අවශ්‍ය කරන හොඳ ම දත්ත සතු කර ගෙන සිටිය ද ... ගොස්ප්ලෑනය පවතින්නේ අපගේ ව්‍යවස්ථාදායක ආයතනවලින් තරමක් වෙන්ව ය යන්න යි. ... යමෙකුට මේ තුලින් ට්‍රොට්ස්කි සහෝදරයා වෙත යම් තරමකට සමීප විය හැකි යැයි ද යමෙකු මේ තුලින් ට්‍රොට්ස්කි සහෝදරයා වෙත යම් තරමකට සමීප විය යුතු යැයි ද මම සිතමි.” ඤ19% 30. 1923 වසර ඇරඹෙද්දී නව ආර්ථික ප්‍රතිපත්තිය තුල ගැබ්ව පැවති අර්බුදයක පලමු සංඥා පැහැදිලිව දිස් වන්නට විය. 1922 අස්වනු සතුටුදායක වුව ද සමස්ත ආර්ථිකය තුල ගැටලු වර්ධනය වෙමින් තිබින.
අසමතුලිතතාවේ ඉතා ම පැහැදිලි නිමිත්ත වූයේ කෘෂිකාර්මික සහ කාර්මික මිල වක්‍ර එන්න එන්න ම එකිනෙකින් දුරස් වීම යි. යම් ආර්ථික දියුනුවක් කරා ලඟා වී තිබුනු නගරවල දී නව ආර්ථික ප්‍රතිපත්තිය කර්මාන්තවල වර්ධනයට සහාය දුන්නේ නැත. එය නැඹුරු වූයේ ප්‍රාථමික සහ පසුගාමී ප්‍රාදේශීය කර්මාන්ත දිරි ගන්වන්නට ය. බැර කර්මාන්ත කිසිදු සැලකිය යුතු වැඩි දියුනුවක් වාර්තා කර තිබුනේ නැත.
31. ඉතිහාසඥ ඊ.එච්. කාර්ගේ විස්තර කිරීමට අනුව, වෙලඳාම සහ බෙදා හැරීම තුල පැවතියේ “කිසිදු අඩුවක් නැති නොසන්සුන්” තත්ත්වයකි. “ පටන් ගැන්මේ දී ම, යුද කොමියුනිස්ට්වාදයේ සෙවනැල්ල යටතේ නීති විරෝධී පැවතුම්වලින් යම් අතිරේක ආදායමක් උපයා ගෙන සිටි පෞද්ගලික වෙලඳුන් රැසක් එලිමහනට ගෙන ආ නව ආර්ථික ප්‍රතිපත්තිය තවත් බොහෝ අය එසේ එලිමහනට පැමිනීමට උනන්දු කලේ ය. ඒ නිසා දැන් සිල්ලර වෙලඳාමෙන් අතිමහත් වැඩි කොටස පාලනය කලේ පෞද්ගලික වෙලඳුන් ය – ලොකු සහ කුඩා නව ආර්ථික මිනිසුන් ය. නිදහස් තරගයේ කොන්දේසි යටතේ, ඔවුන්ගේ ශක්තිය සහ උපායශීලිත්වය හේතු කොට ගෙන ඤවෙලඳ% ක්ෂේත්රයේ විශාල කොටසකින් රාජ්‍ය වෙලඳ ආයතන සහ සමුපකාර පලවා හැරුනේ ය.
1924 මුල දී සකසන ලද සංඛ්‍යා ලේඛනවලින් පෙන්නුම් කෙරුනේ සිල්ලර වෙලඳාමෙන් සියයට 83.4ක් පෞද්ගලික වෙලඳුන් අත පැවති බව යි, සමුපකාරවලට ඉතිරි වී තිබුනේ සියයට 10කි, රාජ්‍ය අංශවලට සහ ආයතනවලට උරුම වූයේ සියයට 6.6ක් පමනකි.” ඤ20% 32. ස්ථාවර සැලසුම්කරනයට සහ කර්මාන්ත සංවර්ධනයට පක්ෂපාතීව ට්‍රොට්ස්කි පල කල අදහස් ලෙනින්ගේ සහාය දිනා ගත්ත ද ඔහුගේ යෝජනාවලට දේශපාලන මන්ඩලය ඇතුලතින් තියුනු විරුද්ධත්වයක් මතු විය. ඔහුගේ හුදෙකලා විරුද්ධත්වය නො සලකා හැරි එය ගොස්ප්ලෑනයේ බලය වැඩි කිරීම සම්බන්ධයෙන් ලෙනින් ඉදිරිපත් කල ලිපිය ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කලේ ය. කෙසේ වුව ද මෙම අවධියේ දී දේශපාලන මන්ඩලයේ බහුතරයට, ට්‍රොට්ස්කිට එරෙහිව විවෘතව එලිපිටට පැමිනිය නොහැකි වූයෙන් කොමියුනිස්ට් පක්ෂයේ එලඹෙන 12 වන සම්මේලනයේ දී ඔහු කර්මාන්ත පිලිබඳ වාර්තාව ඉදිරිපත් කල යුතු බවට ඔවුහු එකඟ වූහ.
33. සම්මේලනය සඳහා ඔහු සූදානම් කල කර්මාන්ත පිලිබඳ නිබන්ධවලින් කම්කරු රාජ්‍යය සඳහා අචල පදනමක් නිර්මානය කිරීමේ දී කාර්මීකරනයට හිමි වන දේශපාලනික වැදගත්කම අවධාරනය විය. අවශ්‍ය තැන දී වෙලඳ පොල පාලනය කරන අතර ම යුද කොමියුනිස්ට්වාදයේ අනතුරු වැලැක්වෙන බව සහතික වන යහපත් සබඳතාවක් වෙලඳ පොල සහ සැලසුම්කරනය අතර පැවතිය යුතු විය. සමස්ත රාජ්‍ය ක්‍රියාකාරිත්වයේ ම “මූලික අවධානය සැලසුම්ගතව රාජ්‍ය කර්මාන්ත සංවර්ධනය කිරීම කෙරෙහි යොමු කල” යුතු විය. ට්‍රොට්ස්කි සිය වාර්තාවේ දී “වඩා සංගතික, වඩා කේන්ද්‍රගත ආර්ථික ප්‍රහාරයක්” සඳහා කැඳවුම් කලේ ය.
34. සැලසුම්කරනයේ කාර්යය වන්නේ සදහට ම නො ව දිගු කාලයක් උදෙසා ස්ථාපනය කර තිබූ නව ආර්ථික ප්‍රතිපත්තිය අවසානයේ දී පරාජයට පත් කිරීම බව ඔහු අවධාරනය කලේ ය.
“අවසන් විග්රහයේ දී අපි මුලු මහත් වෙලඳ පොලට ම සැලසුම්කරන මූලධර්මය පතුරන්නෙමු, එලෙස එය ගිල දමන්නෙමු, එය තුරන් කරන්නෙමු. වෙනත් වචනවලින් කිව හොත්, නව ආර්ථික ප්‍රතිපත්තිය පදනම් කර ගනිමින් අප ලද සාර්ථක වීම් ඉබේ ම දිය වී යාමක් කරා ගමන් කරයි, ඒ වෙනුවට වඩා නව්‍ය වූ ආර්ථික ප්‍රතිපත්තියක් ආදේශ වෙයි, එය සමාජවාදී ප්රතිපත්තියකි.” ඤ22% 35. 12 වන සම්මේලනයේ යෝජනාව ට්‍රොට්ස්කි ලද න්‍යායික ජයග්රහනයක් විය. එහෙත් ගොස්ප්ලෑනය වැඩිපුර සම්බන්ධ කර ගැනීම ද ඇතුලත් ඔහු ඉදිරිපත් කල ක්‍රියා මාර්ගය සමස්තයක් ලෙස ම අවලංගු කාසියක් බවට පත් විය.
36. කතුරු අර්බුදය පිලිබඳ සංසිද්ධිය – කෘෂිකාර්මික සහ කාර්මික මිල වක්‍ර අතර ඇති වූ දුරස් වීම – සැලකිය යුතු අවධානයක් ඇද ගත්තේ ය. 1923 මාර්තුවේ දී කාර්මික මිල ගනන් 1913 දී පැවති මට්ටමෙන් සියයට 140කට ඉහල නැගුනු නමුත් කෘෂිකාර්මික මිල ගනන් සියයට 80ක් වූ පහල මට්ටමක පැවති බවත් ... දුරස්වීම පුලුල් වෙමින් පැවති බවත් ට්‍රොට්ස්කි සටහන් කලේ ය.
37. එහෙත් මෙම අර්බුදය ජය ගැනීම සඳහා යොදා ගත යුතු ප්‍රතිපත්ති පිලිබඳව උකහා ගැනෙමින් පැවතුනේ එකිනෙකට බෙහෙවින් වෙනස් වූ නිගමනයන් ය.
38. කාර්මීකරනයට පක්ෂව අදහස් ඉදිරිපත් කල අය – විශේෂයෙන් ම ප්රියෝබ්රෙෂෙන්ස්කි – අර්බුදය පිලිබඳව විස්තීර්න විශ්ලේෂනයක් කිරීම ආරම්භ කලහ.
මෙය විප්ලවයෙන් බිහි වූ ගොවි කෘෂිකර්මය මුහුන දෙමින් සිටි තත්ත්වය තුල සිදු වෙමින් පැවති දැවැන්ත වෙනස්කම් සමග සමීපව සම්බන්ධ විය. විප්ලවයට පෙර, ප්‍රතිලාභයක් නොමැතිව සහ ගෙවීම් වශයෙන් සාර්වාදී පාලනයට සහ රදල පෙලැන්තියට සැලකිය යුතු ධාන්‍ය ප්‍රමානයක් සැපයීමට ගොවීන්ට බල කෙරින. දැන් විකුනා දැමීම සඳහා ගොවීන් සතුව වඩා විශාල අතිරික්තයක් පවතින්නේ ය. කර්මාන්තවල නිමැවුම මෙම අතිරේක ඉල්ලුම සපුරා ලීමට ප්‍රමානවත් නොවන තාක් දුරට මිල ගනන් ඉහල යාමට නැඹුරු වනු ඇත. එම නිසා කතුරු තල පියවීම සඳහා කර්මාන්ත සංවර්ධනය කිරීම ද ගොවීන්ට මිල දී ගැනීමට අවශ්‍ය කරන කාර්මික භාන්ඩවල සැපයුම වැඩි කරනු පිනිස ඒවායේ කාර්යක්ෂමතාව වැඩි කිරීම ද කල යුතු විය.
වෙලඳ පොල යන්ත්රනයන් තුලින් සහ යුද කොමියුනිස්ට්වාදයට පදනම බවට පත් වූ බලාත්කාරී විධික්රම මත පදනම් නො වී නගරයට භාන්ඩ ගලා යාම පවත්වා ගෙන යා හැකි වූයේ මෙම ක්‍රමයෙන් පමනකි.
39. කෙසේ වෙතත්, අර්බුදය වඩාත් දරුනු වත් ම වෙලඳ පොල ආරක්ෂා කිරීමේ දක්ෂිනාංශික ව්‍යාපාරය වඩාත් බලගතු තත්ත්වයකට පත් විය. මිල පහත හෙලිය හැකි වන්නේ රාජ්‍ය කර්මාන්තවලට නය සැපයීම සීමා කිරීමෙන් යැයි එය තර්ක කලේ ය. එවිට තොග අලෙවි කොට මිල පහත හෙලීමට ද මුදල් සංසරනය වැඩි කිරීමට ද ඒවාට බල කෙරෙනු ඇත.
40. කාර්මික සහ කෘෂිකාර්මික මිල ගනන්වල වෙනස සතියෙන් සතිය පුලුල් වෙද්දී තත්ත්වය වේගයෙන් වඩාත් නරක් අතට හැරී ගිම්හානයේ දී උග්‍ර අවස්ථාවකට ලඟා විය. ඔක්තෝබර් වන විට කාර්මික භාන්ඩවල සිල්ලර මිල ගනන් යුද්ධයට පෙර පැවති මට්ටමෙන් සියයට 187 කට ඉහල නැගුනු අතර කෘෂිකාර්මික මිල ගනන් සියයට 58 ක මට්ටමේ පැවතින. කෙසේ වුව ද, ගැටලුව වූයේ නිෂ්පාදනය අඩු වීම නො වේ. අස්වැන්න යහපත් විය; පාරිභෝගික භාන්ඩ නිපදවෙමින් පැවතින. එහෙත්, ගමෙන් නගරයට ද නගරයෙන් ගමට ද භාන්ඩ ගලා යාම සුරක්ෂිත කල වෙලඳ කොන්දේසි ස්ථාපනය කරන යන්ත්රනය බිඳ වැටී තිබින.
41. ඊ.එච්. කාර් සටහන් කරන පරිදි: “නව ආර්ථික ප්‍රතිපත්තියෙන් නිර්මානය වූයේ කම්කරු පන්තිය සහ ගොවි ජනතාව අතර ඇති වන බවට බෙහෙවින් වගවර්නනා කල ‘සම්බන්ධය’ හෝ ‘සන්ධානය’ නො වේ; තරගකාරී වෙලඳ පොල කොන්දේසි යටතේ සෝවියට් ආර්ථිකයේ මෙම ප්‍රධාන කොටස් දෙක එකිනෙකාට එරෙහිව අරගලයට පිවිසුනු, සටන පලමුව එක් පැත්තකටත් අනතුරුව තවත් පැත්තකටත් තියුනු ලෙස පැද්දී ගිය ... සංග්රාම භූමියකි.” ඤ23% 42. බහුතරයේ ආස්ථානය වූයේ ගොවි ජනතාව මතට එල්ල වී තිබූ පීඩනය ඉවත් කිරීම සඳහා හැකි සෑම දෙයක් ම කල යුතු ය යන්න සහ මිල ගනන් අඩු කිරීම සඳහා එම පීඩනය කර්මාන්ත මතට යෙදිය යුතු ය යන්න යි. අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල දී කම්කරු වැඩ වර්ජන සිදු විය; මිල ගනන් පහත හෙලීමට බල කරනු වස් කර්මාන්තවලට දුන් නය කපා හැරින.
43. 1923 ඔක්තෝබර් 8 වන දා, වර්ධනය වන ආර්ථික සහ දේශපාලන අර්බුදය ගැන ලියූ ලිපියකින් ට්‍රොට්ස්කි මධ්‍යම කාරක සභාවේ බහුතරයට එරෙහි අරගලයකට මුල පිරුවේ ය. ලෙනින් දැඩි ලෙස රෝගාතුරව සිටි තත්ත්වයක් තුල දී පක්ෂ නායකත්වය වෙත එල්ල කරන ලද අභියෝගයක් ලෙස සිය ක්‍රියාවන් අර්ථනිරූපනය කෙරෙන්නට ඉඩ තිබෙන බව ගැන බරපතල ලෙස දැනුවත්ව සිටි ඔහු සිය අදහස් සන්නිවේදනය කෙරෙන්නේ “ඉතා සීමිත සහෝදරවරුන් පිරිසකට” පමනක් බව පැහැදිලි කලේ ය.
44. පක්ෂය තුල කුඩා කන්ඩායම් යලි ඉස්මතු වීම හේතු දෙකක ප්‍රතිඵලයක් යැයි ඔහු ප්‍රකාශ කලේ ය: එකක් නම්, පක්ෂය තුල පැවති සදොස් සහ අයහපත් තන්ත්රය යි. අනෙක නම්, වෛෂයික ආර්ථික දුෂ්කරතාවන් නිසා පමනක් නොව “ආර්ථික ප්‍රතිපත්තියේ බරපතල මූලික වැරදි” නිසා ද ආර්ථික තත්ත්වය ගැන කම්කරුවන් සහ ගොවි ජනතාව තුල හට ගත් අතෘප්තිය යි.
45. ගොස්ප්ලෑනය සහ සැලසුම්කරන මූලධර්මය පිලිබඳව 12 වන සම්මේලනයේ දී ඉදිරිපත් වූ යෝජනාව පසුබිමට තල්ලු කර දැමින. ආර්ථික ගැටලු පිලිබඳ තීන්දු, “මූලික සූදානමකින් තොරව සහ සැලසුම් කර ගත් අනුපිලිවෙලට පිටින්” එන්න එන්න ම දේශපාලන මන්ඩලයෙන් ගැනෙන තත්ත්වයක් ඇති විය. ජනසතු කරන ලද කර්මාන්ත සැලැස්මකට අනුව සංවර්ධනය කොට නොතිබුනු මුත් මූල්‍ය ප්‍රතිපත්තිවලට බිලි දී තිබින.
46. ඒ වන විට පැවති ප්‍රතිපත්ති මාලාව තුල අර්බුදය තර්කානුකූලව විසඳිය හැකි යන්ත්රනයක් තිබුනේ නැත.
ට්‍රොට්ස්කි මෙසේ ලිවී ය: “මිල අඩු කිරීමේ කමිටුවක් නිර්මානය කිරීම ගැන ම සලකා බලන්න. ඒ වනාහි සැලසුම්ගත සහ මෙහෙයුම්කාරක නියෝගවල අර්ථභාරය නොතකන ප්‍රතිපත්තියක්, එය යුද කොමියුනිස්ට්වාදයේ ශෛලියෙන් මිල ගනන් විධාන කිරීමට දරන ප්රයත්නයේ දී එම ප්‍රතිපත්තියෙන් ම හට ඞගන්නා නො වැලැක්විය හැකි ප්රතිඵලවල ශක්තිය යොදා ගනිමින් පවත්වා ගෙන යන ආකාරය පෙන්නුම් කරන ව්‍යක්ත සහ විනාශකාරී සංඥාවකි.” ඤ24% ප්‍රතිපත්තියේ ගමන් දිශාව පිලිබඳව කල අනතුරු හැඟවීම් නො සැලකූ දේශපාලන මන්ඩල නායකත්වය ට්‍රොට්ස්කි පෙලඹෙන්නේ පෞද්ගලික බලය අත් කර ගැනීම සඳහා වූ තල්ලුවෙන් යැයි දැඩිව කියා සිටියේ ය.
දේශපාලන මන්ඩලයේ බහුතරයට අනුව: “ට්‍රොට්ස්කි සහෝදරයාගේ සියලු නොමනාපකම්වල ද දැනට මත් වසර ගනනාවක් තිස්සේ මධ්‍යම කාරක සභාවට එරෙහිව අඛන්ඩව ඔහු එල්ල කර ඇති ප්රහාරයන්ගේ ද පක්ෂය අවුල් කිරීමට ඔහුට ඇති අධිෂ්ඨානයේ ද පදනමෙහි පවතින්නේ මධ්‍යම කාරක සභාව ලවා තමන් ... අපගේ කාර්මික ජීවිතයේ ප්රධානත්වයට ... පත් කරවා ගැනීමට ට්රොට්ස්කට පවතින වුවමනාව බව නො වලහා පක්ෂයට කිව යුතු යැයි අපි සලකමු.” ඤ25% “අපගේ ආර්ථික අර්බුදය ඇති වීම කෙරෙහි බලපෑ එක් වැදගත් හේතුවක් වන්නේ ඉහලින් එන නිවැරදි, නො වෙනස් වන නියෝග නොමැතිකම යැ”යි බහුතරය සමග තමන් ඇති කර ගත් ගැටුම්වල පසු ගිය ඉතිහාසය විස්තරාත්මකව ගෙන හැර පෑ සිය පිලිතුරේ දී ට්‍රොට්ස්කි යලි අවධාරනය කලේ ය. ඤ26% ට්‍රොට්ස්කිගේ ලිපියෙන් ක්ෂනික ඉකිබිත්තෙහි නිකුත් කෙරුනු 46 දෙනාගේ ප්රකාශනය ද ආර්ථික ප්‍රතිපත්තිය ගැන එම විවේචන ම ඉදිරිපත් කලේ ය.
“මේ තත්ත්වයට මග පෑදී ඇත්තේ හදිසි භාවයෙන්, නොසැලකිලිමත්කමෙන්, මධ්‍යම කාරක සභාවේ තීරනවල විධික්රමික භාවයක් නොතිබීමෙන් සහ ආර්ථික ක්ෂේත්රයේ දී නය වීමෙන් තොරව ජීවත් නොවීමෙනි; කාර්මික, කෘෂිකාර්මික, මූල්‍ය සහ ප්‍රවාහන ක්ෂේත්රවල දී රටේ ආර්ථිකය විපුල සාර්ථකත්වයන් අත් කර ගත්තේ නායකත්වයට ස්තුති වන්නට නො ව අසතුටුදායක නායකත්වයක් පවතිද්දී ය, නැත් නම් කිසි ම නායකත්වයක් නො පවතිද්දී ය යන්න ගැන කිසිදු සැකයක් නැත – අප මුහුන පා සිටින්නේ මෙම සාර්ථකත්වය ඇන හිටීම පමනක් නො ව බරපතල පොදු ආර්ථික අර්බුදයක් එලඹීම පිලිබඳ අපේක්ෂාවකට ය.” ඤ27% පක්ෂ නායකත්වය වාම විරුද්ධ පාර්ශ්වයට සමහර සහන ප්රදානය කල ද ඒවා වාචික සහන පමනක් විය.
1924 ජනවාරියෙහි පැවැත්වුනු 13 වන පක්ෂ සම්මේලනයේ දී විරුද්ධ පාර්ශ්වයට ගර්හා කෙරින. ඒ වසරේ ම මැයි මාසයෙහි පවත්වන ලද 13 වන පක්ෂ සමුලුවේ දී එය පරාජය කෙරින. ඔක්තෝබරයේ දී ට්‍රොට්ස්කි ඔක්තෝබරයේ පාඩම් ප්‍රකාශයට පත් කලේ ය, එය ඔහුට එරෙහිව රුදුරු ව්‍යාපාරයක් මතු වී ඒමට තුඩු දුන්නේ ය, ස්ටැලින් මුල් වරට තනි රටේ සමාජවාදය පිලිබඳ න්‍යාය එලිමහනට ගෙන ආවේ මේ ව්‍යාපාරයේ කොටසක් ලෙස ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස යුද කොමිසාර් ධුරයෙන් ඉල්ලා අස් වීමට ට්‍රොට්ස්කිට බල කෙරින. රෝගාතුර වී සුවය ලැබූ ඔහු 1925 මැයි මාසයේ දී සහන කමිටුවේ වැඩ භාර ගත්තේ ය. සෝවියට් ආර්ථිකය මුහුන දෙන ප්‍රශ්න ද ලෝක වෙලඳ පොල සමග ඊට පවතින සබඳතා ද විමසා බැලීමට ඔහු වඩා බැරෑරුම් ලෙස හැරී ගත්තේ එහි දී ය.
සමාප්තයි සටහන්: 13. ඍදඉැරඑ ෘ්බසැකිල ඔයැ ක්දබිජසැබජැ දf එයැ ඍැඩදකමඑසදබ (රොබට් ඩැනියෙල්ස්, “විප්ලවයේ හෘදයසාක්ෂිය”)ල ්ය්රඩ්රා ඹබසඩැරිසඑහ ඡරුිල 1965ල 121 පි.
14. ෂි්ජ ෘැමඑිජයැරල ඔරදඑිනහ (අයිසැක් ඩොයිෂ්චර්, “ට්‍රොට්ස්කි”), 1 වන වෙලුම, ධංදෙරා ඹබසඩැරිසඑහ ඡරුිල 1970ල 499 පි.
15. ෘ්බසැකිල 124 පි.
16. ඔරදඑිනහල ඵහ ඛසfැ (ට්‍රොට්ස්කි, “මගේ ජීවිතය”) ඡැබටමසබල 1988ල 482-83 පිටු.
17. ෘ්හල ,ඔරදඑිනහ ්බා ඡරුදඉර්‘යැබිනහ, (ඩේ, “ ට්‍රොට්ස්කි සහ ප්රියෝබ්රෙෂෙන්ස්කි”), 65 පි.
18. ෘැමඑිජයැරල ඔරදඑිනහ (ඩොයිෂ්චර්, “ට්‍රොට්ස්කි”), 2 වන වෙලුම, 42 පි.
19. ෘැමඑිජයැරල ඔරදඑිනහ (ඩොයිෂ්චර්, “ට්‍රොට්ස්කි”), 2 වන වෙලුම, 68 පි.
20. ෑග්යග ක්්රරල ඔයැ ්‍යසිඑදරහ දf ීදඩසැඑ ඍමිස් (ඊ.එච්.
කාර්, “සෝවියට් රුසියාවේ ඉතිහාසය”), 4 වන වෙලුම, ඡැබටමසබල 1969ල 11 පි.
21. ෘ්බසැකිල 202-203 පිටු.
22. ෘ්හල 82 පි.
23. ෘ්හල 87 පි.
24. ක්්රරල 105-106 පිටු.
25. ෘ්බසැකිල 217 පි.
26. ක්්රරල 106 පි.
27. ෘ්බසැකිල 218 පි.
[මෙය 1920 මැයි 05 වැනි දින “Socialism in One Country” and the Soviet economic debates of the 1920s—Part 2 යන මැයෙන් පල වූ ලිපියේ සිංහල පරිවර්තනයයි.]